ඊයේ (31) නුගේගොඩදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ, වත්මන් රජය බාල ගල් අඟුරු මෙරටට ගෙන්වීම නිසා සිදුවූ පාඩුව පියවා ගැනීමට සහ විදුලිය උත්පාදනය වෙනුවෙන් දිනකට අතිරේකව තෙල් ලීටර් ලක්ෂ ගණනාවක් දහනය කිරීමට සිදුව ඇති බවයි. මේ හේතුවෙන් ලෝකයේ වැඩිම මිලකට තෙල් මිලදී ගැනීමට මෙරට ජනතාවට සිදුව ඇති බවත්, පාලකයින්ගේ වැරදිවලට වන්දි ගෙවන්නේ අසරණ ජනතාව බවත් ඔහු පැවසිය.
"දැන් අලුත්ම ගල් අඟුරු නැවත් රිජෙක්ට් වෙලා කියනවා. මේවා දැක්කාම කියන්න තියෙන්නේ මුන්ට වැඩ බෑ කියලයි. හැබැයි මේ හොරකම් සහ වංචා ගැන කතා කරද්දී ඊළඟ දවසේ මාව CID එකට කැඳවාවි" යැයිද මන්ත්‍රීවරයා උපහාසාත්මකව පැවසීය.
''මාලිමාවේ 159 ටම මම උසාවියට ආරාධනා කරනවා''
අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට චෝදනා කළ නාමල් රාජපක්ෂ, ජනාධිපතිවරයා වේදිකාවල සිට නඩු තීන්දු දෙන බවත්, එබැවින් ඉදිරි නඩු දිනයේදී තමන් පාර්ලිමේන්තුවේ කතා කරන විට වටකර ගන්නා මාලිමාවේ මන්ත්‍රීවරුන් 159 දෙනාටම උසාවියට පැමිණ සැබෑ තත්ත්වය බලාගන්නා ලෙසත් අභියෝග කළේය.
එමෙන්ම, පළාත් සභාවල බලය සහ මුදල් ජනතා නියෝජිතයන්ට නොදී ජනාධිපතිවරයාගේ දේශපාලන නියෝජිතයන් නව දෙනෙකුට (ආණ්ඩුකාරවරුන්ට) ලබා දී ඇති බවත්, වගකීම් විරහිත පාලනය නිසා ඔවුන්ද දැන් එකා පිට එකා ඉල්ලා අස්වෙමින් සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ආණ්ඩුවේ කාලය මැතිවරණ කොමිසම සහ ජනතාව තීරණය කරනු ඇති බවත්, එතෙක් ආණ්ඩුව පුටුවේ තබාගෙන ජනතාව වෙනුවෙන් වැඩ ගැනීම සහ ඔවුන්ගේ වැරදි පෙන්වා දීම තමන් දිගටම සිදුකරන බවත් නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.




