කොළඹදී පැවති ආගමික හා සමාජීය සමුළුවක් අමතමින් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා අධිකරණමය ක්‍රියාදාමයන් කිහිපයක් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අදහස් දැක්වීමක නිරත විය. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් මෙම සමුළුව සංවිධාන කර තිබිණ.
බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ අරමුණින් සංවිධානය කර තිබූ මෙම හමුවේදී හිටපු අගවිනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේ, මහා සංඝරත්නය මෙන්ම ඇතැම් දේශපාලන හා ජාතික නායකයින් ඉලක්ක කරගනිමින් පීඩනයක් එල්ල කිරීමේ පසුබිමක් නිරීක්ෂණය වන බවයි.
මතු කළ නීතිමය ගැටලුව කුමක්ද?
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත මීට පෙර අභියාචනාධිකරණය මඟින් ලබාදුන් තීන්දුව පිළිබඳව මෙහිදී ඔහු දීර්ඝ විවරණයක් කළේය.
මහේස්ත්‍රාත් අධිකරණයකින් ඉදිරිපත් කළ කරුණක් පදනම් කරගනිමින් එවකට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කළ ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් ලබාදුන් 6 වසරක සිරදඬුවම සාමාන්‍ය නීතිමය රාමුව ඉක්මවා ගිය එකක් බව හිටපු අගවිනිසුරුවරයාගේ තර්කය විය.
සාමාන්‍ය නීතිය අනුව අධිකරණයට අපහාස කිරීමකදී ලබාදිය හැකි උපරිම දඬුවම් සීමාව මාස 18ක් (වසර එකහමාරක්) බව ඔහු පෙන්වා දෙයි.
අභියාචනාධිකරණයට සෘජුව සිදුකරන අපහාසයක් සඳහා අදාළ වන නීතිමය ප්‍රතිපාදන වෙනත් අධිකරණයක සිදුවීමකට ඒ ආකාරයෙන්ම ආදේශ කිරීමේ ක්‍රමවේදය ඔහු ප්‍රශ්න කරයි.

එහිදී අදහස් දැක්වූ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා,
“ඥානසාර හාමුදුරුවන්ට දීලා තියෙන දඬුවම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධීයි. මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයේ සභාපතිවෙන ප්‍රීති පද්මන් සූරසේනට ලියුමක් ලියලා කියනවා මගේ උසාවියේ මේ වගේ වැඩක් වුණා. මට දෙන්න හැකි දඬුවම් බලය අඩුහින්දා බරපතළ දඬුවමක් දෙන්න ඔබතුමාගේ උසාවියට මං ඉදිරිපත් කරනවා. ඔන්න ඔතන තමයි මේකේ ගැටය තියෙන්නේ දැන් මේකේ නීතිමය තත්ත්වය මොකක්ද? උසාවියට අපහාස කිරීම දඬුවම් තියෙනවා එතන මාස 18යි දෙන්න පුළුවන් දැන් මෙතන ප්‍රීති පද්මන් සූරසේන දීලා තියෙනවා අවුරුදු 6ක් නීතියෙන් තියෙන්නේ මාස 18යි. ඒ අභියාචනාධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් පමණයි. ”

නීති ක්ෂේත්‍රයේ විවිධ මත
කෙසේ වෙතත්, නීති විශාරදයින් මීට පෙර පෙන්වා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) වගන්තිය යටතේ අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නියම කිරීමට ආවේණික පූර්ණ බලයක් (inherent jurisdiction) හිමිව ඇති බවයි.
එබැවින් හිටපු අගවිනිසුරුවරයා විසින් සිදුකළ මෙම ප්‍රකාශය සහ අතීත නඩු තීන්දු යළි විවාදයට ලක්කිරීම සම්බන්ධයෙන් නීති හා දේශපාලන ක්ෂේත්‍ර තුළ විවිධ මට්ටමේ සංවාද නිර්මාණය වෙමින් පවතී.