ඇසින් දෙමාපියන් බිය වද්දමින් පොලීසිය අනීතිකව කටයුතු කරමින් සිටින්නේ යැයි අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.
නැති බිල්ලන් මවන පොලීසිය
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ සේනක පෙරේරා නීතිඥවරයා විසින් එම අධිකාරියේ සභාපති වෙත මැයි 29 දින ලිඛිතව යොමු කොට තිබෙන එම පැමිණිල්ලේ දැක්වෙන්නේ සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරින් දෙදෙනෙක් පසුගිය 26 වන දින මරණකරුගේ නිවසට පැමිණ T 56 අවියක් පිළිබඳව විමසමින් ඒ පිළිබඳව පියා ගෙන් කට උත්තරයක් ගැනීමට අවශ්‍යව ඇති බව මිය ගිය ටීෂාන්ගේ සහෝදරයා හා කියා ඇති බවකි.
මහේස්ත්‍රාත් පරීක්ෂණයේ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනා වන මිය ගිය ටීෂාන්ගේ මව සහ පියා බියට පත් කොට සිද්ධිය යටපත් කිරීමේ අරමුණින් පොලීසිය මෙසේ කටයුතු කරන බවයි නීතිඥ පෙරේරා ඔහුගේ ලිපියේ දක්වා ඇත්තේ.
" තම පුතාගේ මරණය සම්බන්ධයෙන් වැලිකන්ද පොලීසියට චෝදනාවක් එල්ල වී ඇති අවස්ථාවක එම පොලිසියේම නිලධාරින් මෙසේ කිසිදු පදනමක් නොමැතිව සිදු කරන බිය වැද්දවීම් නිසා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින AR /73/25 නඩුවේ සාක්ෂිකරුවන් දෙදෙනෙකු වන ජී.ඒ.කේ තිලකසිරි සහ එච්.එම් දමයන්ති පත්මිණි යන අයවලුන් සාක්ෂි ලබා දීමේදි විශාල අගතියකට සහ බලපෑමකට ලක්වීමේ අනතුරක් පවති" යනුවෙන් අදාල ලිපියෙහි දැක්වේ.
'මනතුංග සර්' ඉහළට ගියාම සලකයි
වෙඩි තබා මරා දැමුණු ටීෂාන් පදිංචිව සිටි වැලිකන්ද , කන්දකාඩුව ගම්මානයේ පවුල් 70 ක් පමණ ජීවත් වන බවත්, එසේ තිබියදි පොලිසිය සාක්ෂිකරුවන්ගේ නිවසට පමණක් පැමිණ මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව පැවසෙන T 56 ගිනි අවියක් පිළිබඳව ප්‍රශ්න කිරීම බරපතල සැකයට තුඩු දෙන්නක් බවත් පවසන නීතිඥ සේනක පෙරේරා, පොලීසියේ ක්‍රියාකලාපය දෙස බැලීමේදී සාක්ෂිකරුවන් බියට පත් කිරීමේ උත්සාහයක් තිබෙන බව පෙන්නුම් කෙරෙන්නේ යැයි පවසයි.
මිය ගිය ටීෂාන්ගේ නිවසට මෙයට පෙර කිහිප අවස්ථාවකත් පොලිසිය පැමිණ විවිධාකාරයේ යෝජනා සහ බලපෑම් සහගත ප්‍රකාශ කොට ඇති බවත්, පොලොන්නරුව දිසා භාර ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි බුද්ධික මනතුංග ඉදිරියේදී ඉහළ නිලයකට පත් වීමට නියමිතව ඇති බැවින් සිද්ධිය සමථයකට පත්කරගැනීම සඳහා යෝජනා කොට ඇති බවත් ලිපියෙහි වැඩිදුරටත් දැක්වේ.
සාක්ෂිකරුවන්ට බලපෑම්
ජේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පසුගිය සෑම සාක්ෂි විමසීම් වාරයකදීම වින්දිත පාර්ශවයේ නීතිඥවරුන්ට සහ ඝාතනය කෙරුනු ටිෂාන්ගේ දෙමාපියන්ට අගතියක් සිදුවන ආකාරයෙන් කටයුතු කළ බවටද චෝදනා එල්ල වුණි.
ඝාතනයට චෝදනා ලබන පොලිසියේ නිලධාරීන් හේතු රහිතව වරින් වර සිය නිවසට පැමිණ දෙමාපියන්ගෙන් කරුණු විමසීම මේ වන විට මානසිකව දැඩි බලපෑමක් එල්ල කෙරුනු දෙයක් වී ඇතැයි මරා දමනු ලැබූ ටිෂාන්ගේ සොයුරු ජී.ඒ.කේ දිල්ෂාන් පවසයි.
" මේක අපිට හරිම වදයක්. නඩුවේ සාක්ෂි ගන්න ලං වෙද්දි පොලිසිය ගෙදරට එනවා. තාත්තා ඉන්නවද අහනවා. අයියා ගැන එක එක දේ කියනවා. අම්මයි තාත්තායි හරියට බය වෙලා ඉන්නේ. සාක්ෂි ගන්න එකත් දවසින් දවස කල් යනවා. අයියව මරපු අයට දඬුවමක් ලැබෙන එක තියා ඒ වෙනුවෙන් සාධාරණ පරික්ෂණයක් වෙයිද කියන එකත් දැන් නම් අපිට සැකයි. මොකද පොලිසිය එච්චරකට අපිට බලපෑම් කරනවා," යනුවෙන් දිල්ෂාන් කීය.
පොලොන්නරුව පොලිස් යතුරු පැදි කොට්ඨාශයේ සහ වැලිකන්ද පොලිසියෙත් , පොලොන්නරුව ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි බුද්ධික මනතුංග ගෙත් අනීතික ක්‍රියාකලාපය ට එරෙහිව අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරි පනතේ ප්‍රතිපාදනයන් මත වහාම ක්‍රියාත්මක වන්නැයි වින්දිත පාර්ශවයේ නීතිඥ සේනක පෙරේරා ඉල්ලා සිටි.
වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි ජී ඒ කේ ටිෂාන් මරණයට පත්වී ඇත්තේ හෘදය වස්තුවට ඇතුල්වූ උණ්ඩයකින් බව පොලොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ලසන්ත එස් කේ ද සිල්වා ජනවාරි 13 දා පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.




