The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
පුවත්

ඉන්දියාවේ රුපියලයි චීනයේ යුආන් එකයි කොළඹදී කොටු වෙයි: ඩොලර් අර්බුදයෙන් බේරෙන්න ගොස් ලංකාව මහා සූදුවක!

T

The Leader Desk

July 9, 2026 • 10:49 AM

ඉන්දියාවේ රුපියලයි චීනයේ යුආන් එකයි කොළඹදී කොටු වෙයි: ඩොලර් අර්බුදයෙන් බේරෙන්න ගොස් ලංකාව මහා සූදුවක!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසරකට ඩොලර් බිලියන 4.3ක් වන චීන බඩු මුදල සෘජුවම යුආන්වලින් ගෙවන්න ‘බැංකු ඔෆ් චයිනා’ හරහා අලුත් ප්ලෑනක්.
  • ඇමරිකානු ඩොලරය (US Dollar) මත පවතින දැඩි යැපීම අවම කරගැනීම සඳහා ශ්‍රී ලංකාව චීන යුආන් (RMB) මුදලින් සෘජුවම වෙළෙඳ ගනුදෙනු පියවීමට (Trade settlements) අවසර දීමත් සමඟ ඉන්දියාව සහ චීනය අතර පවතින කලාපීය මූල්‍ය යුද්ධය අලුත් වටයකින් කොළඹට පැමිණ ඇත.
  • කොළඹ සබඳතාව:  මේ සඳහා කොළඹ පිහිටි බැංකු ඔෆ් චයිනා (Bank of China) ශාඛාව හරහා විශේෂ මූල්‍ය පද්ධතියක් (Clearing arrangement) සක්‍රීය කර ඇත.
  • බිලියන 4.3ක වෙළෙඳපොළ:  චීනය සහ ලංකාව අතර වසරකට ඩොලර් බිලියන 4.3ක පමණ ද්විපාර්ශ්වික වෙළෙඳාමක් සිදුවේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එක පැත්තකින් දිල්ලි බලපෑම, අනෙක් පැත්තෙන් බීජිං සින්නක්කරය; දෙපැත්තම නොරිදවා මුදල් පද්ධතිය බේරාගැනීමේ අභියෝගය.



ඇමරිකානු ඩොලරය (US Dollar) මත පවතින දැඩි යැපීම අවම කරගැනීම සඳහා ශ්‍රී ලංකාව චීන යුආන් (RMB) මුදලින් සෘජුවම වෙළෙඳ ගනුදෙනු පියවීමට (Trade settlements) අවසර දීමත් සමඟ ඉන්දියාව සහ චීනය අතර පවතින කලාපීය මූල්‍ය යුද්ධය අලුත් වටයකින් කොළඹට පැමිණ ඇත.

 
ඉන්දියාව කලක සිට මෙරට තුළ ඉන්දීය රුපියල (INR) ප්‍රචලිත කිරීමට දැඩි උත්සාහයක නිරත වන පසුබිමක, ලංකාව චීන මුදල් ඒකකයට දොරටු විවෘත කිරීම මඟින් මෙරට මූල්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන් බරපතළ භූ-දේශපාලනික අර්බුදයකට මැදි වී තිබේ.

චීන යුආන් ගිවිසුම සහ ඩොලර් ඉතිරිය

නව ක්‍රමවේදය යටතේ ලංකාවේ ව්‍යාපාරිකයන්ට චීනයෙන් බඩු ගෙන්වීමේදී මැද රැඳි ජාත්‍යන්තර බැංකු මඟහැර සෘජුවම යුආන්වලින් ගෙවීම් කළ හැක.

කොළඹ සබඳතාව: 
මේ සඳහා කොළඹ පිහිටි බැංකු ඔෆ් චයිනා (Bank of China) ශාඛාව හරහා විශේෂ මූල්‍ය පද්ධතියක් (Clearing arrangement) සක්‍රීය කර ඇත.

බිලියන 4.3ක වෙළෙඳපොළ: 
චීනය සහ ලංකාව අතර වසරකට ඩොලර් බිලියන 4.3ක පමණ ද්විපාර්ශ්වික වෙළෙඳාමක් සිදුවේ. ලංකාවේ ආනයනවලින් වැඩි ප්‍රමාණයක් චීනයෙන් එන බැවින්, යුආන් භාවිත කිරීමෙන් රට සතු සීමිත ඩොලර් සංචිතය (Scarce US dollars) ආරක්ෂා කරගත හැක.

ඉන්දියාවේ රුපියල් තල්ලුව සහ උපායමාර්ගික ගැටුම

ලංකාවේ සමීපතම අසල්වැසියා වන ඉන්දියාව, කලාපීය සම්බන්ධතා ශක්තිමත් කිරීමට සහ ඩොලර් ආධිපත්‍යය බිඳීමට ඉන්දීය රුපියලෙන් වෙළෙඳාම් කිරීමේ ප්‍රතිපත්තියක් කලක සිට ලංකාවට යෝජනා කර ඇත.

ඖෂධ, බලශක්ති, ආහාර ද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ලංකාවට එන්නේ ඉන්දියාවෙනි.

ඉන්දීය රුපියල භාවිත කිරීම මෙරට ආනයනකරුවන්ට පහසුවක් වුවද, චීන යුආන් ජාලය වේගයෙන් ව්‍යාප්ත වීම දිල්ලි පාලනය සිය උපායමාර්ගික ආරක්ෂාවට එල්ල වූ අභියෝගයක් ලෙස සලකයි.

චීන සින්නක්කර උගුල සහ අපනයන යථාර්ථය

ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ ලංකාව කිසිදු රටක මුදල් ඒකකයකට පමණක් ගැති නොවී, මුදල් විවිධාංගීකරණයක් (Diversified settlement system) පවත්වා ගත යුතු බවයි. එහෙත් මෙහි පවතින ප්‍රධානතම අවදානම වන්නේ චීනය සමඟ පවතින දැඩි වෙළෙඳ අසමතුලිතතාවයයි (Trade imbalance). ලංකාව චීනයෙන් බඩු ගෙන්වනවා විනා චීනයට බඩු අපනයනය කරන්නේ ඉතා අඩුවෙනි. 
 
මේ නිසා රට තුළ යුආන් හිඟයක් ඇති වුවහොත්, ලංකාව තවදුරටත් චීන මූල්‍ය ණය උගුලක හිරවීමේ අවදානමක් පවතී. අනෙක් අතට ලංකාවේ ප්‍රධාන අපනයන වෙළෙඳපොළවල් වන්නේ ඇමරිකාව සහ යුරෝපා රටවල්ය.
 
 
රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම් ගැසූ පමණින් මුදල් පද්ධති සාර්ථක නොවන අතර, ලංකාව සංචාරක ව්‍යාපාරය, අපනයන සහ ආයෝජන හරහා චීන යුආන් සහ ඉන්දීය රුපියල් සමානව රට තුළට උපයාගත යුතුය. ඉදිරි මාස කිහිපය තුළ මහ බැංකුව විසින් මෙම විදේශ මුදල් සංචිත කළමනාකරණය (Reserve management) සඳහා දැඩි නියාමන පැනවීමට නියමිත අතර, ඉන්දියාවේ සහ චීනයේ දේශපාලන සමතුලිතතාවය රැකගැනීම ආණ්ඩුවේ ඊළඟ තීරණාත්මක පියවර වනු ඇත.
 
 
(සටහන | සම්පත් ධීරසේකර)

මුලාශ්‍රය :

India’s Rupee Push Meets Sri Lanka’s Growing Yuan Partnership Challenge
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...