The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
පුවත්

ධනය, බලය ඇති අයටත් නීතිය එක හා සමානයි! රඛිත සහ සජබ චරිත් අත්අඩංගුවට ගැනීම ගැන අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

T

The Leader Desk

June 25, 2026 • 4:14 PM

ධනය, බලය ඇති අයටත් නීතිය එක හා සමානයි! රඛිත සහ සජබ චරිත් අත්අඩංගුවට ගැනීම ගැන අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සටන් කිරීම පිළිබඳව ආණ්ඩු පක්ෂය විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කල් තැබීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
  • අල්ලස් කොමිසම විසින් අද දින සිදුකළ ප්‍රධාන පෙළේ අත්අඩංගුවට ගැනීම් ද්විත්වය වන හිටපු අධිකරණ ඇමතිවරයාගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ සහ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ ගේ සිදුවීම සෘජුවම ආදර්ශයට ගනිමින් අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදුකළේය.
  • පාතාල කල්ලි සාමාජික නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ සමඟ අල්ලස් ගනිමින් සබඳතා පැවැත්වූ "ටයිකෝට් ඇඳි" පුද්ගලයන්ට ද මෙලෙස නීතිය ක්‍රියාත්මක කර ඇති බවත්, අදාළ ආසන සංවිධායකවරයා සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ගන්නා විනය ක්‍රියාමාර්ග දෙස රජය බලා සිටින බවත් ඔහු කියා සිටියේය.
  • විනිසුරුවරුන් පත් කිරීමේ නිදහස: ඉතිහාසයේ පැවති ක්‍රමවේදයන් මෙන් නොව, වත්මන් රජය යටතේ පහළ අධිකරණයේ සිට ඉහළ අධිකරණ දක්වා විනිසුරුවරුන් පත් කිරීමේ සහ පුරප්පාඩු පිරවීමේ පූර්ණ නිදහස අග්‍රවිනිශ්චයකාරවරයා වෙත පවරා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) මාස දෙකක් ඇතුළත අහෝසි කරන බවට යළිත් සහතිකයක්

"පක්ෂයක් ලෙස මරණ දඬුවමට එකඟ නැහැ" - මත්ද්‍රව්‍ය වැටලීම්වලින් කිලෝ 23,692ක් අත්අඩංගුවට

මෙතෙක් කාලයක් රටේ ධනය සහ බලය තිබූ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක නොවූ වටපිටාව වෙනස් කරමින් වත්මන් රජය යටතේ නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන වන පරිදි කටයුතු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර අද (25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සටන් කිරීම පිළිබඳව ආණ්ඩු පක්ෂය විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කල් තැබීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අල්ලස් කොමිසම විසින් අද දින සිදුකළ ප්‍රධාන පෙළේ අත්අඩංගුවට ගැනීම් ද්විත්වය වන හිටපු අධිකරණ ඇමතිවරයාගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ සහ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ ගේ සිදුවීම සෘජුවම ආදර්ශයට ගනිමින් අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදුකළේය.

පාතාල කල්ලි සාමාජික නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ සමඟ අල්ලස් ගනිමින් සබඳතා පැවැත්වූ "ටයිකෝට් ඇඳි" පුද්ගලයන්ට ද මෙලෙස නීතිය ක්‍රියාත්මක කර ඇති බවත්, අදාළ ආසන සංවිධායකවරයා සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ගන්නා විනය ක්‍රියාමාර්ග දෙස රජය බලා සිටින බවත් ඔහු කියා සිටියේය.

අධිකරණ අමාත්‍යවරයා අනාවරණය කළ ප්‍රධාන කරුණු

PTA පනත මාස දෙකකින් අහෝසි කිරීම:
1979 වසරේ සිට පැවති ආණ්ඩු ප්‍රකාශ කළ ද ක්‍රියාත්මක නොකළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඉදිරි මාස දෙක ඇතුළත මුළුමනින්ම අහෝසි කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති අතර, ඉතා පරිස්සමෙන් සහ විධිමත්ව නව නීති සකස් කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතී.

විනිසුරුවරුන් පත් කිරීමේ නිදහස:
ඉතිහාසයේ පැවති ක්‍රමවේදයන් මෙන් නොව, වත්මන් රජය යටතේ පහළ අධිකරණයේ සිට ඉහළ අධිකරණ දක්වා විනිසුරුවරුන් පත් කිරීමේ සහ පුරප්පාඩු පිරවීමේ පූර්ණ නිදහස අග්‍රවිනිශ්චයකාරවරයා වෙත පවරා ඇත. එසේම මීට පෙර සතියකට දින කිහිපයක් පමණක් නඩු විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය දැන් සතියේ දින 5 පුරාම නඩු විභාග කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

මත්ද්‍රව්‍ය මර්ධනය සහ මරණ දඬුවම පිළිබඳ ස්ථාවරය:
විපක්ෂ නායකවරයා සිංගප්පූරු නීතිය ගැන සඳහන් කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්නේ දැයි නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, රජය පක්ෂයක් ලෙස ප්‍රතිපත්තියක් වශයෙන් මරණ දඬුවමට එකඟ නොවන නමුත් කුඩු සහ පාතාලය මර්ධනය කිරීමට ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි.


මත්ද්‍රව්‍ය වැටලීම් පිළිබඳ නවතම දත්ත

2025 වසරේ සිට මේ දක්වා කාලය තුළ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් ආසන්න වශයෙන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 23,692ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, හෙරොයින් අත්අඩංගුවට ගැනීම පමණක් තුන් ගුණයකින් ඉහළ ගොස් ඇත.

මීට අමතරව පසුගිය මාස 24 තුළ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, විදේශයන්හි සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකික ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් 95 දෙනෙකු සඳහා මේ වන විට රතු නිවේදන (Red Notices) නිකුත් කර තිබේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...