The Leader News
BREAKING
Top Ad
පුවත්

මාධ්‍යවේදී ළහිරු දොලොස්වලට සිදුවූ තර්ජන ගැන නේපාල මාධ්‍ය සංගමයෙන් ප්‍රබල විරෝධයක්

T

The Leader Desk

July 18, 2026 • 3:47 AM

මාධ්‍යවේදී ළහිරු දොලොස්වලට සිදුවූ තර්ජන ගැන නේපාල මාධ්‍ය සංගමයෙන් ප්‍රබල විරෝධයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ පොලිසිය සහ හමුදාව මාධ්‍යවේදියාට හා පවුලේ අයට තර්ජනය කිරීම මාධ්‍ය නිදහසට එල්ල වූ බරපතළ ප්‍රහාරයක් බව Nepal Press Union කියයි.
  • නේපාලයේ කත්මණ්ඩු නුවර පිහිටි එම සංගමයේ මූලස්ථානය විසින් ජූලි 18 වැනිදා නිකුත් කරන ලද නිල මාධ්‍ය ප්‍රකාශයක් මඟින් මේ බව අනාවරණය කර ඇත.
  • මෙම ක්‍රියාවන් සමස්ත මාධ්‍ය නිදහසට එල්ල වූ බරපතළ ප්‍රහාරයක් බව ද එහි දැක්වේ.
  • ජාත්‍යන්තර සහයෝගීතාවය සහ ඉල්ලීම් ශ්‍රී ලංකාවේ වෘත්තීය මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් මුහුණ දෙන මෙවැනි අභියෝග හමුවේ නේපාල මාධ්‍ය ප්‍රජාව ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් සමඟ ස්ථාවරව පෙනී සිටින බව එම සංගමය අවධාරණය කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මාධ්‍යවේදියෙකු වන ළහිරු දොලොස්වල ට එරෙහිව ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සහ පොලිසිය විසින් සිදු කරන ලදැයි කියන බියගැන්වීම්, හිරිහැර කිරීම් සහ මාධ්‍ය බාධා කිරීම් සම්බන්ධයෙන් නේපාල මාධ්‍ය සංගමය (Nepal Press Union) සිය දැඩි කනගාටුව සහ විරෝධය පළ කර තිබේ.

නේපාලයේ කත්මණ්ඩු නුවර පිහිටි එම සංගමයේ මූලස්ථානය විසින් ජූලි 18 වැනිදා නිකුත් කරන ලද නිල මාධ්‍ය ප්‍රකාශයක් මඟින් මේ බව අනාවරණය කර ඇත.

නේපාල මාධ්‍ය සංගමයේ සභාපති ශිව් ලම්සාල් (Shiv Lamsal) ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම නිවේදනයට අනුව, මාධ්‍යවේදී ළහිරු දොලොස්වල ට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ආරක්ෂක අංශ මඟින් තර්ජනය කිරීම, අදාළ සිදුවීමට අදාළ දර්ශන හා හඬපට (Recordings) බලහත්කාරයෙන් මකා දැමීම (Delete) මෙන්ම මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඔහුට ඇති අයිතිය අවහිර කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව සඳහන් වේ. මෙම ක්‍රියාවන් සමස්ත මාධ්‍ය නිදහසට එල්ල වූ බරපතළ ප්‍රහාරයක් බව ද එහි දැක්වේ.

ජාත්‍යන්තර සහයෝගීතාවය සහ ඉල්ලීම්

ශ්‍රී ලංකාවේ වෘත්තීය මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් මුහුණ දෙන මෙවැනි අභියෝග හමුවේ නේපාල මාධ්‍ය ප්‍රජාව ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් සමඟ ස්ථාවරව පෙනී සිටින බව එම සංගමය අවධාරණය කරයි. ලෝක මට්ටමින් මාධ්‍ය නිදහස සහ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ක්‍රියා කරන ලෙස ඔවුන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

ඒ අනුව, මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි අපක්ෂපාතී සහ විධිමත් විමර්ශනයක් පවත්වන ලෙසත්, මාධ්‍යවේදියාට බියගැන්වීම් සිදු කළ වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩි නීතිමය පියවර ගන්නා ලෙසත් නේපාල මාධ්‍ය සංගමය ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

වර්තමාන ගෝලීය සමාජය තුළ මාධ්‍ය නිදහස (Press Freedom) යනු අත්‍යවශ්‍යම සහ කල් දැමිය නොහැකි සාධකයක් බව පෙන්වා දෙන එම සංවිධානය, මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ආරක්ෂාව සැපයීම රජයක මූලික වගකීමක් බව ද සිය නිවේදනය මඟින් වැඩිදුරටත් සිහිපත් කර දී ඇත.

යුද හමුදාපතිවරයාගේ නිල රථයට පරිවාරක ලෙස ගමන් ගත් ප්‍රභූ මෝටර් රථයක්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ගමන් ගත් වාහනයේ ගැටී අනතුරක් සිදු කිරීම සහ ඉන් අනතුරුව වැලිකඩ පොලිස් ස්ථානය තුළදී අදාළ පැමිණිල්ල විකෘති කර බලහත්කාරයෙන් අත්සන් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත දැඩි විරෝධතාවක් සහිත ලිපියක් ඊයේ යොමු කර තිබිණ.

මෙම අමානුෂික සහ අනීතික හිංසනයට මුහුණ දී ඇත්තේ 'ද මෝනින්' (The Morning) පුවත්පතේ වෙබ් අඩවි කර්තෘ සහ තුර්කි රාජ්‍ය රූපවාහිනියේ (TRT) ශ්‍රී ලංකා නිල ප්‍රවෘත්ති සම්බන්ධීකාරක මාධ්‍යවේදී ලහිරු දොලොස්වල සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ය.



සබැඳි පුවත :

යුද හමුදාපතිගේ ප්‍රභූ රථයෙන් මාධ්‍යවේදියකුට අනතුරක්: වැලිකඩ පොලිසියේදී පැමිණිල්ල විකෘති කළ බවට චෝදනා

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...