The Leader News
BREAKING
Top Ad
පුවත්

ජනාධිපති හා අධිකරණ නිලධාරීන් අතර අද විශේෂ හමුවක් - විනිසුරු ‘විශ්‍රාම සේවා දිගුව’ට දැඩි විරෝධයක් !

T

The Leader Desk

June 1, 2026 • 5:36 AM

ජනාධිපති හා අධිකරණ නිලධාරීන් අතර අද විශේෂ හමුවක් - විනිසුරු ‘විශ්‍රාම සේවා දිගුව’ට දැඩි විරෝධයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධිකරණ නිලධාරින්ගේ සංගමය ජනාධිපතිවරයා හමුවීමට බලාපොරොත්තු වන්නේ සිය වැටුප් හා දීමනා ඇතුළු වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බව වාර්තා වෙයි.
  • අධිකරණ සේවා කොමිෂන් සභාවට අයත් කාර්යභාරය වන්නේ මහාධිකරණය ඇතුළු පහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ පත්කිරීම්, උසස්කිරීම්, ස්ථානමාරු, විනය පාලනය හා සේවයෙන් පහකිරීම ආදියයි.
  • ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊළඟ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් දෙදෙනා එහි අනෙක් සාමාජිකයන් ලෙස ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබිය යුතුය.
  • පසුගිය දීර්ඝ කාලයක් තිස්සේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජික තනතුරක් හිස්ව පැවති අතර, ඒ පිළිබඳව අධිකරණ හා නීති ක්ෂේත්‍රයෙන් පැනනැගුණු දැඩි විවේචනය නිසා, ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු යසන්ත කෝදාගොඩ පසුගිය සතියේ සාමාජිකයකු ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.
අකුරු ප්‍රමාණය (Font Size):


අධිකරණ නිලධාරින්ගේ සංගමය ජනාධිපතිවරයා හමුවීමට බලාපොරොත්තු වන්නේ සිය වැටුප් හා දීමනා ඇතුළු වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බව වාර්තා වෙයි.

අධිකරණ නිලධාරින්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති, කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වෙති.

අධිකරණ නිලධාරින්ගේ සංගමය යනු, මහාධිකරණ, දිසා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ ඇතුළු අධිකරණවල විනිසුරුවරුන්ගේ වෘත්තීය සංවිධානයයි.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න ද අල්විස් ද මෙම රැස්වීමට සහභාගි වීමට නියමිතය.

අධිකරණ සේවා කොමිෂන් සභාවට අයත් කාර්යභාරය වන්නේ මහාධිකරණය ඇතුළු පහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ පත්කිරීම්, උසස්කිරීම්, ස්ථානමාරු, විනය පාලනය හා සේවයෙන් පහකිරීම ආදියයි. නිල බලයෙන් එහි සභාපතිවරයා වන්නේ අගවිනිසුරුවරයායි. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊළඟ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් දෙදෙනා එහි අනෙක් සාමාජිකයන් ලෙස ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබිය යුතුය.

පසුගිය දීර්ඝ කාලයක් තිස්සේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජික තනතුරක් හිස්ව පැවති අතර, ඒ පිළිබඳව අධිකරණ හා නීති ක්ෂේත්‍රයෙන් පැනනැගුණු දැඩි විවේචනය නිසා, ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු යසන්ත කෝදාගොඩ පසුගිය සතියේ සාමාජිකයකු ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.

අද රැස්වීමේදී ඉදිරිපත් වීමට නියමිත ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව, සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කෙරෙන යෝජනාවක් ලෙස ‘යහපත් මුහුණුවරකින්’ ඉදිරිපත් වීමට නියමිත වුණත්, එහි මූලික අරමුණ, වත්මන් අගවිනිසුරුවරයා තවත් වසර දෙකක් ධුරයේ තබාගැනීමට ජනාධිපතිවරයා හා ආණ්ඩුවට තිබෙන වුවමනාව බවද වැඩිදුරටත් වාර්තා වෙයි. මෙවැනි සේවා දීර්ඝයක් නොලැබුණොත්, වර්තමාන අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, එළඹෙන දෙසැම්බරයේදී විශ්‍රාම ගැනීමට නියමිතය.

තමන්ට අවශ්‍ය විනිසුරුවරුන් තමන් කැමති කාලයක් ධුරයේ තබාගැනීමට ජනාධිපතිවරයා හා ආණ්ඩුව දරන උත්සාහයට මේ වන විට නීති හා අධිකරණ ක්ෂේත්‍රයේ දැඩි විවේචනයක් හා විරෝධයක් එල්ල වී තිබේ. මෙය අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් නිසැකවම වැරදි පූර්වාදර්ශයක් වන බව නීති ක්ෂේත්‍රයේ මෙන්ම අධිකරණ ක්ෂේත්‍රයේද ප්‍රවීණයන්ගේ මතයයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකුගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 65ක් වන අතර, අභියාචනාධිකරණ විනිසුරුවරයකුගේ එම වයස අවුරුදු 63කි. මේ සීමාව දිගු කිරීමට නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු වෙයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...