The Leader News
BREAKING
Top Ad
පුවත්

දිට්වා කුණාටු වන්දි ප්‍රමාදයට වැවිලි ඇමති සමන්ත විද්‍යාරත්න නිලධාරීන්ට දොස් පවරයි

T

The Leader Desk

June 1, 2026 • 4:47 AM

දිට්වා කුණාටු වන්දි ප්‍රමාදයට වැවිලි ඇමති සමන්ත විද්‍යාරත්න නිලධාරීන්ට දොස් පවරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් වූ ඌවපරණගම, උමා ඇළ මහා වාරි ඇළ ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතු (රුපියල් මිලියන 228.6ක වියදමින්) ආරම්භ කිරීමේ නිල උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
  • ව්‍යසනය සිදුවී මාස 6කට ආසන්න කාලයක් ගතවී ඇතත්, ඇතැම් පොදු දේපළ සඳහා නිසි තක්සේරු වාර්තා හෝ ඇස්තමේන්තු සකස් කිරීමට නිලධාරීන් අපොහොසත් වී ඇති බව ඔහු එහිදී පැවසිය.
  • අයිතිකරුවන් නැති පොදු දේපළ තම ප්‍රකාශය තහවුරු කිරීම සඳහා අමාත්‍යවරයා නිශ්චිත උදාහරණ දෙකක් පෙන්වා දුන්නේය.
  • ඊට හේතුව විමසූ විට එම බස් නැවතුම්පොළේ අයිතිය සහ වගකීම කාගේදැයි නිලධාරීන් දැන නොසිටි බවත්, අවසානයේ තමන් මැදිහත් වී එහි හිමිකාරිත්වය සොයා දුන් බවත් ඇමතිවරයා පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් වූ ඌවපරණගම, උමා ඇළ මහා වාරි ඇළ ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතු (රුපියල් මිලියන 228.6ක වියදමින්) ආරම්භ කිරීමේ නිල උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

ව්‍යසනය සිදුවී මාස 6කට ආසන්න කාලයක් ගතවී ඇතත්, ඇතැම් පොදු දේපළ සඳහා නිසි තක්සේරු වාර්තා හෝ ඇස්තමේන්තු සකස් කිරීමට නිලධාරීන් අපොහොසත් වී ඇති බව ඔහු එහිදී පැවසිය..

අයිතිකරුවන් නැති පොදු දේපළ

තම ප්‍රකාශය තහවුරු කිරීම සඳහා අමාත්‍යවරයා නිශ්චිත උදාහරණ දෙකක් පෙන්වා දුන්නේය. ලෝකයම දන්නා ඌවපරණගම මස්පන්න බස් නැවතුම්පොළ පස් කන්දකට යටවී බස් රථ පවා යටවීමේ මහා විනාශයක් සිදු වුවද, නිලධාරීන් මෙතෙක් ඒ සඳහා ඇස්තමේන්තු සකසා නැත. ඊට හේතුව විමසූ විට එම බස් නැවතුම්පොළේ අයිතිය සහ වගකීම කාගේදැයි නිලධාරීන් දැන නොසිටි බවත්, අවසානයේ තමන් මැදිහත් වී එහි හිමිකාරිත්වය සොයා දුන් බවත් ඇමතිවරයා පැවසීය.

එමෙන්ම, මැයි 24 වනදා තමන් හාලිඇළ සහ ඌවපරණගම යා කෙරෙන ඓතිහාසික හලාඹේ (හලාබ) පාලම නිරීක්ෂණයට ගිය අවස්ථාවේදී ද මෙවැනිම තත්ත්වයකට මුහුණ දීමට සිදු වූ බව ඔහු සඳහන් කළේය. පාලමේ පැති බැම්ම පුපුරා ලෑලි දිරාපත් වී තිබුණද, දිට්වා ප්‍රතිසංස්කරණ ලැයිස්තුවට එය ඇතුළත් කර නොතිබූ අතර, එහිදී ද නිලධාරීන් පාලමේ අයිතිකරු කවුදැයි නොදැන එකිනෙකාට ඇමතුම් ලබා දෙමින් සිටි බව අමාත්‍යවරයා අනාවරණය කළේය.

රුපියල් බිලියන 500න් වියදම් කර ඇත්තේ 168යි

ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රජය රුපියල් බිලියන 500ක දැවැන්ත මුදලක් වෙන්කර තිබුණද, මේ දක්වා ඉන් වියදම් කර ඇත්තේ රුපියල් බිලියන 168ක් වැනි සුළු මුදලක් බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.

මෙම වසර තුළ වෙන් කළ ප්‍රතිපාදන නිසි ලෙස උපයෝගී කර නොගතහොත් ලබන වසරේදී එම මුදල් නැවත ලබා ගැනීම අපහසු වන බවත්, ලෝකයට හැමදාමත් 'දිට්වා' කුණාටුව ගැන පවසමින් සිටිය නොහැකි බවත් ඔහු සිහිපත් කළේය.

රාජ්‍ය නිලධාරීන්ගේ මෙම ප්‍රමාදයන් නිසා මහජනතාව දොස් පවරන්නේ වත්මන් රජයට බව පෙන්වා දුන් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, දේශපාලන අධිකාරිය ලෙස මුදල් වෙන්කර දීමේ වගකීම තමන් ඉටුකර ඇති බැවින්, කඩිනමින් ඇස්තමේන්තු සකසා ඉතිරි වැඩකටයුතු නිම කිරීමට නිලධාරීන් වහාම ක්‍රියා කළ යුතු බවත්, ඒ සඳහා ජනතාවගේ ද උනන්දුව සහ සහාය අවශ්‍ය බවත් වැඩිදුරටත් කියා සිටියේය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...