The Leader News
BREAKING
Top Ad
පුවත්

ධාවන තත්ත්වයේ දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල ශීඝ්‍රයෙන් පහතට: ගමන්වාර අර්බුදයක සේයා!

T

The Leader Desk

July 18, 2026 • 8:15 AM

ධාවන තත්ත්වයේ දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල ශීඝ්‍රයෙන් පහතට: ගමන්වාර අර්බුදයක සේයා!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • * වසර 3ක් තුළ සමස්ත සංචිතයෙන් එන්ජින් සහ බලවේග කට්ටල 19ක් සදහටම ඉවතට
  • දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් කසුන් චාමර නිල දත්ත ඇසුරින් පෙන්වා දෙන්නේ, පසුගිය වසර කිහිපය තිස්සේම දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල නඩත්තු කිරීමේ සහ අලුත්වැඩියා කිරීමේ ප්‍රමාදයන් හේතුවෙන් සක්‍රීය ධාවන සංචිතය බරපතළ ලෙස ක්ෂය වී ඇති බවයි.
  • දුම්රිය එන්ජින් සංචිතයේ බිඳවැටීම නිල වාර්තාවලට අනුව, 2023 වසර වන විට දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පැවති සමස්ත එන්ජින් සංචිතය 106ක් ලෙස සටහන් විය.
  • එහෙත් වසර තුනක ඇවෑමෙන් ඉන් එන්ජින් 8ක් සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත් කිරීමට සිදුවීම නිසා වත්මන් සමස්ත සංචිතය 98 දක්වා අඩු වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


* දෛනික ධාවන අවශ්‍යතාව සපුරාලීමට බලවේග කට්ටල 26ක සහ එන්ජින් 25ක දැඩි හිඟයක්

දුම්රිය දෙපාර්තමේන්තුව සතු දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල (Power Sets) සංචිතය වේගයෙන් අවම වීම හේතුවෙන් ඉදිරියේදී රට පුරා දෛනික දුම්රිය ගමන්වාර පවත්වාගෙන යෑම දැඩි අර්බුදයකට ලක්විය හැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

වත්මන් දුම්රිය කාලසටහනට අනුව ධාවන කටයුතු බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාම සඳහා වගකිවයුතු බලධාරීන් වහාම මැදිහත් වී කඩිනම් පියවර ගතයුතු බව එම සංගමය අවධාරණය කරයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් කසුන් චාමර නිල දත්ත ඇසුරින් පෙන්වා දෙන්නේ, පසුගිය වසර කිහිපය තිස්සේම දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල නඩත්තු කිරීමේ සහ අලුත්වැඩියා කිරීමේ ප්‍රමාදයන් හේතුවෙන් සක්‍රීය ධාවන සංචිතය බරපතළ ලෙස ක්ෂය වී ඇති බවයි.

දුම්රිය එන්ජින් සංචිතයේ බිඳවැටීම

නිල වාර්තාවලට අනුව, 2023 වසර වන විට දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පැවති සමස්ත එන්ජින් සංචිතය 106ක් ලෙස සටහන් විය. එහෙත් වසර තුනක ඇවෑමෙන් ඉන් එන්ජින් 8ක් සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත් කිරීමට සිදුවීම නිසා වත්මන් සමස්ත සංචිතය 98 දක්වා අඩු වී තිබේ.

දෛනිකව ක්‍රියාත්මක වන 450කට ආසන්න දුම්රිය ගමන්වාර සංඛ්‍යාව බාධාවකින් තොරව ධාවනය කිරීම සඳහා අවම වශයෙන් දුම්රිය එන්ජින් 74ක සක්‍රීය දායකත්වයක් අවශ්‍ය වේ. කෙසේ වෙතත්, 2023 වසරේදී ද ධාවනයට සුදුසු මට්ටමේ පැවතියේ එන්ජින් 68ක් පමණක් වන අතර, පවතින උග්‍ර නඩත්තු ගැටලු හේතුවෙන් වත්මන් සක්‍රීය ධාවන මට්ටම එන්ජින් 49ක් දක්වා තවත් පහත වැටී ඇත. මේ අනුව දෛනික මෙහෙයුම් සඳහා පමණක් දුම්රිය එන්ජින් 25ක සෘජු හිඟයක් පවතී.

බලවේග කට්ටල සංචිතයේ වත්මන් තත්ත්වය

මීට සමාන සෘණාත්මක ප්‍රවණතාවක් බලවේග කට්ටල (Power Sets) සංචිතය තුළ ද දකින්නට ලැබේ. 2023 වසරේදී 109ක් ලෙස සටහන් වූ සමස්ත බලවේග කට්ටල සංචිතයෙන් 3ක් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, මේ වන විට එය 106 දක්වා පහත වැටී ඇත.

නියමිත දුම්රිය සේවාවන් අඛණ්ඩව සැපයීම සඳහා බලවේග කට්ටල 88ක දෛනික අවශ්‍යතාවක් පවතින පසුබිමක, 2023 වසරේදී ක්‍රියාකාරී මට්ටමේ තිබූ බලවේග කට්ටල 78ක ප්‍රමාණය මේ වන විට 52 දක්වා ශීඝ්‍රයෙන් අවම වී තිබේ. ඒ අනුව, මගී ප්‍රවාහන සේවාවන් උපරිම මට්ටමෙන් පවත්වාගෙන යෑම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව මේ වන විට බලවේග කට්ටල 26ක හිඟයක් පවතින බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

සමස්ත චිත්‍රය දෙස බැලීමේදී, 2023 වසරේදී 261ක් ලෙස පැවති සමස්ත එන්ජින් සහ බලවේග කට්ටල එකතුවෙන් 19ක් විවිධ කාර්මික දෝෂ හේතුවෙන් සදහටම ඉවත් කිරීමට සිදුවී ඇති අතර, වත්මන් සමස්ත සංචිතය 242 දක්වා පහත වැටී තිබේ. මෙලෙස සක්‍රීය ධාවන තත්ත්වයේ පවතින යන්ත්‍ර සූත්‍ර ප්‍රමාණය අවම වීම, දෛනිකව දුම්රිය ප්‍රවාහනය භාවිත කරන ලක්ෂ සංඛ්‍යාත මගී ජනතාව දැඩි අපහසුතාවකට පත් කරවන දුම්රිය ගමන්වාර අවලංගු වීම් කෙරෙහි සෘජුවම බලපාන බව වෘත්තීය සමිති පෙන්වා දෙයි.

  

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...