The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
පුවත්

ලංකාවේ ක්‍රිප්ටෝ සෙල්ලමට මහ බැංකුවෙන් හදිසි වැටක්: ඩොලර් හංගන සහ බදු මඟහරින අය කොටු කරන්න අලුත් නීතියක් !

T

The Leader Desk

July 9, 2026 • 10:08 AM

ලංකාවේ ක්‍රිප්ටෝ සෙල්ලමට මහ බැංකුවෙන් හදිසි වැටක්: ඩොලර් හංගන සහ බදු මඟහරින අය කොටු කරන්න අලුත් නීතියක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර FATF කළු ලැයිස්තුවෙන් බේරෙන්න මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත (FTRA) වහාම සංශෝධනය කෙරේ.
  • ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ක්‍රිප්ටෝ කරන්සි (Cryptocurrency) සහ ඩිජිටල් වත්කම් (Digital Assets) ආශ්‍රිත ව්‍යාපාර ප්‍රථම වතාවට රටේ මුදල් විශුද්ධිකරණ විරෝධී නීති පද්ධතියට (Anti-Money Laundering Regime) යටත් කිරීමට රජය සහ මහ බැංකුව පියවර ගෙන ඇත.
  • මෙමඟින් ජාත්‍යන්තර මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකායේ (FATF) 15 වැනි නිර්දේශයේ ප්‍රමිතීන් ලංකාව තුළ බලාත්මක කෙරේ.
  •   ලංකාව මුහුණ දීමට නියමිත 3 වැනි FATF අන්‍යෝන්‍ය ඇගයීමේදී (Mutual Evaluation) ලංකාවේ මුදල් විශුද්ධිකරණ විරෝධී පද්ධතිය ජාත්‍යන්තර සෝදිසියට ලක් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ලයිසන් දෙන්න ආයතනයක් තවම නෑ; ඒත් ක්‍රිප්ටෝ ගනුදෙනු සියල්ල බැංකු වගේම මූල්‍ය බුද්ධි ඒකකයේ (FIU) සෘජු නිරීක්ෂණයට.


ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ක්‍රිප්ටෝ කරන්සි (Cryptocurrency) සහ ඩිජිටල් වත්කම් (Digital Assets) ආශ්‍රිත ව්‍යාපාර ප්‍රථම වතාවට රටේ මුදල් විශුද්ධිකරණ විරෝධී නීති පද්ධතියට (Anti-Money Laundering Regime) යටත් කිරීමට රජය සහ මහ බැංකුව පියවර ගෙන ඇත. ඒ අනුව, මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතට (FTRA) ගෙනෙන නව සංශෝධන මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. මෙය හුදෙක් ක්‍රිප්ටෝ තාක්ෂණය දියුණු කිරීමක් නොව, ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය පරීක්ෂණයකින් ලංකාව බේරාගැනීම සඳහා ගන්නා හදිසි ආරක්ෂක පියවරකි.

බැංකු වගේම ක්‍රිප්ටෝ ආයතනත් කොටු වෙයි

නව නීතිමය සංශෝධන සම්මත වීමෙන් පසු, ක්‍රිප්ටෝ හුවමාරු මධ්‍යස්ථාන (Crypto Exchanges) සහ ඩිජිටල් වත්කම් සපයන්නන් (VASPs) මෙරට සාමාන්‍ය වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන සේම "වාර්තා කරන ආයතන" (Reporting Institutions) ගණයට වැටෙනු ඇත.

මෙම ආයතන හරහා ක්‍රිප්ටෝ ගනුදෙනු කරන සෑම කෙනෙකුගේම සැබෑ අනන්‍යතාවය (Customer due diligence) සහ එම මුදල්වල සැබෑ අයිතිකරුවන් (Beneficial ownership) කවුදැයි සෙවීම අනිවාර්ය වේ.  

FIU නිරීක්ෂණය: 
සැකකටයුතු සියලුම ක්‍රිප්ටෝ ගනුදෙනු පිළිබඳ වාර්තා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) වෙත සෘජුවම ලබා දිය යුතුය. මෙමඟින් ජාත්‍යන්තර මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකායේ (FATF) 15 වැනි නිර්දේශයේ ප්‍රමිතීන් ලංකාව තුළ බලාත්මක කෙරේ.

ලයිසන් නැතිව නීති හැදීමේ ප්‍රායෝගික හිඩැස

පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව (CoPF) හමුවේ මහ බැංකු නිලධාරීන් පිළිගෙන ඇත්තේ ලංකාව තුළ ක්‍රිප්ටෝ ව්‍යාපාර සඳහා නිල වශයෙන් බලපත්‍ර නිකුත් කිරීමට (Licensing authority) හෝ ඒවා ධාවනය කිරීමට තවමත් නිශ්චිත ආයතනයක් පිහිටුවා නොමැති බවයි. එම නිසා, දැනට ගෙනෙන නීතිය ස්ථිර ප්‍රතිපත්තියක් නොව, ජාත්‍යන්තරයෙන් බේරීමට ගෙනෙන තාවකාලික විසඳුමක් (Interim solution) පමණි.

ආයතන 14ක ඒකාබද්ධ සැලැස්ම: 
ක්‍රිප්ටෝ ව්‍යාපාර සඳහා ස්ථිර බලපත්‍ර ක්‍රමවේදයක් හැදීමට ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් අනුකමිටුවක් විසින් සකස් කළ විශේෂ සංකල්ප පත්‍රිකාවක් (Concept paper) දැනට කැබිනට් අනුමැතිය සඳහා යොමු කර ඇත.

බදු ගැසීමේ සූදානම: 
මෙම කමිටුවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) ඇතුළු රාජ්‍ය ආයතන 14ක් ඇතුළත් වන බැවින්, ඉදිරියේදී ක්‍රිප්ටෝ ගනුදෙනු හරහා සිදුවන බදු මඟහැරීම් (Tax evasion) සහ නීතිවිරෝධී ප්‍රාග්ධන පිටතට ගලායාම් පාලනය කරමින් ක්‍රිප්ටෝ සඳහා නව බදු ප්‍රතිපත්තියක් ද හඳුන්වා දීමට නියමිතය.

 

ලංකාව මුහුණ දීමට නියමිත 3 වැනි FATF අන්‍යෝන්‍ය ඇගයීමේදී (Mutual Evaluation) ලංකාවේ මුදල් විශුද්ධිකරණ විරෝධී පද්ධතිය ජාත්‍යන්තර සෝදිසියට ලක් වේ. එහිදී ලංකාව අසමත් වුවහොත් ජාත්‍යන්තර ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ වැටී රට නැවතත් මූල්‍යමය වශයෙන් හුදකලා වීමේ අනතුරක් පවතී. එම නිසා, දේශීය ක්‍රිප්ටෝ වෙළෙඳපොළ දියුණු කිරීමට වඩා, ජාත්‍යන්තර මූල්‍ය නීතිවලින් බේරීම සඳහා ඉදිරි සති කිහිපය තුළ මෙම පනත් සංශෝධනය පාර්ලිමේන්තුවේදී කඩිනමින් සම්මත කරගැනීමට ආණ්ඩුව කටයුතු කරනු ඇත.

 

(සටහන | සම්පත් ධීරසේකර)

මුලාශ්‍රය :

Sri Lanka Tightens Crypto Oversight before Global AML Scrutiny

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...