The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

මහසිවරාත්‍රී වන්දනාකරුවන්ට අඩන්තේට්ටම් කළ පොලිසියට එරෙහිව දඬුවම් ඉල්ලයි

T

The Leader Desk

March 29, 2024 • 8:34 AM

මහසිවරාත්‍රී වන්දනාකරුවන්ට අඩන්තේට්ටම් කළ පොලිසියට එරෙහිව දඬුවම් ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කිරීම සම්බන්ධයෙන් හින්දු භක්තිකයන් පිරිසක් කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර තිබේ.
  • මහසිවරාත්‍රී දිනයේ හින්දු ආගමික වතාවත් පැවැත්වූයේ අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමිනැ’යි නගන ලද චෝදනා ඔප්පු කිරීමට පොලිසියට කරුණු නොමැති වීමෙන් අධිකරණය විසින් නඩුව නිෂ්ප්‍රභ කිරීම නිසා නිදහස ලැබු දෙමළ තරුණයන් මෙම පැමිණිල්ල සිදු කර ඇත්තේ මාර්තු 27 වැනි දිනයි.
  • වැරදි කළ පොලිස් නිලධාරීන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින හින්දු භක්තිකයන් තමන්ට සිදු වු මානසික පිඩාව සහ අපහාසය වෙනුවෙන් වන්දි මුදලක් ලබා දීමට කටයුතු කරන ලෙසත් සිය පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ.
  • පොලීසිය විසින් සිදු කළ බාධා කිරීම් නිසා ඔලමඩු - වේලඩි හන්දියේ සිට කිලෝමීටර් 10 ක පමණ දුරක් පා ගමනින් පැමිණ වෙඩුක්කුනාරි කන්දේ පිහිටි ආදී ලිංගේස්වර කෝවිල වෙත පැමිණීමට හින්දු බැතිමතුන්ට සිදු වු ආකාරයත් ඔවුන් එම නියෝජිතයන් සමග පවසා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

කිරීම සම්බන්ධයෙන් හින්දු භක්තිකයන් පිරිසක් කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර තිබේ.

මහසිවරාත්‍රී දිනයේ හින්දු ආගමික වතාවත් පැවැත්වූයේ අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමිනැ’යි නගන ලද චෝදනා ඔප්පු කිරීමට පොලිසියට කරුණු නොමැති වීමෙන් අධිකරණය විසින් නඩුව නිෂ්ප්‍රභ කිරීම නිසා නිදහස ලැබු දෙමළ තරුණයන් මෙම පැමිණිල්ල සිදු කර ඇත්තේ මාර්තු 27 වැනි දිනයි.

වැරදි කළ පොලිස් නිලධාරීන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින හින්දු භක්තිකයන් තමන්ට සිදු වු මානසික පිඩාව සහ අපහාසය වෙනුවෙන් වන්දි මුදලක් ලබා දීමට කටයුතු කරන ලෙසත් සිය පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ.

 

වෙඩුක්කුනාරි කන්දේ පිහිටි ආදී ලිංගේස්වර කෝවිල තුළ ඉදිරියේදී නිදහසේ වන්දනාමාන කටයුතු කිරීම වෙනුවෙන් ඉඩ සලසා දෙන ලෙසත් කෝවිලේ තිබියදී එදින පොලීසිය රැගෙන ගිය පුජා භාණ්ඩ ඇතුළු සියළු දේ නැවත හින්දු භක්තිකයන් වෙත ලබා දීමට කටයුතු සලසන ලෙසත් ඔවුන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් වැඩි දුරටත් ඉල්ලා ඇත.

 

චෝදනා පත්‍ර ගොනු කිරීමට පොලිසිය අසමත් වීම නිසා අධිකරණය විසින් පසුගියදා මුදා හරින ලද්දේ කෝවිලේ පූජක තම්බිරාසා මදිමුගරාසා (45) ඇතුළු තුරෙයිරාසා තමිල්චෙල්වන් (28), මහේන්ද්‍රන් නරේන්තිරන් (29), සිවම් ලක්ෂාන් (28), කන්දසාමි ගෞරිකාන්තන් (24), තිලකනාදන් කින්දුයන් (28), රාසරත්නම් විනායගමුර්ති (30), සුබ්‍රමනියම් තවපාලසිංහම් (35) යන අට දෙනාය.

තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පැමිණිල්ල සිදු කිරීමෙන් පසු තුරෙයිරාසා තමිල්චෙල්වන් අගනගරයේ මාධ්‍යවේදීන් සමග කියා සිටියේ එම කාර්යාලයේ නිලධාරීන් සමග පැය දෙකක පමණ කාලයක් සාකච්ඡාවකද නිරත වු අතර මහසිවරාත්‍රී දිනයේ පොලීසිය තමන්ට සිදු කළ බාධා කිරීම් සම්බන්ධයෙන් එහිදී ඔවුන් දැනුවත් කළ බවයි.

 

මහා ශිව රාත්‍රී දින ආගමික පුජාවන් සදහා මාර්තු 8 වැනිදා පෙරවරුවේ වෙඩුක්කුනාරි කන්දේ පිහිටි ආදී ලිංගේස්වර කෝවිල වෙත ගමන් කිරීමට පැමිණි දෙමළ ජනතා නියෝජිතයන් ප්‍රමුඛ හින්දු භක්තිකයන්  ඔලමඩු - වේලඩි හන්දියේදී  පොලිසිය විසින් මාර්ග බාධක යොදා නැවැත්වීම සම්බන්ධයෙන් ද ඔවුන් එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නියෝජිතයන්ද දැනුවත් කර තිබේ.

 

පොලීසිය විසින් සිදු කළ බාධා කිරීම් නිසා ඔලමඩු - වේලඩි හන්දියේ සිට කිලෝමීටර් 10 ක පමණ දුරක් පා ගමනින් පැමිණ වෙඩුක්කුනාරි කන්දේ පිහිටි ආදී ලිංගේස්වර කෝවිල වෙත පැමිණීමට හින්දු බැතිමතුන්ට සිදු වු ආකාරයත් ඔවුන් එම නියෝජිතයන් සමග පවසා ඇත.

පොලිසිය විසින් බොරු චෝදනා නගා හින්දු බැතිමතුන් අත් අඩංගුවට ගෙන උසාවිය නොමග යැවූ බවට දිගින් දිගටම චෝදනා කළ දෙමළ ජාතික ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ද එම පැමිණිලි කිරීමේ අවස්ථාවට හින්දු භක්තිකයන් සමග සහභාගී වී තිබේ.

 

01


 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මහසිවරාත්‍රී වන්දනාකරුවන්ට අඩන්තේට්ටම් කළ පොලිසියට එරෙහිව දඬුවම් ඉල්ලයි | The Leader