leader s

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටුවේ) වැඩබලන ජාතික සංවිධායක ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ජනාධිපති

අපේක්ෂකයා ලෙස පත් කළ යුතු  යුතු බවට ඉදිරිපත් කෙරුණු යෝජනාවක් එම පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී පෙරේදා (25) ඒකමතිකව සම්මතවී ඇත.

කෙසේ වෙතත් මාතලේ හෝටලයකදී පැවති මෙම රැස්වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායක ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ඔහුගේ පුත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් දෙදෙනාට ආරාධනා කර නොතිබීම විශේෂත්වයකි.

මෙම රැස්වීමට පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතිඥ සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, නාලක බණ්ඩාර කෝට්ටේ ගොඩ, ඉන්දික  අනුරුද්ධ, ජානක තිස්ස කුට්ටිආරච්චි, රෝහණ දිසානායක මන්ත්‍රීවරුන් මෙන්ම, මාතලේ  දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික සහ ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක්ද සහභාගිවූහ.

නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක ලෙස පත් කළ යුතු යැයි කෙරුණු යෝජනාවට පළාත් පාලන ආයතන නියෝජිතයන්  සියලු දෙනා එහිදී  ඒකමතිකව අනුමත කර ඇතැයිද  දැනගන්නට ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රතිරූපය පාවිච්චි කිරීමෙන් ඉදිරි මැතිවරණවලදී සැලකිය යුතු ජයග්‍රහණවලට යා හැකි බව රැස්ව සිටි බොහෝ දෙනාගේ අදහසවී ඇත.

මෙම රැස්වීමේදී අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේද පැවසිය.


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්