leader s

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නීතියේ ආධිපත්‍යට අභියෝග කරමින් හැකි සෑම අවස්ථාවකම නීතිය සෙල්ලමකට ගෙන ඇති බවත්

ප්‍රජාතන්ත්‍රවාදයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරමින් හෝ බලය රැකගැනීම ආණ්ඩුවේ උවමනාව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම අද (28) පැවසීය.

ඔහු එසේ පැවසුයේ, නාවල කොස්වත්ත පක්‍ෂ කාර්යාලයේදී අද (28) පැවැති මාධ්‍ය හමුවේදීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙම ක්‍රියාකළාපය විධායක ජනාධිපතිවරණයේ නරකම පූර්වාදර්ශය බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මැතිවරණ ක්‍රියාවලිය, ව්‍යවස්ථාදායක සභාව, ස්වාධීන කොමිෂන් සභා වැනි ජනතාවගේ පරමාධිපත්‍ය තහවුරු කරන ආයතනවලට ජනාධිපතිවරයා බලපෑම් කරමින් සිටින බවත් ඔහු කීය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ සහ ලෝක ඉතිහාසයේත් මේ ආකාරයට හැසිරුණු කිසිවෙකුට ගෞරවයක් ලැබී නොමැති බව කී ඩලස් අලහප්පෙරුම, වැලිකඩ හිරගෙදර සිට අවසාන ලිපිනය ලිවීමට කැමතිනම් පමණක් මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට සූදානම් වන්නැයි අපි ඒ සැමට මතක් කරන බව ද සඳහන් කළේය.

කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර වැනි නිර්භීත අවංක රාජ්‍ය සේවකයින් ඝාතන කිරීමෙන් ඝාතක වුවමනාව පුද්ගලයෙකු නොව රාජ්‍ය සේවය ඝාතන කිරීම යැයි පැහැදිළි වන බවත් රාජ්‍ය සේවයට දැල්වුණු රතු සංඥාවක් ලෙස එය තේරුම් ගන්නැයි මාධ්‍යයෙන් ඉල්ලා සිටින බවත් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

 

 


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්