The Leader News
BREAKING
ඇමෙරිකානු ආරක්ෂක නිලධාරීන් 40,000කගේ දත්ත අන්තර්ජාලයට: රහස් ඔත්තුකරුවෝ අනතුරේ●රියදුරු බලපත්‍ර ලක්ෂ 65ක් හිරවෙයි: සාමාන්‍ය තත්ත්වයට 2027 අප්‍රේල් දක්වා කල්●ඊශ්‍රායල් රැකියා බඳවා ගැනීම් රජයේ සෘජු මැදිහත්වීමට පමණක් සීමා වෙයි●ගව ඝාතනයට ගුජරාටයේ තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්●ප්‍රවීණ රංගධර ශ්‍රීමත් පැට්‍රික් ස්ටුවර්ට් දිවි රඟමඩලෙන් සමුගනී●ජපන් රැඳවුම් භාරයට පත් ශ්‍රීලන්කන් සේවිකාව මුදාගැනීමේ උත්සාහය●ප්ලාස්ටික් ටී බෑග්වලින් තේ කෝප්පයට විෂ රසායන එක්වන බව හෙළිවේ●අභ්‍යවකාශ හමුදා දූත ගමනින් ආණ්ඩුවට එල්ලවන ආරක්ෂක පීඩනය●බැටරි ප්‍රතිචක්‍රීකරණයේ සැඟවුණු විෂ: දරුවන්ගේ ජීවිත අවදානමක●කේඩීයූ අර්බුදය: සිසුන් සහ රෝගීන් පත්වුණු බරපතළ අවදානම●
Top Ad
පුවත්

විශ්වාස භංගය : ආණ්ඩුවේ හයිය පෙන්වන්න හොඳ අවස්ථාවක්

T

The Leader Desk

February 27, 2024 • 10:49 AM

විශ්වාස භංගය : ආණ්ඩුවේ හයිය පෙන්වන්න හොඳ අවස්ථාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කථානායකවරයාට එරෙහි විශ්වාස භංගය ආණ්ඩුවේ ශක්තිය පෙන්වීමට හොඳ අවස්ථාවක් බව කී අමාත්‍යවරයා, එබැවින් එම විශ්වාසභංග යෝජනාව කඩිනමින් විවාදයට ගතයුතු බව සඳහන් කළේය.
  • ඔහු එබව කියා සිටියේ, කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
  • මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව ගෙනාවේ යහපාලනය ඇති කරන්න කියලා.
  • ඒක වුණාද නැද්ද කියලා මේ රටේ මිනිස්සු තීන්දු කළා.
අකුරු ප්‍රමාණය (Font Size):


කථානායකවරයාට එරෙහි විශ්වාස භංගය ආණ්ඩුවේ ශක්තිය පෙන්වීමට හොඳ අවස්ථාවක් බව කී අමාත්‍යවරයා, එබැවින් එම විශ්වාසභංග යෝජනාව කඩිනමින් විවාදයට ගතයුතු බව සඳහන් කළේය.

ඔහු එබව කියා සිටියේ, කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව පැවැත්වුණේ එහි සම සභාපති කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න ගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ඇමතිවරයා මෙසේ ප්‍රතිචාර දැක්විය.

''බැසිල් ළඟදීම ලංකාවට ආ සැණින් පක්ෂය ශක්තිමත් කිරීම අරඹනවා..''

ප්‍රශ්නය - 
මේ වෙනකොට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා විදෙස්ගතව සිටිනවා. මේ දිනවල ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංවිධාන කටයුතු කොහොමද සිදු වන්නේ.


පිළිතුර - 
එතුමා විදෙස් ගත වෙන්නේ එතුමා පසුගිය කාලයේ කාර්ය බහුල කාලයක් ගත කළ නිසයි. එතුමා ඉතා ඉක්මනින් ලංකාවට පැමිණෙනවා. මේ වනවිටත් ගම්මට්ටමින් අපේ දේශපාලන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එතුමා ආවම පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල තවදුරටත් පුළුල්ව ක්‍රියාත්මක කරනවා.

ප්‍රශ්නය-  
ඔබතුමන්ලා සුදානම් වෙන්නේ ජනාධිපතිවරණයටද ? මහ මැතිවරණයටද?


පිළිතුර - 
පසුගිය දවසක ජනාධිපති මාධ්‍ය ඒකකය පැහැදිළිවම කිව්වා මේ වසරේ ප්‍රතිපාදන වෙන් කරලා තියෙන්නේ ජනාධිපතිවරණයට ලබන වසරේ මුදල් වෙන් කරලා තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකට කියලා. ජාතික මැතිවරණ දෙකක් එන වසර දෙකක්. රටේ ජනතාවට තීන්දු තීරණ ගැනීමට හොඳම අවස්ථාවක්. ව්‍යාවස්ථාවෙන් පිට කිසිම වෙලාවක මැතිවරණ කල් දාන්න අපි කටයුතු කරන්නේ නෑ. 

ප්‍රශ්නය - 
මැතිවරණය නියමිත වෙලාවට තියෙනවද? නැත්තම් මහින්ද රාජපක්ෂ මහත්තයා වගේ කලින් මැතිවරණය තියෙනවද?


පිළිතුර - 
කලින් තියන්නත් පුළුවන් වේලාවට තියන්නත් පුළුවන්. රටේ ජනතාවත් ඒ එන විදියට කටයුතු කරයි. කලින් තිබ්බත් හොදයි වෙලාවට තිබ්බත් හොදයි. ව්‍යවස්ථාවට පිටින් කරන්නේ නෑ කියලයි අපි කියන්නේ. 

ප්‍රශ්නය - 
දැනට ලංකාවේ දිනනවා කියන ජනාධිපතිවරු දෙන්නෙක් ඉන්නවා. එතකොට පොදුජන පෙරමුණට තැනක් තියෙයිද?


''අනුර ෆේස්බුක් ජනාධිපති ,සජිත් කයිවාරු ජනාධිපති.. හැබැයි ඡන්දයෙන් දිනන්නෙ රනිල්''


පිළිතුර - 
ඡන්දයක් නැතුව දැනට දිනල ඉන්නෙ ෆේස්බුක් ජනාධිපති හා කයිවාරු ජනාධිපතියි විතරයි. හැබැයි ඡන්දයෙන් දිනල ජනාධිපති වෙන්නේ රනිල්. මේ රටේ මිනිස්සු තේරුම් අරන් ඉන්නවා රටේ අර්බුදකාරී තත්ත්වයේදී අභියෝග භාර ගත්ත නායකයා කවුද කියලා. ඒ අනුව රටේ මිනිස්සුන්ගේ ඉල්ලීම තමයි රටේ මතවාදය වෙන්නේ. ඉතිහාසයේ ඉදන් මිනිස්සු ජනාධිපතිවරණයකදී ඡන්දය පාවිච්චි කළේ ප්‍රධාන ගැටළුවක් මුල් කරගෙනයි. මහින්ද මහත්තයාව ගෙනාවේ යුද්ධය අවසන් කරන්න මහින්ද මහත්තයා ඒක කළා. මහින්ද මහත්තයාගේ දෙවැනි අවස්ථාවේදී මිනිස්සු කිව්වේ රට සංවර්ධන කරන්න කියලා එතුමා ඒකත් කළා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව ගෙනාවේ යහපාලනය ඇති කරන්න කියලා. ඒක වුණාද නැද්ද කියලා මේ රටේ මිනිස්සු තීන්දු කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව ගෙනාවේ ජාතික ආරක්ෂාව ඇති කරන්නයි. ඒකත් වුණාද නැද්ද කියලා මිනිස්සු තීන්දු කරයි. මේ වෙලාව තියෙන්නේ ආර්ථික අර්බුදයක්. මේ සිස්ටම් එක වෙනස් කරන්නත් ඒක කියලා කරලා පෙන්නපු නායකයා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ හින්දා තමයි මිනිස්සුන්ගේ මතය තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට තවත් අවස්ථාවක් ලබා දිය යුතුයි කියලා. 

ප්‍රශ්නය - 
ජාතික ජන බලවේගය කියනවා රනිල් වික්‍රමසිංහ කියන්නේ තාවකාලිකව ආපු කෙනෙක් කියලා. එතුමට මේ රටේ ප්‍රශ්න විසදන්න බෑ කියලා. රටේ ජනතාව ජාතික ජන බලවේගය සමගයි ගොඩ නැගිලා තියෙන්නේ කියලා. 

පිළිතුර - 
ජාතික ජනබල වේගය කියන්නේ සෙනඟ පෙන්නලා කරන නාට්‍යයක් විතරයි. අපි ගෝල්ෆේස් එකට සෙනඟ ගෙනල්ලා පෙන්නලා ගෝල් ෆේස් එක පුරවලා, එතැනට මිනිස්සු ස්වෙච්ඡාවෙන් ආවෙ. ඊට පස්සේ තිබ්බ පළාත් පාලන මැතිවරණයට 45% ආවේ. ජනාධිපතිවරණයේදී ආවේ 51% යි. ඒ කියන තරම්ම රැල්ලක් නැති බව තේරුම් ගන්න. ලක්ෂ 5 ලක්ෂ 50කින් වැඩි වෙන්න සියයට 1000කින් වැඩි වෙන්න ඕනේ. එහෙම දේශපාලන ඉතිහාසයේ ගත්ත කෙනෙකුත් නෑ. මිනිස්සුන්ට ජනතා විමුක්ති පෙරමුණ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ අයට ඕනේ ගහලා මරලා හරි බලය ගන්න. බලය වෙනුවෙන් ඊට වඩා මර්ධනයක් ඔවුන්ට කරන්න පුළුවන්. ලාල් කාන්ත කිව්වා බලය ලැබුනම මර්දනය කරනවා කියලා. සාමකාමීව ජීවත්වන මිනිස්සු කවදාවත් ජනතා විමුක්ති පෙරමුණට බලය දෙන්නේ නෑ. 

ප්‍රශ්නය - 
කථානායකවරයාට විරුද්ධව විශ්වාස භංගයක් අත්සන් කිරීමක් සිදු වෙනවා. ඒක ආණ්ඩුව ජය ගනීද?


විශ්වාසභංග යෝජනාව කඩිනමින් විවාදයට ගතයුතුයි..

පිළිතුර - 
ඒක එහෙම කරන එක හොඳයි. ආණ්ඩුවේ ශක්තිය පෙන්වන්න පුළුවන් අවස්ථාවක් වෙනවා ඒක. ඉතා ඉක්මනින්ම සාකච්ඡාවට අරගෙන ඡන්දයකට ගියානම් පාර්ලිමේන්තුවේදී එතුමාට තියෙන ශක්තිය පෙන්වන්න පුළුවන්. 

ප්‍රශ්නය - 
පොදුජන පෙරමුණ ජනාධිපතිවරයට ඉදිරිපත් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාද?


පිළිතුර - 
පොදුජන පෙරමුණ නෙමෙයි අපි දන්නේ නෑ අපේක්ෂකයෝ කවුද කියන එක. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉල්ලයිද නැද්ද කියලත් අපි දන්නේ නෑ. පොදුජන පෙරමුණ තමයි රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ අගමැති කළෙත් ජනාධිපති කලෙත්. එතුමා ඒ කාර්යය භාරය හරිහැටි කළා කියලා මිනිස්සු පිළි අරන් තියෙනවා. ඒ නිසා මම හිතනවා පොහොට්ටුව පක්ෂයක් හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයා එනවා නම් හොදයි. ස්වාධීනව අපේක්ෂයෙක් විදියට එනවා නම් තවත් හොඳයි. එවිට අපිට බය නැතිව පැහැදිලිව වැඩ කරන්න පුළුවන්. 

ප්‍රශ්නය - 
ඒ කියන්නේ ඔබතුමන්ලාගේ සහයෝගය දෙනවා.


පිළිතුර - 
පක්ෂයේ තීන්දුව මම දන්නේ නෑ. මම කියන්නේ මගේ මතය.

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...