The Leader News
BREAKING
Top Ad
පුවත්

කෝටිපතියන් පිනවන ආණ්ඩුවේ 'මගඩි' ගැන ජී.එල්. ගෙන් දැඩි විවේචනයක්!

T

The Leader Desk

June 1, 2026 • 3:58 PM

 කෝටිපතියන් පිනවන ආණ්ඩුවේ 'මගඩි' ගැන ජී.එල්. ගෙන් දැඩි විවේචනයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේදී අද (1) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
  • පීරිස් පෙන්වා දුන්නේ වත්මන් ආර්ථික අර්බුදයට මැදපෙරදිග යුද්ධය පමණක් නොව, රාජ්‍ය මුදල් මහා පරිමාණයෙන් වංචා කිරීම සහ කාබාසිනියා කිරීම ප්‍රධාන හේතුවක් වී ඇති බවයි.
  • ගල්අඟුරු වංචාවෙන් රුපියල් ලක්ෂ විසිදෙදහසක්, මහා භාණ්ඩාගාරයෙන් හොර ගිණුමකට මුදල් යැවීමෙන් ලක්ෂ අටදහස් අටසියයක්, අස්වැසුම අක්‍රමිකතාවලින් ලක්ෂ දෙදහස් හාරසිය අසූවක් සහ ජාතික සංවර්ධන බැංකු මගඩියෙන් ලක්ෂ එක්ලක්ෂ හතළිස්දහසක් ආදී වශයෙන් රටේ ධනය විනාශ කර ඇති බව ඔහු අනාවරණය කළේය.
  • "රටේ ජනතාව දවසට වේල් දෙකක් කන්න නැතුව දුක් විඳිද්දී, බ්‍රිතාන්‍ය රජ පවුල සහ මැදපෙරදිග ෂීක්වරුන් පාවිච්චි කරන, මුළු ලෝකයටම 25ක් පමණක් නිපදවන සුපිරි වාහන සහ හෙලිකොප්ටර් ආනයනය කරන්න කෝටිපතියන්ට ඩොලර් ලබා දෙන්න ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේදී අද (1) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

පාඨලී චම්පික රණවක, දොස්තර රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක සහ ගෝබී ලෝගනාදන් යන දේශපාලනඥයින්ගේ සහභාගිත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ ජී.එල්. පීරිස් පෙන්වා දුන්නේ වත්මන් ආර්ථික අර්බුදයට මැදපෙරදිග යුද්ධය පමණක් නොව, රාජ්‍ය මුදල් මහා පරිමාණයෙන් වංචා කිරීම සහ කාබාසිනියා කිරීම ප්‍රධාන හේතුවක් වී ඇති බවයි.

 ගල්අඟුරු වංචාවෙන් රුපියල් ලක්ෂ විසිදෙදහසක්, මහා භාණ්ඩාගාරයෙන් හොර ගිණුමකට මුදල් යැවීමෙන් ලක්ෂ අටදහස් අටසියයක්, අස්වැසුම අක්‍රමිකතාවලින් ලක්ෂ දෙදහස් හාරසිය අසූවක් සහ ජාතික සංවර්ධන බැංකු මගඩියෙන් ලක්ෂ එක්ලක්ෂ හතළිස්දහසක් ආදී වශයෙන් රටේ ධනය විනාශ කර ඇති බව ඔහු අනාවරණය කළේය.

 

"රටේ ජනතාව දවසට වේල් දෙකක් කන්න නැතුව දුක් විඳිද්දී, බ්‍රිතාන්‍ය රජ පවුල සහ මැදපෙරදිග ෂීක්වරුන් පාවිච්චි කරන, මුළු ලෝකයටම 25ක් පමණක් නිපදවන සුපිරි වාහන සහ හෙලිකොප්ටර් ආනයනය කරන්න කෝටිපතියන්ට ඩොලර් ලබා දෙන්න ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා. අත්‍යවශ්‍ය කෑම බීම ගන්න තියෙන ඩොලර් ටිකයි මේ විදිහට නාස්ති කරන්නේ," යැයි මහාචාර්ය පීරිස් චෝදනා කළේය.

එමෙන්ම වාහන ආනයන අධිබාරය පැනවීමට දින කිහිපයකට පෙර, රජයට හිතවත් ව්‍යාපාරිකයන් එම තොරතුරු උපයෝගී කරගනිමින් අසාමාන්‍ය ලෙස ණයවර ලිපි (LC) විවෘත කර කෝටි ගණන් උපයා ඇති බවට ද ඔහු සැක පළ කළේය.

අවසාන වශයෙන් ජී.එල්. පීරිස් කියා සිටියේ IMF ආයතනය යනු පුණ්‍යායතනයක් නොව බැංකුවක් බවත්, පසුගියදා ලබාදුන් ඩොලර් මිලියන 695ක ණය මුදල පොලී ද සහිතව ගෙවීමට සිදු වන්නේ රටේ පොදු ජනතාවට බැවින්, එම මුදල් පුද්ගලයන්ගේ සාක්කුවලට නොගොස් රටේ සංවර්ධනයට සහ ශුභසාධනයට යොදවන්නේදැයි සොයා බැලීමේ පැහැදිලි වගකීමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ද පවතින බවයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කෝටිපතියන් පිනවන ආණ්ඩුවේ 'මගඩි' ගැන ජී.එල්. ගෙන් දැඩි විවේචනයක්! | The Leader