මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම තීරණය ගනු ලැබීය.
2014 වසරේ විල්පත්තුව ප්‍රදේශයේ නැවත පදිංචි කිරීම් පිළිබඳව කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මෙම නඩුවට පාදක වී ඇත.
වීඩියෝ සාක්ෂි සහ මොරටුව විශ්වවිද්‍යාල වාර්තාව
නඩුවේ පූර්ව පරීක්ෂණ සම්මන්ත්‍රණයේදී රජයේ නීතිඥවරයා ප්‍රකාශ කළේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති වීඩියෝ දර්ශන ඇතුළත් සංයුක්ත තැටි (CD) මහාධිකරණයට කැඳවා සාක්ෂි මෙහෙයවීමට බලාපොරොත්තු වන බවයි.
මේ අතර, මොරටුව විශ්වවිද්‍යාලය මඟින් නිකුත් කළ වෝහාරික පරීක්ෂණ වාර්තාවේ පිටපත් තමන්ට මෙතෙක් ලැබී නැති බව විත්තියේ නීතිඥවරුන් පෙන්වා දුන් අතර, එම පිටපත් වහාම විත්තියට ලබා දෙන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.
"කෙටියෙන් අවසන් කරගන්න" විත්තියෙන් ඉල්ලීමක්!
මෙහිදී සුවිශේෂී හැරවුමක් සනිටුහන් කරමින් විත්තිකාර ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසෝක වීරසූරිය සඳහන් කළේ, වසර 12කටත් වඩා පැරණි මෙම සිදුවීමට අදාළ නඩුව "කෙටියෙන් අවසන් කර ගැනීමට" සිය සේවාදායකයා අපේක්ෂා කරන බවයි.
ඒ පිළිබඳව නීතිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.
එහිදී විනිසුරුවරයා පෙන්වා දුන්නේ චෝදනාවලට වරද පිළිගෙන නඩුව අවසන් කිරීමට විත්තිකරුට හැකියාව ඇති මුත්, ඊට අධිකරණය මැදිහත් නොවන බවයි.




