BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
ක්‍රීඩා

2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ප්‍රථම වතාවට පිරිමින්ට වඩා කාන්තාවන් තරග බිමේ

T

The Leader Desk

April 14, 2025 • 9:36 AM

 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ප්‍රථම වතාවට පිරිමින්ට වඩා කාන්තාවන් තරග බිමේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට තව වසර තුනකට වැඩි කාලයක් තිබෙනවා. නමුත් දැනටමත් එය ඉතිහාස පොතේ පිටුවක් සුරක්ෂිත කරගෙන තිබෙනවා. ඒ, ප්‍රථම වතාවට පිරිමින්ට වඩා කාන්තාවන් තරග වදින ඔලිම්පික් උළෙල ලෙසින්.
  • ඒ අතරම, ඔලිම්පික් බලධාරීන් කාන්තා පාපන්දු තරගාවලිය කණ්ඩායම් 16 දක්වා කණ්ඩායම් හතරකින් වැඩිකර තිබෙනවා.
  • කාන්තා ජල පෝලෝ තරගාවලියට තවත් කණ්ඩායම් දෙකක් එක් කිරීම හා කාන්තා බොක්සිං තරගාවලියට තවත් බර පංතියක් එක් කිරීම මගින් එම ඉසව්වලට සහභාගි වන කණ්ඩායම් සංඛ්‍යාව පිළිවෙලින් 12 සහ 7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
  • මේ අනුව ක්‍රීඩාවන් 36ක් හරහා කාන්තාවන්ට තරග ස්ථාන 5,655ක් හිමිව තිබෙන අතර පිරිමින්ට තිබෙන්නේ ස්ථාන 5,543ක්.
අකුරු ප්‍රමාණය (Font Size):


පිරිමි පාපන්දු තරගාවලිය කණ්ඩායම් 16 සිට 12 දක්වා ඇකිළීමට ජගත් ඔලිම්පික් කමිටුව (IOC) බදාදා තීරණය කිරීමෙන් පසුව තරාදිය ක්‍රීඩිකාවන්ගේ පැත්තට බරව තිබෙනවා. ඒ අතරම, ඔලිම්පික් බලධාරීන් කාන්තා පාපන්දු තරගාවලිය කණ්ඩායම් 16 දක්වා කණ්ඩායම් හතරකින් වැඩිකර තිබෙනවා. කාන්තා ජල පෝලෝ තරගාවලියට තවත් කණ්ඩායම් දෙකක් එක් කිරීම හා කාන්තා බොක්සිං තරගාවලියට තවත් බර පංතියක් එක් කිරීම මගින් එම ඉසව්වලට සහභාගි වන කණ්ඩායම් සංඛ්‍යාව පිළිවෙලින් 12 සහ 7 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව ක්‍රීඩාවන් 36ක් හරහා කාන්තාවන්ට තරග ස්ථාන 5,655ක් හිමිව තිබෙන අතර පිරිමින්ට තිබෙන්නේ ස්ථාන 5,543ක්.

 

cw15ruawwx9cd6ioeuz6මේරි කොම්
කාන්තාවන් බොහෝ දෙනෙකුට ක්‍රීඩාවට නැඹුරු වීම පිණිස මෙය ඉතා වැදගත් තීරණයක් වනු ඇති බව 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ ලෝකඩ පදක්කම හිමිකර ගත් මේරි කොම් (Mary Kom) බොක්සිං ක්‍රීඩිකාව පවසනවා. “අපට නොලැබුනු අවස්ථාවක් වර්තමාන පරම්පරාවට ලැබෙනවා. ඔලිම්පික්ස්වල තරග කරන්න ලොකු කාලයක් බලා සිටින්න සිදු නොවී අද මම තරග බිමේ හිටියා නම් කොච්චර හොඳ ද කියලා මට දැන් හිතෙනවා” යනුවෙන් ඇය කියනවා.

වසර 2002 සහ 2010 අතර කාලය තුළ ලෝක ශූරතාවලියන් පහක් ජය ගත් කාන්තා බොක්සිං ක්‍රීඩාවේ පුරෝගාමියෙකු වන මේරි ට ඔලිම්පික් ක්‍රීඩා උළෙලක තරග කිරීම සඳහා වසර 2012 තෙක් බලා සිටීමට සිදුවුනා. ඒ වනතුරු, බොක්සිං ක්‍රීඩිකාවන්ට ලොව ලොකුම ක්‍රීඩා සාදයට ආරාධනා කෙරුනේ නැහැ. ඔවුන් ඊට ඇතුළත් කරගත් පසුව වූව ද, පිරිමින් සඳහා බර පංති 10ක් තිබියදී කාන්තාවන් වෙනුවෙන් අනුමත කරනු ලැබුවේ බර පංති තුනක් පමණයි.

එහෙත් 2012 ඔලිම්පික් වැඩසටහනට කාන්තා බොක්සිං එක් කිරීමෙන් ස්ත්‍රී පුරුෂ සමානත්වය සඳහා වන පළමු විශාල පියවර තැබුනා. එ අනුව, 1900 වසරේදී ප්‍රථම වතාවට තරග කිරීමෙන් පසුව කාන්තාවන්ට ඔලිම්පික් ක්‍රීඩා උළෙලක සෑම ඉසව්වකම පදක්කමක් සඳහා තරග කිරීමට අවස්ථාව උදාවුනා.

60dc86f65231911fa148c3c5

දොළොස් වසරකට පසුව, ඉතිහාසයේ තවත් විශේෂ අවස්ථාවක් සනිටුහන් කරමින් 2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී පළමු වතාවට ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය ට ම එක සමාන ඉසව් සංඛ්‍යාවක් ලැබුනා. සමාන බව සඳහා වූ වසර 124ක සටනක අවසන්වීමක් පැරිසිය සලකුණු කළා නම්, ලොස් ඇන්ජලීස් නගරය තවත් පියවරක් ඉදිරියට තබමින් සියයට 50.5ක කාන්තා නියෝජනයක් ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයක්.

පැරිසියේ දී, ඉන්දියාව 110කින් යුත් කණ්ඩායමකින් කාන්තාවන් 45ක් තරග බිමට ඉදිරිපත් කළා. ඔවුන්ගේ කාන්තා හොකී සහ ක්‍රිකට් කණ්ඩායම් සුදුසුකම් ලැබුවහොත් මේ සංඛ්‍යාව ලොස් ඇන්ජලීස් හි දී වැඩිවීමට ඉඩ තිබෙනවා.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවේ ලොකුම අරගලය පැවති රට අමෙරිකාව යි. සමාන වැටුප් සහ අයිතීන් වෙනුවෙන් අමෙරිකානු කාන්තා පාපන්දු කණ්ඩායම එරට පාපන්දු සම්මේලනය අධිකරණයට ඇදගෙන ගියා. වසර හයක නීතිමය වාද විවාදවලින් පසුව 2022 වසරේදී ඔවුන් සන්ධිස්ථානයකට පැමිණෙමින් ක්‍රීඩිකාවන්ගේ ඉල්ලීම් ලබා දීමට එකඟ වුනා.

0x0 1

කාන්තා පාපන්දුව ඔලිම්පික් වැඩසටහනට හඳුන්වා දුන් ස්ථානය වූයේ ද අමෙරිකාව. ඒ 1996 වසරේ. එහිදී එම සත්කාරක කණ්ඩායම රන් පදක්කම දිනා ගත් අතර එය ඔවුන්ගේ වාර්තාගත ශූරතා පහෙන් පළමුවැන්න වූ අතර 2024 පැරිස් ඔලිම්පික් ජයග්‍රහණය ද ඊට ඇතුළත්. 2028 වසරේදී අමෙරිකාව විසින් මවනු ඇත්තේ මෙතෙක් පැවති විශාලතම කාන්තා ඔලිම්පික් තරගාවලියේ සිරස්තල.



warnan Gunasekara
 (සටහන | වර්නන් ගුණසේකර)
 ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...