The Leader News
BREAKING
Top Ad
පුවත්

PSTA සහ POC පනත් සම්මතය හදිසි නෑ: ජනපතිගෙන් විරාමයක්

Awara

Awara

November 8, 2026 • 12:53 PM

PSTA සහ POC පනත් සම්මතය හදිසි නෑ: ජනපතිගෙන් විරාමයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විරෝධතා මැද සමාලෝචනයට උපදෙස් ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (POC) කඩිනමින් සම්මත කර ගැනීමට රජය කටයුතු නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.
  • කොළඹ ඊයේ (07) පැවති ජාතික වෘත්තීය සමිති සමුළුව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, අදාළ පනත් පිළිබඳ සියලු පාර්ශ්ව සමඟ පුළුල් සංවාදයක් පවත්වා, පොදු එකඟතාවකට පැමිණීමෙන් තොරව ඒවා පාර්ලිමේන්තුවේදී සම්මත නොකරන බවයි.
  • ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට පටහැනි වගන්ති ඉවත් කර කෙටුම්පත් යළි සකස් විය යුතු බවට ප්‍රබල විවේචන එල්ල වෙමින් පවතී.
  • අධිකරණ ඇමතිට පැවරුණු වගකීම මහජනතාව සහ සිවිල් සමාජය මතු කරන සාධාරණ බිය සහ සැකයන් සැලකිල්ලට ගනිමින්, අදාළ සියලු පාර්ශ්ව සමඟ වහාම සාකච්ඡා ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ට උපදෙස් දී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

විරෝධතා මැද සමාලෝචනයට උපදෙස්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (POC) කඩිනමින් සම්මත කර ගැනීමට රජය කටයුතු නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.

කොළඹ ඊයේ (07) පැවති ජාතික වෘත්තීය සමිති සමුළුව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, අදාළ පනත් පිළිබඳ සියලු පාර්ශ්ව සමඟ පුළුල් සංවාදයක් පවත්වා, පොදු එකඟතාවකට පැමිණීමෙන් තොරව ඒවා පාර්ලිමේන්තුවේදී සම්මත නොකරන බවයි.

දෙස් විදෙස් මානව හිමිකම් සංවිධාන, නීතිඥ ප්‍රජාව මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දැඩි අවධානයක් මෙම නීති වෙත යොමුව තිබේ. ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට පටහැනි වගන්ති ඉවත් කර කෙටුම්පත් යළි සකස් විය යුතු බවට ප්‍රබල විවේචන එල්ල වෙමින් පවතී.

අධිකරණ ඇමතිට පැවරුණු වගකීම

මහජනතාව සහ සිවිල් සමාජය මතු කරන සාධාරණ බිය සහ සැකයන් සැලකිල්ලට ගනිමින්, අදාළ සියලු පාර්ශ්ව සමඟ වහාම සාකච්ඡා ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ට උපදෙස් දී ඇත.

සංවිධානාත්මක අපරාධ මැඩලීමේ පනතට විරෝධය පාන පාර්ශ්ව දෙකක් හඳුනාගත හැකි බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා:

* පාතාල අපරාධකරුවන් සහ ඔවුන්ට රැකවරණය දෙන දේශපාලන හෝ වෙනත් බලවේග

* මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පිළිබඳ අව්‍යාජව පෙනී සිටින සිවිල් පාර්ශ්ව

නීති විරෝධී කල්ලිවල බලපෑම්වලට රජය කිසිසේත් හිස නොනමන නමුත්, මූලික මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නඟන පුරවැසියන්ගේ හඬට පූර්ණ ලෙස සවන් දීමට රජය සූදානම් බව ඔහු පැවසීය.

ජාතික ආරක්ෂාව සහ ප්‍රජාතන්ත්‍රවාදය

රාජ්‍ය ව්‍යුහය අඩපණ කිරීමට උත්සාහ කරන සංවිධානාත්මක අපරාධ ජාලයන් මුලිනුපුටා දැමීමට දැඩි නීති රාමුවක් අත්‍යවශ්‍ය සාධකයක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

දශක ගණනාවක් තිස්සේ ජනතා මර්දනයට භාවිත වූ බවට චෝදනා එල්ල වන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත (PTA) වෙනුවට ඉදිරිපත් කෙරෙන PSTA කෙටුම්පත වඩාත් මධ්‍යස්ථ ස්වරූපයක් ගන්නා බව ඔහු සඳහන් කළේය. ලොව බොහෝ රටවල ජාතික ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි නීති පවතින බවත්, කිසිදු අවස්ථාවක සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් මර්දනයට මෙම නීති යොදා ගැනීමට ඉඩ නොතබන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානය සහ ඉදිරි මාවත

යෝජිත PSTA සහ POC පනත් කෙටුම්පත් ද්විත්වයම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට පෙන්වා දෙමින් පාර්ශ්ව රැසක් විසින් මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබේ.

අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වීමට පෙර රජය පාර්ශ්වකරුවන් සමඟ සංවාදයකට එළැඹීම තුළින්, මතභේදාත්මක වගන්ති සංශෝධනය කර වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් සකස් කර ගැනීමට අවස්ථාව විවර වී ඇති බව නිරීක්ෂකයෝ පෙන්වා දෙති.


වැඩිදුර තොරතුරු:
රාජ්‍ය සේවයට මහා සැත්කමක්: ජනපතිගෙන් ප්‍රතිසංස්කරණ මාලාවක්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...