The Leader News
BREAKING
Top Ad
පුවත්

ජනාධිපති අපේක්ෂකයා නාමල් ! - මාතලේ යෝජනාව ඒකමතිකව සම්මතයි

T

The Leader Desk

February 27, 2024 • 3:45 AM

 ජනාධිපති අපේක්ෂකයා නාමල් ! - මාතලේ යෝජනාව ඒකමතිකව සම්මතයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපේක්ෂකයා ලෙස පත් කළ යුතු යුතු බවට ඉදිරිපත් කෙරුණු යෝජනාවක් එම පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී පෙරේදා (25) ඒකමතිකව සම්මතවී ඇත.
  • නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක ලෙස පත් කළ යුතු යැයි කෙරුණු යෝජනාවට පළාත් පාලන ආයතන නියෝජිතයන් සියලු දෙනා එහිදී ඒකමතිකව අනුමත කර ඇතැයිද දැනගන්නට ඇත.
  • හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රතිරූපය පාවිච්චි කිරීමෙන් ඉදිරි මැතිවරණවලදී සැලකිය යුතු ජයග්‍රහණවලට යා හැකි බව රැස්ව සිටි බොහෝ දෙනාගේ අදහසවී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

අපේක්ෂකයා ලෙස පත් කළ යුතු  යුතු බවට ඉදිරිපත් කෙරුණු යෝජනාවක් එම පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී පෙරේදා (25) ඒකමතිකව සම්මතවී ඇත.

කෙසේ වෙතත් මාතලේ හෝටලයකදී පැවති මෙම රැස්වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායක ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ඔහුගේ පුත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් දෙදෙනාට ආරාධනා කර නොතිබීම විශේෂත්වයකි.

මෙම රැස්වීමට පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතිඥ සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, නාලක බණ්ඩාර කෝට්ටේ ගොඩ, ඉන්දික  අනුරුද්ධ, ජානක තිස්ස කුට්ටිආරච්චි, රෝහණ දිසානායක මන්ත්‍රීවරුන් මෙන්ම, මාතලේ  දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික සහ ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක්ද සහභාගිවූහ.

නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක ලෙස පත් කළ යුතු යැයි කෙරුණු යෝජනාවට පළාත් පාලන ආයතන නියෝජිතයන්  සියලු දෙනා එහිදී  ඒකමතිකව අනුමත කර ඇතැයිද  දැනගන්නට ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රතිරූපය පාවිච්චි කිරීමෙන් ඉදිරි මැතිවරණවලදී සැලකිය යුතු ජයග්‍රහණවලට යා හැකි බව රැස්ව සිටි බොහෝ දෙනාගේ අදහසවී ඇත.

මෙම රැස්වීමේදී අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේද පැවසිය.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...