The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

අතුරුදහන් ඥාතීන් ගැන ‘ජාත්‍යන්තර ප්‍රජාවේත් සැලකිල්ල නැතිවෙලා

T

The Leader Desk

March 31, 2024 • 4:00 AM

අතුරුදහන් ඥාතීන් ගැන ‘ජාත්‍යන්තර ප්‍රජාවේත් සැලකිල්ල නැතිවෙලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර යුක්තිය ඉටුකරගැනීම සිය අරගලයේ අරමුණ බව යුද වින්දිත මාතාවක් අවධාරණය කර තිබේ.
  • උතුරු නැගෙනහිර අතුරුදහන් කරවනු ලැබුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි යෝගරාසා කනගරංජනී මාතාව ජාත්‍යන්තර ප්‍රජාව ද යුද වින්දිත මාතාවන් සම්බන්ධයෙන් සැලකිල්ලක් නොදක්වන බවට කනස්සල්ල පල කළාය.
  • “36 වැනි සැසිවාරයේ සිට යුක්තිය ඉල්ලා සිටින විට ජාත්‍යන්තර ප්‍රජාවත් සැලකිල්ලක් නොදක්වා සිටිනවා.
  • නමුත් අද වෙනකම් අපිත් එක්ක තමන්ගේ නෑදෑයන් හොයාගෙන, දරුවෝ හොයාගෙන, ස්වාමිපුරුෂයා හොයාගෙන හිටපු 224 දෙනෙක් මියගිහිල්ලා තියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාත්‍යන්තර යුක්තිය ඉටුකරගැනීම සිය අරගලයේ අරමුණ බව යුද වින්දිත මාතාවක් අවධාරණය කර තිබේ.

උතුරු නැගෙනහිර අතුරුදහන් කරවනු ලැබුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි යෝගරාසා කනගරංජනී මාතාව ජාත්‍යන්තර ප්‍රජාව ද යුද වින්දිත මාතාවන් සම්බන්ධයෙන් සැලකිල්ලක් නොදක්වන බවට කනස්සල්ල පල කළාය.

“36 වැනි සැසිවාරයේ සිට යුක්තිය ඉල්ලා සිටින විට ජාත්‍යන්තර ප්‍රජාවත් සැලකිල්ලක් නොදක්වා සිටිනවා. අපි ගිය සැසි වාරයේ සහ දැනට පැවැත්වෙන රැස්වීමටත් සහභාගී වෙලා අපේ යුක්තිය ගැන අවධාරණය කරලා තිබෙනවා. අපේ අරගලයේ අරමුණ ජාත්‍යන්තර ප්‍රජාව හරහා පමණක් අපට යුක්තිය ඉටුකර ගැනීමයි.”

බලහත්කාරයෙන් අතුරුදහන් කළ සිය සමීපතමයන්ට යුක්තිය ඉල්ලා 2017 පෙබරවාරි 20 වැනි දා කිලිනොච්චියෙන් ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවයට දින 2549 ක් සපිරුනු මාර්තු 30 වැනිදා කිලිනොච්චි ආනන්ද පුරම් හි පිහිටුවා ඇති සිය කාර්යාලය ඉදිරිපිට දී දියත් කළ නිහඩ උද්ඝෝෂණයට සහභාගී වෙමින් යෝගරාසා කනගරංජනී මාතාව ඒ බව සදහන් කර තිබේ.

 

ඇය එහිදී වැඩි දුරටත් පවසා තිබුනේ සිවිල් යුද්ධය 2009 මැයි මාසයේ ලේ වැකී අවසන් වූ දා සිට තම ස්වාමිපුරුෂයන්, දියණියන්, පුතුන්, සහෝදරයන් ඇතුළු නෑසියන් සොයමින් 2017 පෙබරවාරි මාසයේ සිට මේ දක්වා දිනපතා අඛණ්ඩව පෙළපාලි ගිය දෙමාපියන් අතුරින් අඩුම වශයෙන් 220 ට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි.

 

“මේ ගමන දුර ගමනක්. නමුත් අද වෙනකම් අපිත් එක්ක තමන්ගේ නෑදෑයන් හොයාගෙන, දරුවෝ හොයාගෙන, ස්වාමිපුරුෂයා හොයාගෙන හිටපු 224 දෙනෙක් මියගිහිල්ලා තියනවා. එයාලාටත් යුක්තිය ඉටුකිරීමේ වගකීම දරන්නේ වින්දිතයන්ගේ මව්වරුන් වන අපි.”

වසර ගණනාවක් තිස්සේ බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන් ඡායාරූප අතැතිව දෙමළ මව්වරුන් විරෝධයට එක්ව සිටි අයුරු පළාත් බද වාර්තාකරුවන් වීඩියෝ ගත කොට තිබේ.

අතුරුදහන් කරනු ලැබුවන් සොයාගැනීමට අඛණ්ඩ අරගලයක යෙදී සිටින ඥාතීන්ට එකම සමීපතමයකු හෝ සොයා දීමට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) මේ දක්වා සමත් වී නැත.

යුද්ධයේ අවසාන දින වලදී ආරක්ෂක අංශ භාරයට පත් වීමෙන් පසුව හා යුද්ධයේ අවසන් මොහොතේ අතුරුදහන් වු තමන්ගේ ආදරණීයයන්ට අත්වූ ඉරණම හෙළි කරන ලෙස රජයට බල කරමින් 2017 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී වව්නියාව, කිලිනොච්චිය, යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්ක වල සත්‍යග්‍රහ ව්‍යාපාර ආරම්භ විය.

බලහත්කාරයෙන් අතුරුදහන්කරවූවන් වෙනුවෙන් යුක්තිය ලබා දෙන බව පවසමින් ආණ්ඩුව යෝජනා කර තිබෙන අතුරුදන්වූවන් සඳහා නිකුත් කරන සහතිකය ලබා ගැනීමත්, වන්දි මුදල් ලබා ගැනීමත් තම සමීපතමයන් අහිමිව සිටින යුද වින්දිත දෙමළ මව්වරුන් ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කර තිබේ.

 

යුද්ධාවසානයේ රජයේ හමුදාවට භාරවීමෙන්ද, පැහැරගනු ලැබීමෙන්ද අනතුරුව අතුරුදහන් කරන ලද සමීපතමයන්ගේ ඉරණම හෙළි කරගැනීම සඳහා රටතුල යුක්තියක් ඉටුවී නැති දෙමළ ජනතාව ඉකුත් පහළොස් වසරකට ආසන්න කාලයක් තිස්සේ ඉල්ලා සිටින්නේ ජාත්‍යන්තර මැදිහත්වීමකි.

 mp rtyr55
 

<p

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...