The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
පුවත්

චම්පික රණවක නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුගේ සාක්ෂි දීමේ තත්ත්වය පිළිබඳ වෛද්‍ය මණ්ඩලයෙන් අනාවරණයක්

T

The Leader Desk

July 10, 2026 • 3:54 AM

චම්පික රණවක නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුගේ සාක්ෂි දීමේ තත්ත්වය පිළිබඳ වෛද්‍ය මණ්ඩලයෙන් අනාවරණයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "මට උදවු කලේ ගම්මන්පිල විතරයි, ප්‍රවෘත්ති සාකච්ඡාව තිබ්බෙත් ඔහුගේ ඔෆිස් එකේ"
  • විශේෂඥ වෛද්‍ය ජයාන් මෙන්ඩිස්ගේ ප්‍රකාශය මඟින් ද තහවුරු වී ඇත්තේ මොහු කලක සිටම මෙම මානසික රෝගයට තමාගෙන් ප්‍රතිකාර ගත් අයෙකු බවයි.
  • ඉත්තෙකු බව පිළිගනී: පාඨලී චම්පික රණවක සහ උදය ප්‍රභාත් ගම්මන්පිල අතර පවතින දේශපාලන විරසකයක් පවතින බව ප්‍රසිද්ධ රහසකි.
  • මම මාධ්‍ය සාකච්ඡාව තිබ්බේ ගම්මන්පිලගේ ඔෆිස් එකේ" යැයි සාක්ෂිකරු විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


"තමා කියන ඒවට තමාටම හිනා නේද?" - හෝටල් සූපවේදියෙකු ලෙස සේවය කරමින් පෞද්ගලික ලේකම් කියාගත් හර්ෂගේ කාලසටහන සහ වැව සහිත මංතීරු බොරුව ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න කුඩුපට්ටම් කරයි


2016 වසරේ රාජගිරියේදී සිදුවූ රිය අනතුරක් පදනම් කරගනිමින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති ආන්දෝලනාත්මක නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ පසුගියදා (25.06.2026 සහ 08.07.2026) කැඳවූ අවස්ථාවේදී, පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකරු වන හර්ෂ බණ්ඩාර තිලකසිරි නමැත්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පරස්පර සාක්ෂි ඉදිරිපත් කළ "දේශපාලන ඉත්තෙකු" බව විවෘත අධිකරණයේදී විත්තියේ නීතිඥයින් අවධාරණය කළේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යොහාන් අබේවික්‍රම පවා සාක්ෂිකරු විසින් සාක්ෂි වසන් කිරීමේ වරදක් සිදු කළ බව පිළිගන්නා බව අධිකරණයට ප්‍රකාශ කළ අතර, විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න සහ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ගේ තියුණු හරස් ප්‍රශ්න හමුවේ සාක්ෂිකරු අධිකරණය ඉදිරියේ සහමුලින්ම අසරණ විය.

වෛද්‍ය සභාවෙන් සහතික කළ මානසික රෝගී තත්ත්වය

නඩු විභාගයේදී සාක්ෂිකාර හර්ෂ බණ්ඩාර විසින් තමන්ව පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ බවට ප්‍රකාශ කළ ද, එහි තිබූ බරපතළ රහසක් විත්ති පාර්ශ්වය විසින් ලේඛන සහිතව එළිදරව් කරන ලදී.

සියදිවි නසාගැනීමේ උත්සාහය:
සාක්ෂිකරු පසුවූ දැඩි උමතු රෝගී තත්ත්වයක් හේතුවෙන් මීට පෙර සියදිවි නසාගැනීමට උත්සාහ කර තිබූ අතර, ඒ වෙනුවෙන් ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන තිබිණි.

විශේෂඥ වෛද්‍ය වාර්තාව:
විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් දෙදෙනෙකුගෙන් ද සමන්විත වූ විශේෂඥ වෛද්‍යවරුන් වන ජයාන් මෙන්ඩිස්, නිලන්ති ද සිල්වා සහ නිශාන්ත ගුණසේකර ගෙන් සමන්විත  නිල වෛද්‍ය සභාව විසින් මෙම සාක්ෂිකරු මානසික රෝගී තත්ත්වයකින් (Mental Illness) පෙළෙන බවට නිල වාර්තාවක් ලබා දී ඇති බව අධිකරණයේදී හෙළි විය.

විශේෂඥ වෛද්‍ය ජයාන් මෙන්ඩිස්ගේ ප්‍රකාශය මඟින් ද තහවුරු වී ඇත්තේ මොහු කලක සිටම මෙම මානසික රෝගයට තමාගෙන් ප්‍රතිකාර ගත් අයෙකු බවයි.

දේශපාලන කුමන්ත්‍රණයක් !

අනතුර සිදුවී වසර 3ක් පුරා (2017 වසරේදී දෙවන විත්තිකරු වරද පිළිගෙන දඩ මුදල් ද ගෙවා තිබියදී) නිහඬව සිට, 2019 වසරේ ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූ වහාම හදිසියේම මාධ්‍ය සාකච්ඡා පවත්වමින් පොලිස් මූලස්ථානයට සහ CCD යට පැමිණිලි කිරීමට සාක්ෂිකරු පෙළඹවීම පිටුපස ඇති දේශපාලන හස්තය හරස් ප්‍රශ්න හමුවේ දිගහැරිණි.

ඉත්තෙකු බව පිළිගනී:
පාඨලී චම්පික රණවක සහ උදය ප්‍රභාත් ගම්මන්පිල අතර පවතින දේශපාලන විරසකයක් පවතින බව ප්‍රසිද්ධ රහසකි. "මට ඒ වෙලාවේ උදවු කළේ ගම්මන්පිල විතරයි, නීතිමය උපදෙස් දුන්නා, මාධ්‍යයට කියන්න කිව්වා. මම මාධ්‍ය සාකච්ඡාව තිබ්බේ ගම්මන්පිලගේ ඔෆිස් එකේ" යැයි සාක්ෂිකරු විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

ද්වේශසහගත පළිගැනීම:
සාක්ෂිකරුගේ පෙම්වතිය වන 'ලී' නමැති කොරියානු කාන්තාවගේ ව්‍යාපාරික කටයුතුවලට අමාත්‍ය චම්පික රණවක ගෙන් උදව් නොලැබීම හේතුවෙන් ඇති වූ වෛරය මත මෙම බොරු සාක්ෂි නිර්මාණය කළ බවට විත්තියේ නීතිඥයින් අවධාරණය කළේය.

"ඔබ කියන ඒවට ඔබටත් හිනා නේද?"

ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න විසින් සාක්ෂිකරු පොලිසියට දුන් ප්‍රකාශ සහ අධිකරණයේදී කියන කරුණු එකිනෙක සසඳමින් කළ ප්‍රශ්න කිරීම් හමුවේ සාක්ෂිකරු සිනාසෙමින් අසරණ විය.

ලේකම් ද? සූපවේදියා ද?:
මූලික සාක්ෂියේදී තමන් අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් කියා පැවසුව ද, හරස් ප්‍රශ්න කිරීමේදී තමන් Waters Edge හෝටලයේ ප්‍රධාන සූපවේදියෙකු (Chef) ලෙස සේවය කළ බව සාක්ෂිකරුට පිළිගැනීමට සිදුවිය.

වැව නැති වැවේ බොරුව:

තමන්ට හෘදයාබාධයක් ඇති බැවින් සෙමින් ඇවිදීමට බොරලැස්ගමුව ඇවිදින මංතීරුවට ගියේ එහි වැවක් ඇති නිසා යැයි සාක්ෂිකරු පැවසීය. Waters Edge හෝටලය අසලම වැවක් සහිත මංතීරුවක් තිබියදී සැතපුම් ගණනක් ගියේ ඇයිදැයි ඇසූ විට ඔහු පැවසුවේ Waters Edge අසල වැවක් නැති බවයි. එය අමූලික බොරුවක් බව විත්තියේ නීතිඥයින් අවධාරණය කළේය.

කාලසටහනේ පරස්පරය:
සාක්ෂිකරු කියන ආකාරයට කිලෝමීටර් 3ක පථයක වට එකහමාරක් සෙමින් ඇවිදීමට විනාඩි 45ක් ගතවේ. රාත්‍රී 9.30ට ඇවිදීම ඇරඹුවේ නම් ගමන ඉවර වන විට රාත්‍රී 10.15 ඉක්මවයි. එහෙත් රාත්‍රී 10.00 වන විට අනෙක් රියදුරු (තුසිත කුමාර) බොරැල්ල පොලිසියට භාර වී අවසන්ය. ඒ අනුව සාක්ෂිකරු කියන කතාව සහමුලින්ම ගෙතුම් කතාවක් බව විත්තියේ නීතිඥවරු තර්ක කළේය,

දියණියන් මහමඟ තනි කිරීමේ ප්‍රශ්නය:
අනතුර සිදුවන අවස්ථාවේදී අමාත්‍යවරයාගේ තරුණ දියණියන් දෙදෙනා කැටුව හෝමාගම යමින් සිටි රියදුරු තුසිත කුමාරට, දරුවන් මහමඟ දමා වහාම බොරැල්ල පොලිසියට යන ලෙස නියෝග කිරීමට සූපවේදියෙකු වූ සාක්ෂිකරුට තිබූ බලය කුමක්දැයි ඇසූ ප්‍රශ්නය හමුවේ සාක්ෂිකරු ගොළු විය. "මේ සිද්ධියේ සාක්ෂි නිර්මාණය කළේ ඔබ නිසා ඔබ මෙහි 4 වැනි විත්තිකරු විය යුතුයි" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා කළ ප්‍රකාශයට සාක්ෂිකරුට පිළිතුරක් නොවීය.

 
රියදුරු අල්විස් විසින් පොලිසියට ලබා දී තිබූ සැබෑ ප්‍රකාශය හිතාමතාම නඩුවෙන් බැහැර කරලා  

අනතුර සිදුවූ අවස්ථාවේ රියදුරු අල්විස් විසින් පොලිසියට ලබා දී තිබූ සැබෑ ප්‍රකාශය හිතාමතාම නඩුවෙන් බැහැර කර ඇති බව ද මෙහිදී අනාවරණය විය.

පැමිණිල්ලේ තවත් සාක්ෂිකරුවෙකු ජර්මනියේ සිටින බැවින් අන්තර්ජාලය හරහා සාක්ෂි ගැනීමට කළ ඉල්ලීමට විත්තිය දැඩි විරෝධය පළ කළ අතර, නඩුව යළි සැප්තැම්බර් මස 01 වනදා දක්වා කල් තැබූ මහාධිකරණ විනිසුරුවරයා එදිනට සෙසු සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කළේය.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ඇමැති පාඨලී චම්පික රණවක, දිලුම් තුසිත කුමාර සහ එවකට වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති සුදත් අස්මඩල යන අය නම් කර සිටිති. 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...