The Leader News
BREAKING
බහාලුම් 323 සිද්ධියේ පාර්ලිමේන්තු තීන්දුව ළඟදීම සභාගත කෙරේ●'සිවුර ගලවන්න කාටවත් බෑ' - මහානායක හිමිගෙන් දැඩි ස්ථාවරයක්●ඥානසාර හිමි නිදහස් කළේ ඇයි? රනිල් සියල්ල හෙළි කරයි●සමාජ මාධ්‍ය ව්‍යාජ ගිණුම් රැල්ලට එරෙහිව දැල එළෙයි●මෙට්‍රෝ බස් පැමිණීමෙන් මාකුඹුර රථගාල පිරී යයි  ●පාසල් සිසුවා අපයෝජනය කළ ගුරුවරියට වසර අටක සිරදඬුවම්●අනෝජන් බේරාගැනීමට ලාංකික නීතිඥ කණ්ඩායමකගෙන් සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්●ශ්‍රීලන්කන් රියාද් ගුවන් ගමන් ඔක්තෝබර් 18 තෙක් නවතී●පෞද්ගලික ඉන්ධන සමාගම්වලට හිතුමතේ මිල වැඩි කරන්න බෑ - ඇමති අනුර කියයි●නොදැනම ගෙවෙන ජීවිත: මෙරට පස්දෙනෙකුගෙන් එක් අයෙකුට විශාදය●
Top Ad
පුවත්

ඥානසාර හිමි නිදහස් කළේ ඇයි? රනිල් සියල්ල හෙළි කරයි

CSK

CSK

October 11, 2026 • 8:35 AM

ඥානසාර හිමි නිදහස් කළේ ඇයි? රනිල් සියල්ල හෙළි කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී ඇති වූ සිදුවීම මුල් කරගෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරදඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ පසුබිම පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
  • කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පසුගියදා පැවති එක්සත් ජාතික පක්ෂ නීතිඥ හමුව අමතමින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, එම තීරණය හුදෙක් පුද්ගලික සමාවක් නොව ආගමික සහ විනය පිටකය සම්බන්ධයෙන් මතු වූ බරපතළ ප්‍රශ්නයක් නිරාකරණය කිරීමක් බවයි.
  • එහෙත් බන්ධනාගාරයට යැවීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් නොකළ බව රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.
  • එම ලිපියෙන් සිවුර ඉවත් කරන්නේ නැති බවට පොරොන්දු වී තිබුණා," යැයි ඔහු හෙළි කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී ඇති වූ සිදුවීම මුල් කරගෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරදඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ පසුබිම පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පසුගියදා පැවති එක්සත් ජාතික පක්ෂ නීතිඥ හමුව අමතමින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, එම තීරණය හුදෙක් පුද්ගලික සමාවක් නොව ආගමික සහ විනය පිටකය සම්බන්ධයෙන් මතු වූ බරපතළ ප්‍රශ්නයක් නිරාකරණය කිරීමක් බවයි.


හෝමාගම සිදුවීම සහ ලිඛිත පොරොන්දුව

හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක ගේ දැනුම්දීම මත අභියාචනාධිකරණය මඟින් ඥානසාර හිමියන්ට සිරදඬුවම් නියම කෙරිණි. එහෙත් බන්ධනාගාරයට යැවීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් නොකළ බව රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

"එදා හාමුදුරුවන් බන්ධනාගාරයට යවද්දී සිවුර ඉවත් කළේ නැහැ. මේ ගැන එවකට අධිකරණ ඇමතිනි තලතා අතුකෝරළ කොටපිටියේ රාහුල හාමුදුරුවන්ට යැවූ ලිපිය මා ළඟ තවමත් තිබෙනවා. එම ලිපියෙන් සිවුර ඉවත් කරන්නේ නැති බවට පොරොන්දු වී තිබුණා," යැයි ඔහු හෙළි කළේය.

සංඝ විනය, පාරාජිකාව සහ 9 වැනි වගන්තිය

උන්වහන්සේ වසරක කාලයක් බන්ධනාගාරයේ ගත කිරීමෙන් පසු මහා සංඝරත්නයේ නියෝජිත පිරිසක් පැමිණ රජයට කරුණු පැහැදිලි කර තිබේ. සිවුර අත්හැරවීම සිදු කරන්නේ අපරාධ නඩුවකදී හෝ විනය පිටකයට අනුව 'පාරාජිකා' තත්ත්වයකට පත් වූ විට පමණක් බව සංඝරත්නය පෙන්වා දී ඇත.

අධිකරණයට බාධා කිරීම හෝ අවනම්බු කිරීම වරදක් වුවද, එය විනය නීතියට අනුව පාරාජිකා ක්‍රියාවක් නොවන බවත්, සාමාන්‍ය ක්‍රමවේදය අනුව එවැනි අවස්ථාවක අදාළ පාර්ශ්වයේ කාරක සභා මඟින් කැඳවා අවවාද කිරීම හෝ භාවනා කිරීමට කල් දීම සිදු කරන බවත් උන්වහන්සේලා පවසා තිබේ.

පාරාජිකා නොවන කාරණයකට බලහත්කාරයෙන් සිවුර ඉවත් කළහොත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියෙන් තහවුරු කර ඇති 'බුද්ධ ශාසනය සුරැකීමේ' වගකීමට පටහැනි බරපතළ ගැටලුවක් බව සංඝරත්නය එදා සිහිපත් කළ බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.


කැබිනට් සාකච්ඡාව සහ මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය

මේ පිළිබඳව එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ සාකච්ඡා කරන ලෙස තමන් සංඝරත්නයට දැනුම් දුන් බවත්, ඉන් අනතුරුව ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය අතර මේ ගැන දීර්ඝව සාකච්ඡා වූ බවත් ඔහු කියා සිටියේය.


"අවුරුද්දක් ගියාට පසු හාමුදුරුවන්ගේ සිවුර ගලවා බන්ධනාගාරයේ තබනවාද, නැතිනම් අවුරුද්දක දඬුවමක් විඳ ඇති නිසා සමාව දී පිට කරනවාද කියා තීරණය කළ යුතුව තිබුණා. දිගින් දිගටම උන්වහන්සේ එම තත්ත්වයේ තබාගන්න බැහැ. බන්ධනාගාරයේ සිටියදී සිවුර ඉවත් කළා නම් ඒ සියලු චෝදනා ආණ්ඩුවේ ඇඟට වැටෙනවා. ජනාධිපතිතුමාගේ තීරණය වුණේ අවුරුද්දක් ගත කර ඇති නිසා සමාව ලබාදීමයි. එය ක්‍රියාත්මක වුණේ 9 වැනි වගන්තිය යටතේ," යැයි රනිල් වික්‍රමසිංහ  විස්තර කළේය.

හේතු ලිඛිතව නොදීම සහ ලෝක සම්ප්‍රදාය

සමාව ලබාදීමේදී ලිඛිතව හේතු දැක්වීමක් සිදු නොකළ බවත්, සාමාන්‍යයෙන් නිදහස් දිනය හෝ වෙසක් දිනය වැනි අවස්ථාවල සිරකරුවන් නිදහස් කිරීමේදී හෝ දඬුවම් ලිහිල් කිරීමේදී ලිඛිත හේතු නොදක්වන බවත් ඔහු පැහැදිලි කළේය. එවකට ඇමති විජයදාස රාජපක්ෂ බන්ධනාගාර තදබදය නිසා රැඳවියන් නිදහස් කිරීමට යෝජනා කළ අවස්ථාවේදීත් තමන් වාචිකව උපදෙස් දුන් බවත්, ලිඛිත සටහන් (minutes) නොතැබීම මෙරට මෙන්ම වෙනත් බොහෝ රටවලද සාමාන්‍ය පරිපාලන භාවිතයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.


CPA විරෝධය සහ ඉන්දීය උදාහරණය

මෙම සමාව ප්‍රදානයට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) අධිකරණයට යෑම සම්බන්ධයෙන්ද වික්‍රමසිංහ මෙහිදී දහස් දැක්වීය:

"ඉන්දියාවේදී අග්‍රවිනිශ්චයකාරවරයාට 'දලිත්' කුලය මතක් කර පහත් ලෙස බැන වැදී සපත්තුවෙන් ගැසූ අවස්ථාවේදී පවා බොහෝ විට අවවාද කර හෝ මාසයක් පමණ තබා නිදහස් කරනවා. මෙතැනදී කිසිදු ආගමකට හානියක් සිදුවුණේ නැහැ. උන්වහන්සේ වසරක දඬුවමක් වින්දා. ඉන්පසු මතු වූයේ ආගමික සහ විනය පිටකය පිළිබඳ ගැටලුවක්. මෙතැනදී ප්‍රකාශ වූයේ බෞද්ධ බහුතරයේ මතයයි. එසේ තිබියදී CPA එක ඊට විරුද්ධ වන්නේ කොහොමද? මේවාට සහයෝගය දෙන්න බැහැ. නඩු තීන්දුව දුන් දවසෙම සමාව දුන්නා නම් ප්‍රශ්නයක්; නමුත් මේ සමාව දුන්නේ වසරකට පසු මතු වූ ආගමික සහ විනය ගැටලුව විසඳීමටයි."

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...