The Leader News
BREAKING
Top Ad
පුවත්

සංචාරක වීසා මඟින් ලිතුවේනියා රැකියා දෙන වංචනිකයන්ට අහුවෙන්න එපා!

T

The Leader Desk

July 17, 2026 • 4:51 PM

සංචාරක වීසා මඟින් ලිතුවේනියා රැකියා දෙන වංචනිකයන්ට අහුවෙන්න එපා!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සංචාරක වීසා මඟින් යුරෝපයේ රැකියා කිරීම නීති විරෝධීයි; කොන්සල් කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
  • ලිතුවේනියාවේ රැකියා සපයන බව පවසමින් විවිධ පුද්ගලික බැංකු ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස ඉල්ලා සිටින පුද්ගලයන් අනිවාර්යයෙන්ම මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරැව්කරුවන් විය හැකි බව ද එහි දැක්වේ.
  • නිල මාර්ග භාවිත කිරීමේ වැදගත්කම විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් සැමවිටම නීත්‍යානුකූලව අනුමත ක්‍රමවේදයන් පමණක් භාවිත කළ යුතු බව කොන්සල් කාර්යාලය පෙන්වා දෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මුදල් ගෙවීමට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ නිල රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ තොරතුරු තහවුරු කරගන්න.

සංචාරක වීසා (Tourist Visa) මඟින් යුරෝපා කලාපයට අයත් ලිතුවේනියා ජනරජය වෙත ගොස් එරට රැකියා ලබාගත හැකි බව පවසමින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මහා පරිමාණයෙන් මුදල් වංචා කරන තැරැව්කරුවන් සහ නියෝජිතයන් පිළිබඳව ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය වෙත විශාල වශයෙන් පැමිණිලි සහ විමසීම් ලැබෙමින් පවතින බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කොළඹ පිහිටි ලිතුවේනියා කොන්සල් කාර්යාලය අවධාරණය කර සිටින්නේ, සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවල නිරත වීම නීත්‍යානුකූලව සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බැවින් එවැනි අසත්‍ය ප්‍රචාරයන්ට රැවටී වංචනිකයන්ට මුදල් ලබා නොදෙන ලෙසයි.

ලිතුවේනියාවේ රැකියා සපයන බව පවසමින් විවිධ පුද්ගලික බැංකු ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස ඉල්ලා සිටින පුද්ගලයන් අනිවාර්යයෙන්ම මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරැව්කරුවන් විය හැකි බව ද එහි දැක්වේ.

නිල මාර්ග භාවිත කිරීමේ වැදගත්කම

විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් සැමවිටම නීත්‍යානුකූලව අනුමත ක්‍රමවේදයන් පමණක් භාවිත කළ යුතු බව කොන්සල් කාර්යාලය පෙන්වා දෙයි. ඒ අනුව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) නිල වශයෙන් ලියාපදිංචි වී ඇති විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබාගත යුතු අතර, ඕනෑම නියෝජිතයකු වෙත මුදල් ගෙවීමට පෙර අදාළ රැකියා ඇණවුම්වල (Job Orders) සත්‍ය අසත්‍යතාව නිල මාර්ග ඔස්සේ තහවුරු කරගැනීම අත්‍යවශ්‍ය වේ.

මෙම වංචනික තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලයේ අධ්‍යක්ෂ (මහජන සම්බන්ධතා, සන්නිවේදන, දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා සහ කොන්සියුලර් කටයුතු) කංචන කොඩිතුවක්කු මෙසේ පැවසිය.

"අප කොන්සල් කාර්යාලය, නවදිල්ලි නුවර පිහිටි ලිතුවේනියා තානාපති කාර්යාලය සමඟ සමීපව කටයුතු කරමින් ඔවුන්ගේ නිල මඟපෙන්වීම් අනුව ක්‍රියා කරනවා. වංචනික රැකියා පොරොන්දු පිළිබඳ තොරතුරු අපි නිරන්තරයෙන් අවධානයට ගනිමින්, මහජනතාවගේ මුදල්, ආරක්ෂාව සහ අනාගතය අවදානමට පත් වීම වැළැක්වීම සඳහා දැනුවත් කරන්නට සෑම විටකම කටයුතු කරනවා."

කොන්සල් කාර්යාලයේ නිල කාර්යභාරය

ලිතුවේනියා කොන්සල් කාර්යාලයේ මූලික වගකීම් අතර ශ්‍රී ලංකාවට පැමිණෙන හෝ මෙරට පදිංචි ලිතුවේනියානු ජාතිකයන්ට අවශ්‍ය සහාය ලබාදීම, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම මෙන්ම ආයෝජන, වාණිජ, සංස්කෘතික, අධ්‍යාපනික සහ තාක්ෂණික ක්ෂේත්‍රවල සබඳතා ගොඩනැගීම ප්‍රධාන තැනක් ගනී.

කෙසේ වෙතත්, ලිතුවේනියාවේ උසස් අධ්‍යාපනය හැදෑරීමට, නීත්‍යානුකූල රැකියා අවස්ථා ලබාගැනීමට හෝ වෙනත් ව්‍යාපෘති සඳහා අවස්ථා සොයන ශ්‍රී ලාංකිකයන්ට නිවැරදි මාර්ගය පෙන්වා දීමට තමන් සැමවිටම සූදානම් බවත්, වංචනිකයන්ගෙන් මහජනතාව ආරක්ෂා කිරීම ප්‍රධානතම අරමුණක් බවත් කාංචන කොඩිතුවක්කු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පිළිබඳව වැඩිදුර නිවැරදි තොරතුරු දැනගැනීම සඳහා ලිතුවේනියා ජනරජයේ ගරු කොන්සල් කාර්යාලයේ නිල වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය පිටු පරිශීලනය කරන ලෙසත්, සැකකටයුතු කරුණු පවතී නම් කොන්සල් කාර්යාලයේ නිල දුරකථන අංක සහ විද්‍යුත් තැපැල් (Email) ලිපින හරහා සෘජුවම විමසීම් සිදුකරන ලෙසත් ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටී.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සංචාරක වීසා මඟින් ලිතුවේනියා රැකියා දෙන වංචනිකයන්ට අහුවෙන්න එපා! | The Leader