The Leader News
BREAKING
Top Ad
පුවත්

මාධ්‍යවේදී ළහිරු දොලොස්වලට එල්ල වූ බලපෑම්වලට එරෙහිව දකුණු ආසියානු මාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ දැඩි විරෝධය!

T

The Leader Desk

July 19, 2026 • 4:41 AM

මාධ්‍යවේදී ළහිරු දොලොස්වලට එල්ල වූ බලපෑම්වලට එරෙහිව දකුණු ආසියානු මාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ දැඩි විරෝධය!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හමුදාපති ආරක්ෂක රථයක් සම්බන්ධ අනතුරක් වීඩියෝ කිරීම නිසා මාධ්‍යවේදියාට සහ පවුලේ අයට තර්ජන
  • මීට අමතරව, මාධ්‍යවේදියාගේ ජංගම දුරකථනයේ තිබූ වීඩියෝ සාක්ෂි බලහත්කාරයෙන් මකා දැමීමට කටයුතු කර ඇති අතර, ඔහුගේ බිරිඳ සහ කුඩා දරුවන් දෙදෙනා ද බියගැන්වීම්වලට ලක් කර තිබේ.
  • මෙම ක්‍රියාවන් මාධ්‍ය නිදහස, නීතියේ ආධිපත්‍යය සහ මූලික මානව හිමිකම්වලට එල්ල වූ දැඩි ප්‍රහාරයක් බව එම සංවිධානය අවධාරණය කරයි.
  • සම්මේලනයේ මහලේකම් ශකීල් අහමඩ් (Shakeel Ahmed) ප්‍රකාශ කරන්නේ, සන්නද්ධ බලකායන්හි සේනාධිනායකයා වන ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මේ පිළිබඳව වහාම ස්වාධීන, අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් කළ යුතු බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


සිදුවීම පිළිබඳව වහාම ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉංග්‍රීසි පුවත්පතක් වන ‘The Morning’ හි වෙබ් සංස්කාරකවරයකු මෙන්ම ටර්කිෂ් රාජ්‍ය රූපවාහිනී (TRT) ජාලයේ ශ්‍රී ලංකා පුවත් සම්බන්ධීකාරක සහ ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමයේ (SLWJA) සාමාජිකයකු වන මාධ්‍යවේදී ළහිරු දොලොස්වල ට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට යුද හමුදාව සහ පොලිසිය විසින් සිදුකළ බව කියන බියගැන්වීම්, හිරිහැර කිරීම් සහ බලය අවභාවිත කිරීමේ ක්‍රියාවන් දකුණු ආසියානු මාධ්‍යවේදීන්ගේ සම්මේලනය (SAJF) විසින් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැක තිබේ.

2026 ජූලි 15 වැනිදා යුද හමුදාපතිවරයාගේ නිල රථ පෙළට අයත් ආරක්ෂක රථයක් සම්බන්ධයෙන් සිදු වූ රිය අනතුරක් වාර්තා කිරීමට යාමේදී මෙම සිදුවීම වාර්තා වී ඇති බව එම සම්මේලනය නිකුත් කළ නිල ප්‍රකාශයක සඳහන් වේ.

චෝදනා පත්‍රය සහ එල්ල වූ බලපෑම්

ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) විසින් සපයන ලද තොරතුරු මත පදනම්ව දකුණු ආසියානු මාධ්‍යවේදීන්ගේ සම්මේලනය පෙන්වා දෙන්නේ, අදාළ අනතුර සිදුවූ අවස්ථාවේදී එය වීඩියෝ ගත කිරීම හේතුවෙන් මාධ්‍යවේදියාට තර්ජනය කිරීම, නිදහසේ පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට බාධා කිරීම සහ වෙනස් කරන ලද ප්‍රකාශයකට බලහත්කාරයෙන් අත්සන් ලබා ගැනීම ඇතුළු බරපතල චෝදනා රැසක් හමුදා සහ පොලිස් නිලධාරීන්ට එරෙහිව එල්ල වී ඇති බවයි.

මීට අමතරව, මාධ්‍යවේදියාගේ ජංගම දුරකථනයේ තිබූ වීඩියෝ සාක්ෂි බලහත්කාරයෙන් මකා දැමීමට කටයුතු කර ඇති අතර, ඔහුගේ බිරිඳ සහ කුඩා දරුවන් දෙදෙනා ද බියගැන්වීම්වලට ලක් කර තිබේ. මෙම ක්‍රියාවන් මාධ්‍ය නිදහස, නීතියේ ආධිපත්‍යය සහ මූලික මානව හිමිකම්වලට එල්ල වූ දැඩි ප්‍රහාරයක් බව එම සංවිධානය අවධාරණය කරයි.

ජාත්‍යන්තර මාධ්‍ය බලධාරීන්ගේ ප්‍රකාශ

මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දකුණු ආසියානු මාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ (SAJF) සභාපති ගීතාර්ථ පාඨක් (Geetartha Pathak) ප්‍රකාශ කර සිටින්නේ, වෘත්තීය රාජකාරි ඉටුකරන හෝ තමන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් භාවිත කරන මාධ්‍යවේදියෙකුට අපරාධකරුවෙකු ලෙස සැලකීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි. මාධ්‍ය නිහඬ කිරීමට සන්නද්ධ බලකායන් සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සිය බලය අවභාවිත කරන්නේ නම්, එය ප්‍රජාතන්ත්‍රවාදයේ සහ වගවීම් ක්‍රියාවලියේ මූලධර්ම බිඳවැටීමක් බවත්, ශ්‍රී ලංකා රජය වහාම මේ පිළිබඳව තීරණාත්මක පියවරක් ගනිමින් මාධ්‍ය නිදහස සුරැකීමට කටයුතු කළ යුතු බවත් හෙතෙම පවසයි.

සම්මේලනයේ මහලේකම් ශකීල් අහමඩ් (Shakeel Ahmed) ප්‍රකාශ කරන්නේ, සන්නද්ධ බලකායන්හි සේනාධිනායකයා වන ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මේ පිළිබඳව වහාම ස්වාධීන, අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් කළ යුතු බවයි.

බලය අවභාවිත කිරීම, සාක්ෂි විනාශ කිරීම සහ නීතිමය ක්‍රියාවලීන්ට බාධා කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු සියලුම හමුදා සහ පොලිස් නිලධාරීන්ට එරෙහිව නිසි විනය හා නීතිමය පියවර ගත යුතු බවත්, ප්‍රජාතන්ත්‍රවාදී රටක මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රහාරයන් සම්බන්ධයෙන් පවතින දඬුවම් නොලැබීමේ සංස්කෘතියට ඉඩක් නොමැති බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටී.

ශ්‍රී ලංකා රජය වෙත කෙරෙන බලකිරීම්

ගෝලීය මානව හිමිකම් ප්‍රමිතීන්ට සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා වන අයුරින් සිදුවන මෙවැනි බියගැන්වීම් පිළිබඳව සිය දැඩි කනස්සල්ල පළ කරන දකුණු ආසියානු මාධ්‍යවේදීන්ගේ සම්මේලනය, ශ්‍රී ලංකා රජයෙන් කරුණු පහක් ඉල්ලා සිටී.

1- සිද්ධිය සම්බන්ධයෙන් නිශ්චිත කාලරාමුවක් සහිත ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කිරීම.
2- බලතල අවභාවිත කළ සහ බියගැන්වීම්වලට සම්බන්ධ සියලුම හමුදා සහ පොලිස් නිලධාරීන් වගකීමට බැඳ තැබීම.
3- මාධ්‍යවේදී ළහිරු දොලොස්වල සහ ඔහුගේ පවුලේ අයට යුක්තිය, ආරක්ෂාව සහ නිසි සහන සැලසීම.
4- දිවයින පුරා සිටින මාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍ය සේවකයන්ගේ ස්වාධීනත්වය සහ ආරක්ෂාව තහවුරු කිරීම.
5- මෙවැනි සිදුවීම් නැවත සිදුවීම වැළැක්වීමට සහ මාධ්‍ය නිදහස සඳහා වන ආයතනික ආරක්ෂණ පද්ධති ශක්තිමත් කිරීමට පියවර ගැනීම.


මෙම සිදුවීමේ ප්‍රගතිය පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන, මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සමිති සහ මානව හිමිකම් සංවිධානවලින් ඉල්ලා සිටින දකුණු ආසියානු මාධ්‍යවේදීන්ගේ සම්මේලනය, එක් මාධ්‍යවේදියෙකුට එල්ල වන ප්‍රහාරයක් යනු සමස්ත මාධ්‍ය නිදහසට සහ මහජනතාවගේ දැනගැනීමේ අයිතියට එල්ල වන ප්‍රහාරයක් බව නැවත වරක් අවධාරණය කර සිටී.

jo7jo8

සබැඳි පුවත් :

මාධ්‍යවේදී ළහිරු දොලොස්වලට සිදුවූ තර්ජන ගැන නේපාල මාධ්‍ය සංගමයෙන් ප්‍රබල විරෝධයක්

යුද හමුදාපතිගේ ප්‍රභූ රථයෙන් මාධ්‍යවේදියකුට අනතුරක්: වැලිකඩ පොලිසියේදී පැමිණිල්ල විකෘති කළ බවට චෝදනා

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...