The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රෂිඩ් ඛාන්ගෙන් විස්සයි20 ඉතිහාසගත කඩුලු 200 වාර්තාවක්

ජාත්‍යන්තර විස්සයි20 පිටියේ කඩුලු 200 සීමාව පසුකළ ලොව පළමු පන්දු යවන්නා ලෙස ඇෆ්ගනිස්තානයේ රෂිඩ් ඛාන් ෂාජා හිදී පෙරළිකාර ඉතිහාසයක් සටහන් කරමින් ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරයි.

Pasan

Pasan

November 1, 2026 • 8:34 PM

රෂිඩ් ඛාන්ගෙන් විස්සයි20 ඉතිහාසගත කඩුලු 200 වාර්තාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර විස්සයි20 (T20) ක්‍රිකට් ක්‍රීඩාවේ කඩුලු 200ක් ලබා ගත් පළමු පන්දු යවන්නා බවට ඇෆ්ගනිස්තානයේ රෂිඩ් ඛාන් පත්ව සිටිනවා.
  • හිටපු ඇෆ්ගන් ක්‍රිකට් නායකයා මේ කඩඉමට පිවිසියේ ෂාජා හිදී සිම්බාබ්වේ ට එරෙහිව පැවති ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ දෙවැනි විස්සයි20 තරගයේ.
  • රෂිඩ් මේ වික්‍රමය සටහන් කළේ ඔහු සහභාගි වූ 120 වැනි ජාත්‍යන්තර T20 තරගයේ.
  • හැවිරිදි පන්දු යවන්නා 13.96ක සාමාන්‍යයක් සතුකර ගෙන සිටින්නේ මේ ශෛලියේ ක්‍රිකට් ක්‍රීඩාවේ 6.13ක සකසුරුවම් අගයක් වාර්තා කරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාත්‍යන්තර විස්සයි20 (T20) ක්‍රිකට් ක්‍රීඩාවේ කඩුලු 200ක් ලබා ගත් පළමු පන්දු යවන්නා බවට ඇෆ්ගනිස්තානයේ රෂිඩ් ඛාන් පත්ව සිටිනවා. හිටපු ඇෆ්ගන් ක්‍රිකට් නායකයා මේ කඩඉමට පිවිසියේ ෂාජා හිදී සිම්බාබ්වේ ට එරෙහිව පැවති ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ දෙවැනි විස්සයි20 තරගයේ.

ද්විත්ව ශතක කඩුල්ලේ සුවිශේෂී මොහොත

මේ පා-දඟ පන්දු යවන්නා ඔහුගේ ද්විත්ව ශතක කඩුල්ල වාර්තා කළේ නව වැනි ඔ්වරයේදී ටඩිවනාශී මරුමානි කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින්.

රෂිඩ් මේ වික්‍රමය සටහන් කළේ ඔහු සහභාගි වූ 120 වැනි ජාත්‍යන්තර T20 තරගයේ. 28 හැවිරිදි පන්දු යවන්නා 13.96ක සාමාන්‍යයක් සතුකර ගෙන සිටින්නේ මේ ශෛලියේ ක්‍රිකට් ක්‍රීඩාවේ 6.13ක සකසුරුවම් අගයක් වාර්තා කරමින්. ලකුණු 3කට කඩුලු 5ක හොඳම දක්ෂතාවක් සමග තරගයකදී කඩුලු පහක් ලබා ගැනීම් දෙකක් ඔහුගේ වාර්තාවට ඇතුළත්.

ලොව අංක එකේ කඩුලුලාභියා ලෙස පෙරමුණේ

ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ පෙරමුණේ සිටින කඩුලුලාභීන්ගේ ලැයිස්තුවේ කඩුලු 200ක් සමග ඉහළින් ම සිටීමට රෂිඩ් ඛාන් ට හැකිව තිබෙන්නේ ඔහු එහි දෙවැනි ස්ථානයේ පසුවන එංගලන්තයේ අඩිල් රෂිඩ් ට වඩා කඩුලු 39ක් වැඩියෙන් ලබා ගෙන සිටින බැවින්.

(සටහන | වර්නන් ගුණසේකර)    

img-20261101-203523-mceclip0-y1LUt2.png

වර්නන් ගුණසේකර

ක්‍රීඩා සංස්කාරක

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...