The Leader News
BREAKING
Top Ad
පුවත්

'දිට්වා' ගැන නොවැ. 23 සිට 25 වතාවක් දැනුම් දුන්නා - කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය

T

The Leader Desk

December 12, 2025 • 3:54 AM

'දිට්වා' ගැන නොවැ. 23 සිට 25 වතාවක් දැනුම් දුන්නා - කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නොවැම්බර් 23 වැනිදා සිට අවස්ථා 25කදී දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් දැනුවත් කර ඇති බව ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි.
  • අදාළ නිවේදනයෙන් ඔවුන් අවධාරණය කරන්නේ පැවැති ආපදා තත්ත්වය හමුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් නිවැරැදි නොවන තොරතුරු විශාල ප්‍රමාණයක් සංසරණය වන අතර, එම අසත්‍ය තොරතුරු මගින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විශ්වසනීයත්වයට හානි සිදුවන බවයි.
  • ඔවුන් පෙන්වා දෙන්නේ ඇතැම් කාලගුණික වෙනස්කම් සතියකට පෙර හඳුනා ගත හැකි වුවත් ඇතැම් අවස්ථා වඩාත් කෙටි පෙර හඳුනාගැනීම් සහිත වන බවයි.
  • එමෙන්ම නොවැම්බර් මස 25 වැනිදා දිවයින ආශ්‍රිත අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බවට ඇම්බර් වර්ණයේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇති බවත්, එදිනම සවස ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි වැසි ඇති විය හැකි බවට රතු වර්ණයෙන් නිවේදනයක් ද නිකුත් කළ බවත් එම සංගමය පෙන්වා දෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

නොවැම්බර් 23 වැනිදා සිට අවස්ථා 25කදී දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් දැනුවත් කර ඇති බව ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි.


දිට්වා සුළි කුණාටුව පිළිබඳ පූර්ව දැනුවත් කිරීමේ නිවේදන නිකුත් කිරීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ගෙවුණු දින කිහිපයේ විවිධ පාර්ශ්ව විසින් එල්ල කළ චෝදනාවලට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය එම නිවේදනය නිකුත් කර තිබේ.

අදාළ නිවේදනයෙන් ඔවුන් අවධාරණය කරන්නේ පැවැති ආපදා තත්ත්වය හමුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් නිවැරැදි නොවන තොරතුරු විශාල ප්‍රමාණයක් සංසරණය වන අතර, එම අසත්‍ය තොරතුරු මගින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විශ්වසනීයත්වයට හානි සිදුවන බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ඇතැම් කාලගුණික වෙනස්කම් සතියකට පෙර හඳුනා ගත හැකි වුවත් ඇතැම් අවස්ථා වඩාත් කෙටි පෙර හඳුනාගැනීම් සහිත වන බවයි.

දිට්වා සුළි කුණාටුව නිර්මාණය වීම සම්බන්ධයෙන් මෙරට විද්‍යාඥයින් ප්‍රථමවරට හඳුනාගෙන ඇත්තේ නොවැම්බර් මස 23 වැනිදා බවත්, එම තොරතුරු යුහුසුළුව ධීවර සහ නාවුක ප්‍රජාව වෙත දැනුම් දී ඇති බවත් ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.

ඔවුන් අවධාරණය කරන්නේ ඉදිරි කාලයේදී පැවැතිය හැකි නව කාලගුණික තත්ත්වයන් සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් නොවැම්බැර් 24 වැනිදා පවත්වා ඇති බවයි.

එමෙන්ම නොවැම්බර් මස 25 වැනිදා දිවයින ආශ්‍රිත අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බවට ඇම්බර් වර්ණයේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇති බවත්, එදිනම සවස ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි වැසි ඇති විය හැකි බවට රතු වර්ණයෙන් නිවේදනයක් ද නිකුත් කළ බවත් එම සංගමය පෙන්වා දෙයි.

එම සංගමය පවසන්නේ අදාළ අනතුරු ඇඟවීම දිට්වා පද්ධතියේ මූලික අවස්ථාවේ නිකුත් කළ පළමු රතු අනතුරු ඇඟවීමේ නිවේදනය බවයි.

ගැඹුරු පීඩන අවපතය, දිට්වා සුළිකුණාටුව දක්වා වර්ධනය වීමේ රතු අනතුරු ඇඟවීමේ නිවේදනය නොවැම්බර් 27 වැනිදා නිකුත් කර ඇති බවත් එදිනම නවතම තොරතුරු සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් දැනුවත් කර ඇති බවටත් ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය අවධාරණය කර සිටියි.

ඒ අනුව නොවැම්බර් මස 23 වැනිදා සිට නොවැම්බර් මස 30 වැනිදා දක්වා දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් රතු නිවේදන 25ක් යාවත්කාලින කර ඇති බවට එම සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

''බීබීසී මාධ්‍ය මගින් 25 වැනිදා මිලිමීටර් 500ක වැස්සක් පුරෝකථන කළත් මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ මිලිමීටර් 150ක වැසි තත්ත්වයක්'' බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට එල්ල වන චෝදනාවට ද ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය පිළිතුරු ලබා දී ඇත.

ඔවුන් පෙන්වා දෙන්නේ බීබීසී මාධ්‍ය මගින් දින කිහිපයකදී ලැබිය හැකි මුළු වර්ෂාපතනයේ එකතු කළ අගය මිලිමීටර් 500ක් පමණ විය හැකි බවට ප්‍රකාශ කර ඇති අතර, ශ්‍රී ලංකාව දැනුම් දෙන්නේ දිනකදී ලැබෙන වර්ෂාපතනය බවයි.

කෙසේ වෙතත් මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අනාවැකිවල දින කිහිපයේ එකතු කළ වර්ෂාපතන අනාවැකිය මිලිමීටර් 600 - 800ක පමණ අගයක් පෙන්නුම්කරන බව අදාළ නිවේදනයේ දැක්වේ.

එමෙන්ම ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නොවැම්බර් මස 13 හෝ ඊට ආසන්න දිනක දිට්වා සුළි කුණාටුවේ මූලික අවස්ථාව ගැන කිසිදු දැනුම්දීමක් සිදු නොකළ බවට පෙන්වා දෙන ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය පවසන්නේ, එය සම්පූර්ණ අසත්‍ය බවත් සති දෙකකට පමණ පෙර එවැනි නිශ්චිත අනාවැකි පළ කල හැකි කිසිදු ක්‍රමවේදයක් ලෝකයේ මේවන තෙක් සොයා ගෙන නොමැති බවයි.

එමෙන්ම පීඩන අවපාතය සම්බන්ධයෙන් නොවැම්බර් 24, 26 සහ 27 යන දිනවලදී දැනුවත් කිරීමේ හමු පැවැති බවත් එම අවස්ථාවන්වලට ආපදා කළමනාකරණ මධ්‍යථානය, වාර්මාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, ජල කළමනාකරණ මධ්‍යස්ථානය, විදුලිබල මණ්ඩලය, ධීවර දෙපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් එක්වූ බවත් ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය අදාළ නිවේදනය මගින් පෙන්වා දෙයි.

(hirunews)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...