The Leader News
BREAKING
පෙන්ටගනය වෙනිසියුලානු තෙල් බිමට බසිද්දී මිලින්ද මොරගොඩගෙන් හෙළිදරව්වක්●'කෘතිම බුද්ධිය' සමග අපි යන්නෙ කොහේටද? | කුසල් පෙරේරා●ඇඟලුම් කර්මාන්තය රැකගන්න විදුලි වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ ඉල්ලයි●බැංකු පද්ධතියේ AI පිම්ම හමුවේ මූල්‍ය ආරක්ෂාව අවදානමේ●රේගුවේ ආදායම් වාර්තාව සහ ප්‍රතිසංස්කරණවල සැබෑ ගැඹුර●මැදවාර සටනේ ට්‍රම්ප්ගේ ආර්ථික කතාව සහ බිම් මට්ටමේ ඇත්ත●ජීවන බරට එරෙහි ප්‍රංශ විරෝධතා මැද දැඩි ආරක්ෂාවක්●හරිනිගේ නිහඬතාව සහ අතරමං වූ ස්ත්‍රීවාදය●ස්ත්‍රී දූෂණයට එරෙහි ස්වයං ආරක්ෂිත පියවරක් :  'Rape-aXe' ට  දැඩි විවේචන ●කෙන්යානු මලල ක්‍රීඩා ක්ෂේත්‍රය කැලඹෙයි: ලෝක මැරතන් ශූරිය තහනම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා!●
Top Ad
පුවත්

විකල්පයක් නැහැ පොහොට්ටුව රනිල්ට සහාය දිය යුතුයි - ඇමැති ප්‍රසන්න

T

The Leader Desk

February 28, 2024 • 10:45 AM

විකල්පයක් නැහැ පොහොට්ටුව රනිල්ට සහාය දිය යුතුයි - ඇමැති ප්‍රසන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අවධාරණය කළේ ඊළග ජනාධිපතිවරණයේදී පොහොට්ටුවට විකල්ප අපේක්ෂකයෙක් නැත්නම් රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරිම වඩාත් සුදුසු බවයි.
  • රනිල් වික්‍රමසිංහ මහතාව පත් කරන්න පොහොට්ටුව ගත් තීරණය ඒ වෙලාවේ ගත යුතුව තිබූ හොඳම තීරණය ලෙසයි මා සලකන්නේ.
  • මේ ආර්ථික අර්බුදයෙන් මේ රට ගොඩගන්න වෙන කිසිවෙකුට හැකියාවක් තිබුණේ නෑ.
  • ඒ නිසා මම හිතනවා මේ මොහොතේ පක්ෂයක් විදියට අපි ගත යුතුව තිබෙන නිවැරැදිම තීන්දුව තමයි රනිල් වික්‍රමසිංහ මහතාට ඊළග ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීම.” බැසිල් රාජපක්ෂ ලංකාවට පැමිණි පසුව පක්ෂ යන්ත්‍රණය ශක්තිමත් කර ජනාධිපතිවරණය සම්බන්ධව තීරණයක් ගනු ඇතැයි ඇමැතිවරයා සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අවධාරණය කළේ ඊළග ජනාධිපතිවරණයේදී පොහොට්ටුවට විකල්ප අපේක්ෂකයෙක් නැත්නම් රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරිම වඩාත් සුදුසු බවයි.

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති කරන්න තීන්දුව ගත්තේ අපේ පක්ෂයේ නායකයින්. අපේ පක්ෂයේ නායකයින් දුන් උපදෙස් අනුවයි අපි පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා විදියට රනිල් වික්‍රමසිංහ මහතාව පත් කරන්න අපේ සහයෝගය ලබා දුන්නේ. ඔහු මේ වනවිට ආර්ථික අභියෝගය ජයග්‍රහණය කරලා රටේ ප්‍රශ්න විසදමින් සිටිනවා. රනිල් වික්‍රමසිංහ මහතාව පත් කරන්න පොහොට්ටුව ගත් තීරණය ඒ වෙලාවේ ගත යුතුව තිබූ හොඳම තීරණය ලෙසයි මා සලකන්නේ. මේ ආර්ථික අර්බුදයෙන් මේ රට ගොඩගන්න වෙන කිසිවෙකුට හැකියාවක් තිබුණේ නෑ. ඒ වෙලාවේ ජනාධිපති ධුරය භාර ගන්න කියලා ඉල්ලීම් කළාම ඒ අය ඒක ප්‍රතික්ෂේප කළා. අනුර කුමාර දිසානායාක, සජිත් ප්‍රේමදාස කියන දෙන්නත් මේ වගකීම භාර ගන්න අකමැති වුණා. ඒ නිසා මම හිතනවා මේ මොහොතේ පක්ෂයක් විදියට අපි ගත යුතුව තිබෙන නිවැරැදිම තීන්දුව තමයි රනිල් වික්‍රමසිංහ මහතාට ඊළග ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීම.”

බැසිල් රාජපක්ෂ ලංකාවට පැමිණි පසුව පක්ෂ යන්ත්‍රණය ශක්තිමත් කර ජනාධිපතිවරණය සම්බන්ධව තීරණයක් ගනු ඇතැයි ඇමැතිවරයා සඳහන් කළේය.

මේ වසරේදී අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුව සුදානම් වෙමින් සිටින බැවින් ඒ සම්බන්ධයෙන් ඇතැමුන් කරන ප්‍රකාශ පිළිබදව කළබල විය යුතු නැතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග තවදුරටත් පැවසීය.

(චතුරංග මේදිස්)

සබැඳි පුවත් :
රනිල් අපේක්ෂකයා කළ යුතුයි කියන්නේ පොහොට්ටුවේ සුළු පිරිසක් - නාමල් 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...