The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

විදුලි බල මණ්ඩලයේ 23000කගේ රැකියා අනාරක්ෂිතයි - සජිත් ප්‍රේමදාස

T

The Leader Desk

September 20, 2025 • 6:51 AM

විදුලි බල මණ්ඩලයේ 23000කගේ රැකියා අනාරක්ෂිතයි - සජිත් ප්‍රේමදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ගමින් ගමට දෙරින් දොරට විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහන යටතේ මිහින්තලේ ආසනයේ පැවැති ජන හමුවක් අමතමිනි.
  • විදුලි බල මණ්ඩලය වෙනුවෙන් එදා මහපාරට බැස්ස, මහපාරට බස්සපු නායකයන්ට වගකීමක් ගන්න බැරි බව පවසනවා.
  • බලය නැති දා මේ වෘත්තීය සමිති නායකයෝ මැරෙන්න ලෑස්තු වුණේ විදුලි බල මණ්ඩලයේ 23000කගේ රැකියා ආරක්ෂා කරන්න වුවත් අද බලය ඇති විට මැරෙන්න ලෑස්ති වෙන්නේ බොරු කියා බලයට පැමිණි රජය ආරක්ෂා කරන්න මිස විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න නෙවෙයි.
  • ආණ්ඩු බිහි වන්නේත්, නැති වන්නේත්, මරාගෙන මැරෙන සටනකින් නොව ඡන්ද ක්‍රමය හරහා බවට මොවුන් අමතක කරලා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ගමින් ගමට දෙරින් දොරට විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහන යටතේ මිහින්තලේ ආසනයේ පැවැති ජන හමුවක් අමතමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

ආණ්ඩුව මරාගෙන මැරෙන්න සූදානම්ලු

මොවුන්ගේ රැකියා ගැන රජය වගකීමක් ගන්නෙ නැහැ. බලධාරීන්ට අනුව මොවුන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම යා හැකි යැයි පවසනවා. විදුලි බල මණ්ඩලය වෙනුවෙන් එදා මහපාරට බැස්ස, මහපාරට බස්සපු නායකයන්ට වගකීමක් ගන්න බැරි බව පවසනවා. ආණ්ඩුව වට්ටවන්න දෙන්න නැතැයි කියමින් ආණ්ඩුව වෙනුවෙන් මරන්නත් මැරෙන්නත් සූදානම් යැයි පවසනවා.

බලය නැති දා මේ වෘත්තීය සමිති නායකයෝ මැරෙන්න ලෑස්තු වුණේ විදුලි බල මණ්ඩලයේ 23000කගේ රැකියා ආරක්ෂා කරන්න වුවත් අද බලය ඇති විට මැරෙන්න ලෑස්ති වෙන්නේ බොරු කියා බලයට පැමිණි රජය ආරක්ෂා කරන්න මිස විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න නෙවෙයි. එදා කයිවාරු ගහපු වෘත්තීය සමිති නායකයන් අද රජ පුටුවලට පැමිණි පසු මේ සියල්ල අමතක කර, මරාගෙන මැරෙන සටනක් සිදු කර ආණ්ඩුව රැක ගන්න කටයුතු කරනවා. ආණ්ඩු බිහි වන්නේත්, නැති වන්නේත්, මරාගෙන මැරෙන සටනකින් නොව ඡන්ද ක්‍රමය හරහා බවට මොවුන් අමතක කරලා. මැතිවරණ ක්‍රමය තුළ භීෂණය නොමැති වුවත් ආණ්ඩුව අද බලය ගෙන පොදු ජනතාවට තර්ජනය කරමින් සිටිනවා.

ආණ්ඩුව: ගොවියාත්, ව්‍යවසායකයාත්, රාජ්‍ය සේවකයාත් අමතක කරලා

අද ආණ්ඩුව: ගොවියා, ව්‍යවසායකයා, රාජ්‍ය සේවකයා, මධ්‍යම පන්තිය ඇතුළු සියලු දෙනා අමතක කර ආණ්ඩුව රැක ගන්න මරන්නත් මැරෙන්නත් සූදානම් යැයි කියමින් තර්ජනය කරමින් යනවා. ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මේ මරු පහරවල් ඉදිරියේ නිවටයෝ ලෙස බලන් සිටිනවා ද, මහපාරට බැස ගොවියා රකින්න, පොදු ජනතාව රකින්න, රාජ්‍ය සේවකයා රකින්න, කටයුතු කරනවා ද කියා ජනතාව සිතිය යුතු යි. එවන් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයකට නායකත්වය ලබා දෙන්න අපි සූදානම්. ජනතාවට ගුණාත්මක පොහොර මෙන්ම පොහොර සහනාධාරයද හරියට ලැබෙන්නෙ නෑ. වල් නාශකවල පවා ගුණාත්මකභාවයක් නෑ. ඉහළ ප්‍රභේදයෙන් යුත් බීජ නොමැතිව, ගොවි උපකරණවල මිල ඉහළ ගිහින්. උපකරණ කුලියට ගැනීමට ද විශාල මුදලක් වැය වන මොහොතක වන අලි ඇතුළු සතුන්ගෙන් වගා හානි පවා සිදුවෙනවා. මේ වගා හානිවලට රක්ෂණ වන්දි ක්‍රමවේදයක් නැහැ. ගොවිතැනේ නියැළී සිටින ජනතාව ගත කරන්නෙ අති දුෂ්කර ජීවිතයක් බැවින් මේ ජනතාව වෙනුවෙන් කළ හැකි උපරිම සටන සිදු කර අයිතිය ලබා දෙනවා.

ජනතාව අන්දවා අද රජය සැප පුටුවල

මෙවැනි ගැටලු මැද වගා කටයුතු කළත් අස්වැන්නට ස්ථාවර මිලක් නෑ. එම නිසා අස්වැන්න තුට්ටු දෙකට විකිණිමට සිදුව ඇති මොහොතක රජය නිහඩ පිළිවෙතක් අනුගමනය කරනවා. අද රජයට කට උත්තර නෑ. ජනතාවට: බොරු කියා, රවටා, අන්දවා, මංමුළා කර, ජන ජීවිත නැත්තට නැති කර මේ අය රජ පුටුවල සුරසැප විඳිමින් සිටිනවා. රටේ පොදු මහත් ජනතාව පීඩාකාරී ජීවිතයක් ගත කරමින් අන්ත අසරණ වෙලා.''

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...