The Leader News
BREAKING
Top Ad
පුවත්

යුද්ධයේදී පැහැරගත් උතුරේ ජනතාවගේ ඉඩම් නැවත ලබා දෙනු ! - සම අයිතිය ව්‍යාපාරය

T

The Leader Desk

July 17, 2026 • 4:44 PM

යුද්ධයේදී පැහැරගත් උතුරේ ජනතාවගේ ඉඩම් නැවත ලබා දෙනු ! - සම අයිතිය ව්‍යාපාරය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුද්ධය නිමවී වසර ගණනාවක් ගතවුවද වැසියන් තවමත් අවතැන් කඳවුරුවල;
  • මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා ප්‍රකාශ කළේ, අදාළ ප්‍රදේශවල ජනතාවගේ පාරම්පරික ඉඩම් අහිමි වී මේ වන විට වසර 36කට ආසන්න කාලයක් ගතවී ඇති බවයි.
  • යුදමය වාතාවරණය නිමවී දීර්ඝ කාලයක් ගතවුවද, එම ඉඩම්වල මුල් පදිංචිකරුවන්ට ඒවා නැවත ලබා දීමට මෙතෙක් බලයට පත් වූ පාලකයන් අපොහොසත් වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
  • දේශපාලන පොරොන්දු සහ වත්මන් තත්ත්වය මැතිවරණ සමයන්හිදී විවිධ දේශපාලන පක්ෂ සහ නායකයන් උතුරේ ජනතාවට ඉඩම් නැවත ලබා දෙන බවට පොරොන්දු වුවද, එම පොරොන්දු ඡන්දය අවසන් වීමත් සමඟ අමතක කර දමා ඇති බවට චෝදනා නැඟිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

උතුරේ හමුදා කඳවුරු ඉවත්කර සාමාන්‍ය ජන ජීවිතය තහවුරු කරන්නැයි ඉල්ලීම්.

යාපනය, කේපාපිලව්, පලාලි සහ කාංචි ඇතුළු ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ඉඩම් ගැටලු සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳව සාකච්ඡා කෙරෙන විශේෂ හමුවක්

"යුද්ධයේදී රජයේ හමුදාව විසින් අත්පත් කරගත් ජනතාවගේ ඉඩම් නැවත ලබා දෙනු" යන තේමාව යටතේ යාපනය නගරයේ චෙන්දේ චෙල්වා ශාලාවේදී පැවැත්විණි. 'සම අයිතිය ව්‍යාපාරය' සහ 'සමාජ සාධාරණත්වය උදෙසා ජනතා සංසදය' එක්ව සංවිධානය කරන ලද මෙම සාකච්ඡාව සඳහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා ප්‍රකාශ කළේ, අදාළ ප්‍රදේශවල ජනතාවගේ පාරම්පරික ඉඩම් අහිමි වී මේ වන විට වසර 36කට ආසන්න කාලයක් ගතවී ඇති බවයි. යුදමය වාතාවරණය නිමවී දීර්ඝ කාලයක් ගතවුවද, එම ඉඩම්වල මුල් පදිංචිකරුවන්ට ඒවා නැවත ලබා දීමට මෙතෙක් බලයට පත් වූ පාලකයන් අපොහොසත් වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

දේශපාලන පොරොන්දු සහ වත්මන් තත්ත්වය

මැතිවරණ සමයන්හිදී විවිධ දේශපාලන පක්ෂ සහ නායකයන් උතුරේ ජනතාවට ඉඩම් නැවත ලබා දෙන බවට පොරොන්දු වුවද, එම පොරොන්දු ඡන්දය අවසන් වීමත් සමඟ අමතක කර දමා ඇති බවට චෝදනා නැඟිණි. වත්මන් ජාතික ජන බලවේගය (ජාජබ) රජය කෙරෙහි විශ්වාසය තබා උතුරේ ජනතාව ඡන්දය ප්‍රකාශ කළද, ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ පාලනය යටතේ ද වසර දෙකකට ආසන්න කාලයක් ගතවන තුරු උතුරේ ආරක්ෂක අංශ සතු පෞද්ගලික ඉඩම් නිදහස් කිරීමේ හෝ කඳවුරු ඉවත් කිරීමේ නිසි සූදානමක් දක්නට නොමැති බව ඉන්ද්‍රානන්ද ද සිල්වා ප්‍රකාශ කළේය.

ජනාවාස සහ ආගමික ස්ථාන ආශ්‍රිතව තවදුරටත් හමුදා මුරපොළවල් පවත්වාගෙන යාම හේතුවෙන් ජනතාවට නිදහසේ ආගමික වතාවත්වල නිරත වීමට පවා හැඳුනුම්පත් ඉදිරිපත් කිරීමට සිදුව ඇති බව මෙහිදී අනාවරණය විය.

ආර්ථික සහ සාමාජීය බලපෑම

හමුදා කඳවුරු සතු ඉඩම්වල පවතින වගාවන්ගෙන් ලබාගන්නා අස්වැන්න අඩු මිලට වෙළඳපොළට නිකුත් කිරීම හේතුවෙන්, ප්‍රදේශයේ සාමාන්‍ය ගොවි ජනතාවගේ ජීවනෝපායට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත්, පොල් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ගණන් පාලනය කිරිමේදී සාමාන්‍ය ගොවියා අර්බුදයට ලක්ව ඇති බවත් සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.

සාමාන්‍යයෙන් සිවිල් ජනාවාස සහ දරුවන් වෙසෙන ප්‍රදේශ ආශ්‍රිතව මහා පරිමාණ හමුදා කඳවුරු පවත්වාගෙන යාම වැසියන්ගේ කායික හා මානසික සෞඛ්‍යයට ඍණාත්මක ලෙස බලපාන බව ද දකුණේ ජන සමාජයට මෙම ගැටලුවේ බරපතළකම මෙතෙක් නිසි ලෙස සන්නිවේදනය වී නොමැති බව ද හෙතෙම සඳහන් කළේය.

මෙම ගැටලුව හුදෙක් උතුරට පමණක් සීමා වූවක් ලෙස නොසලකා, දෙමළ ජනතාව වසර ගණනාවක් තිස්සේ ගෙනයන මෙම සාධාරණ අරගලයට දකුණේ සිවිල් සමාජයේ සහ ප්‍රගතිශීලී බලවේගවල සහයෝගය දිය යුතු බව සම අයිතිය ව්‍යාපාරය ඉල්ලා සිටී.

උතුරේ ජනතාවගේ දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් දිනාගැනීමේ පොදු වැඩපිළිවෙළක් වටා රොද බඳින ලෙස සියලුම බලවේගවලින් ඉල්ලා සිටි ඔහු, වහාම ක්‍රියාත්මක වන පරිදි උතුරේ වැසියන්ගෙන් අත්පත් කරගත් ඉඩම් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.

 fgdfgdfgyt

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...