ඉටුකිරීමක් බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඇතුළු ඇතැමුන් එල්ල කරන චෝදනාවලට කිසිදු පදනමක් නොමැති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පවසයි.
විශේෂයෙන්ම රනිල් වීක්‍රමසිංහගෙන් ලබාගත් තාන්න මාන්නවලට හිලව් වශයෙන් දැන් ජනාධිපතිවරයාගේ මනදොල පිරවීමට උත්සහ කරන බවට චෝදනා කරමින් විපක්ෂනායකවරයා කර තිබෙන තමන්ගේ ධුරයට නොගැලපෙන ප්‍රකාශය පිළිබඳව දැඩිව කණගාටුවන බවත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහ ලේකම්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් ජයසේකර සඳහන් කළේය.
ඔහු එසේ ව්‍යංගයෙන් චෝදනා කරන්නේ සිය ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය පිළිබඳව නම්, සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයාගේ ප්‍රකාශය රාජ්‍ය සම්මාන ලැබූ සියලු ශ්‍රී ලාංකිකයින්ට කරන අවමානයක් බවද "සරෝජ් සමග සංදේශය" නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමින් සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ මහ ලේකම්වරයා පැවසීය. විපක්ෂනායකවරයාගේ පියා, හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස විසින් පවා කරු ජයසූරිය වෙත රාජ්‍ය සම්මාන ප්‍රදානය කර තිබෙන බවත් ඔහු සිහිපත් කළේය.
පාහියංගල ආනන්ද සාගර හිමි සහ වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වෑයම දැඩි දෝෂදර්ශනයට ලක් කොට තිබුණි. විශේෂයෙන්ම වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා පවසා තිබුණේ, හිටපු කතානායක කරු ජයසූරිය විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමෙන් අනතුරුව නාම මාත්‍රික ජනපති පදවියට පත්වීමට සිහින් දකිමින් සිටින බවකි.
වසන්ත යාපා බණ්ඩාර යනු මෙවැනිම වූ 'සර්ව බලධාරී, නිර්භීත පාලකයෙකු' ගොඩ නැගීම පිණිස වියත්මග සංවිධානය ඔස්සේ ප්‍රබල දායකත්වයක් දුන් පුදගලයෙකු බව එයට ප්‍රතිචාර දක්වමින් පෙන්වා දෙන සුනිල් ජයසේකර, ඔවුන් එසේ නිර්මාණය කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට අත්කර දුන් ඉරණම ශ්‍රී ලංකාවාසීන්ට අමතක වී නැති බවත් සඳහන් කළේය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ප්‍රයත්නය කිසිසේත්ම මැතිවරණ කල් දැමීම සඳහා කෙරෙන උත්සහයක් නොවන බව පෙන්වා දුන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකර, කිසිදු මැතිවරණයක් කල් දැමීමේ ඕනෑම උත්සහයකට සිය ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත් අවධාරණය කළේය.
කරු කරන්නේ රනිල්ගෙ කොන්ත්‍රාත්තුවක් ද? සාධාරණ සමාජයෙන් සජිත්ට පිළිතුරු
T
The Leader Desk
February 24, 2024 • 3:46 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- විශේෂයෙන්ම වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා පවසා තිබුණේ, හිටපු කතානායක කරු ජයසූරිය විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමෙන් අනතුරුව නාම මාත්‍රික ජනපති පදවියට පත්වීමට සිහින් දකිමින් සිටින බවකි.
- විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ප්‍රයත්නය කිසිසේත්ම මැතිවරණ කල් දැමීම සඳහා කෙරෙන උත්සහයක් නොවන බව පෙන්වා දුන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකර, කිසිදු මැතිවරණයක් කල් දැමීමේ ඕනෑම උත්සහයකට සිය ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත් අවධාරණය කළේය.
අකුරු ප්රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්යන්තර ඩයස්පෝරාව අතර ක්රියාත්මක වන ප්රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



