leader s

විවිධ පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් ඇතැම් වෙබ් අඩවිවලින් ගන්නා දත්ත පරිගණක අපරාධකරුවන් විසින් අපරාධ සඳහා

යොදාගන්නා බවට තොරතුරු ඇතැයි පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ ය.

අන්තර්ජාලය භාවිතයේදී පරිශීලකයන්ගේ සංවේදී පෞද්ගලික තොරතුරු අන්සතුවීම වැළැක්වීමට වෙබ් අඩවි නිර්මාණයේදී විවිධ ආරක්ෂිත ක්‍රමෝපායන් අනුගමනය කරනු ලැබේ. 

එහෙත් ඇතැම් රජයේ හා පෞද්ගලික වෙබ් අඩවිවල තොරතුරු ඉතා පහසුවෙන් තෙවැනි පාර්ශ්වයකට ගැනීමේ හැකියාව ඇත. ඒ අනුව ඇතැම් ජීව දත්ත සටහන්වල අඩංගු අධ්‍යාපන සහ වෘත්තිය සුදුසුකම් ආදිය පවා මෙලෙස ගැනීමේ හැකියාවක් පවතී.

මෙවැනි සංවේදී දත්ත ඇතුළත් කර ඇති ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඊමේල් ආදී පෞද්ගලික ගිණුම් අපරාධකරුවන්ගේ ග්‍රහණයට නතුවීමේ හැකියාවක් ඇතැයි පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පෙන්වා දෙයි. 

තවද මෙවැනි සංවේදී දත්ත සොරා ගන්නා අයට වෙනත් පුද්ගලයන්ගේ බැංකු ගිණුම් පවා අන්සතු කරගැනීමේ හැකියාවක් ඇති බව එම කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී චන්දිමා අරුමප්පෙරුම පැවසුවාය.

කෙසේ වෙතත් ඇතැමුන්ගේ පෞද්ගලික දත්ත ඇතුළත් කිරීමට අවශ්‍ය වන්නේ නම් අදාළ නිලධාරින් විසින් එම වෙබ් අඩවිවල ආරක්ෂාව තහවුරු කළ යුතු බවත්, තමන්ගේ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කිරීමට පෙර දෙවරක් සිතිය යුතු බවත් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් පෙන්වා දෙයි.

(aruna.lk | අනීෂා මානගේ)


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්