කාලයක් සදහා විවෘත කර දෙන ලෙස රජයට බල කරමින් මන්නාරම්වාසී කතෝලික බැතිමතුන් පිරිසක් උද්ඝෝෂණයක් දියත් කර තිබේ.
මුල්ලිකුලම් ගම්මානයට පිවිසෙන ප්‍රධාන මාර්ගය සමීපයේ ජුලි 07 වැනිදා විරෝධතා දැක්වු මුල්ලිකුලම්, පල්ලෙකන්ඩාල් සහ කායක්කුලි ගම්වාසී කතෝලික බැතිමතුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ඓතිහාසික පල්ලෙකන්ඩල් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ජුලි 08 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වෙන වාර්ෂික මංගල්‍යයට සහභාගී වීම සඳහා එම මාර්ගය යලි විවෘත කර දෙන ලෙසයි.
එදිනම තම ඉල්ලීම් අඩංගු පෙත්සමක් මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ කනගේශ්වරන්ටද බාරදී තිබුණි.
සිය සාම්ප්‍රදායික මාර්ගය ඔස්සේ මෙවර දේවස්ථානය කරා ගමන් කිරීමට නොහැකි බව අධිකරණ තීන්දුවක් උපුටා දක්වමින් මීට සතියකට ඉහත දී වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් තමන්ට දැනුම් දීම නිසා කිලෝමීටර සියගනනක දීර්ඝ මාර්ගයක යාමට බලකෙරී ඇති බව බව ඔවුන් එහිදී වැඩි දුරටත් හෙලි කර තිබුණි.
පල්ලෙකන්ඩල් ශාන්ත අන්තෝනි දේවස්ථානය වෙත යෑම සදහා මුල්ලිකුලම දෙසින් වැටී ඇති මාර්ගය භාවිත කිරීම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් මගින් පැහැදිලිවම තහනම් කර ඇති පවසන පරිසරවේදීන් පෙන්වා දෙන්නේ අදාළ මාර්ගය මේ වන විට ස්වභාවිකවම යළි වනාන්තර පද්ධතියට එකතු වෙමින් පවතින සංවේදී පරිසර තීරුවක් බවයි.
ඉකුත් මාසය අගදී පවත්වන ලද නිල හමුවකදී වාර්ෂික සාන්තුවර මංගල්‍යය ඉපැරණි සම්ප්‍රදායානුකුලව පැවැත්වීමට තීරණය කරන ලද බව ප්‍රදේශවාසී කතෝලික නියෝජිතයෝ පවසති.
විරෝධතාවයට එක්ව සිටි මුල්ලිකුලම් මීසම බාර ටෙරන්ස් කුලාස් පියතුමා මාධ්‍යවේදීන් හමුවේ අනාවරණය කර තිබුනේ කිලෝ මීටර් 30 ක පමණ දුරක් ගමන් කිරීමෙන් පල්ලෙකන්ඩල් ශාන්ත අන්තෝනි දේවස්ථානය වෙත ළඟාවීමට ඉඩ සලසන සම්ප්‍රදායික මාර්ගය අවහිර කිරීම නිසා කිලෝ මිටර 250 ක පමණ දුරක් ගමන් කිරීමට සිදුවී ඇති බවයි.
“අපි මෙහෙ ඉඳලා පල්ලෙකන්ද පල්ලියට යන්න මරිච්චකට්ටු - පුත්තලම් පාර පාවිච්චි කළොත්, කිලෝමීටර් 30ක දුරක් තමයි තියෙන්නේ. එහෙම නැතිව අනුරාධපුරය, පුත්තලම හරහා අපි වටින් ගියොත්, කිලෝමීටර් 250ක් විතර ගමන් කරන්න වෙනවා. ජනතාව දුප්පත්කමින් ජීවත් වෙන හින්දා වටින් යන්න බැරි තත්වයක් උදාවෙලා තියෙනවා. මේ මාර්ගය විවෘත කරලා අපිට ගමන් කරන්න අවස්ථාව ලබා දෙන ලෙසට ඉල්ලා සිටිනවා.”
කතෝලික බැතිමතුන් පවසන පරිදි 17 වැනි සියවසේ ඉදිකරන ලද දේවස්ථානයට නන්දෙසින් පැමිණෙන වන්දනාකරුවන්ට සාම්ප්‍රදායික මාර්ගයේ ගමන් කිරීමට නොහැකි වී ඇත්තේ 1983 සිට 2009 දක්වා යුද සමයේ පමණි.
වාර්ෂිකව පැමිණෙන තිස්දහසක් පමණ වන්දනාකරුවන් වනෝද්‍යාන නීති නොතකා එහි සැරිසරන බවට පරිසරවේදීහු චෝදනා කරති.





