The Leader News
BREAKING
Top Ad
පුවත්

'පනින රිළවුන්ට' වැට බඳින පක්ෂ මාරු තහනම් පනත ලෑස්තියි! - විපක්ෂයෙනුත් කොළ එළියක්!

T

The Leader Desk

June 1, 2026 • 4:49 PM

 'පනින රිළවුන්ට' වැට බඳින පක්ෂ මාරු තහනම් පනත ලෑස්තියි! - විපක්ෂයෙනුත් කොළ එළියක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර තහවුරු කරන්නේ මහජන ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරයෙකු වෙනත් පක්ෂයකට මාරු වූ සැනින් ඔහුගේ මන්ත්‍රී ධුරය සෘජුවම අහෝසි වන පරිදි නීතිමය ප්‍රතිපාදන සකස් වෙමින් පවතින බවයි.
  • මීට පෙර ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ද අවධාරණය කළේ ජනතාව ලබාදෙන ඡන්දය තම පෞද්ගලික ලාභ ප්‍රයෝජන තකා විකුණාන මන්ත්‍රීවරුන්ට එරෙහිව මෙම පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
  • දශක ගණනාවක් තිස්සේ ලංකාවේ ආණ්ඩු පෙරළීමට සහ බලය රැක ගැනීමට මන්ත්‍රීවරුන් කළ 'පිල් මාරු සෙල්ලම' නිසා ජනතාව තුළ දේශපාලනය කෙරෙහි පැවති විශ්වාසය මුළුමනින්ම බිඳ වැටී තිබුණි.
  • ආණ්ඩුව පෙන්වා දෙන්නේ ජනවරමේ පරමාධිපත්‍ය සුරැකීමට නම් මෙම දැඩි නීතිමය ප්‍රතිසංස්කරණය අත්‍යවශ්‍ය බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර තහවුරු කරන්නේ මහජන ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරයෙකු වෙනත් පක්ෂයකට මාරු වූ සැනින් ඔහුගේ මන්ත්‍රී ධුරය සෘජුවම අහෝසි වන පරිදි නීතිමය ප්‍රතිපාදන සකස් වෙමින් පවතින බවයි.


ජනවරමට පිටුපෑමේ 'ඩීල්' දේශපාලනයට රතු එළි!

මීට පෙර ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ද අවධාරණය කළේ ජනතාව ලබාදෙන ඡන්දය තම පෞද්ගලික ලාභ ප්‍රයෝජන තකා විකුණාන මන්ත්‍රීවරුන්ට එරෙහිව මෙම පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

දශක ගණනාවක් තිස්සේ ලංකාවේ ආණ්ඩු පෙරළීමට සහ බලය රැක ගැනීමට මන්ත්‍රීවරුන් කළ 'පිල් මාරු සෙල්ලම' නිසා ජනතාව තුළ දේශපාලනය කෙරෙහි පැවති විශ්වාසය මුළුමනින්ම බිඳ වැටී තිබුණි. ආණ්ඩුව පෙන්වා දෙන්නේ ජනවරමේ පරමාධිපත්‍ය සුරැකීමට නම් මෙම දැඩි නීතිමය ප්‍රතිසංස්කරණය අත්‍යවශ්‍ය බවයි.


නාමල්ගෙනුත් සහය පළවේ

මෙම දේශපාලන සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ, පක්ෂ මාරු කළොත් මන්ත්‍රී ධුරය අහෝසි කෙරෙන පනත පාර්ලිමේන්තුවට ගෙන ඒම ඉතා යහපත් පියවරක් වන බැවින් ඒ සඳහා තම පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.

කෙසේ වෙතත්, මෙම පනත සම්මත වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ මන්ත්‍රීවරයෙකුට පවතින පෞද්ගලික මත ප්‍රකාශ කිරීමේ අයිතිය සහ පක්ෂ විනය අතර තුලනය පවත්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඉදිරියේදී නීතිමය හා දේශපාලන වේදිකාවේ දැඩි කතිකාවතක් නිර්මාණය වීම වැළැක්විය නොහැක.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'පනින රිළවුන්ට' වැට බඳින පක්ෂ මාරු තහනම් පනත ලෑස්තියි! - විපක්ෂයෙනුත් කොළ එළියක්! | The Leader