ඔහු මෙම අදහස් පළ කළේ මොරටුමුල්ල ඉදිබැද්ද ප්‍රදේශයේ දී සමගි ජන බලවේගයට නව සාමාජිකයින් එක් කර ගැනීමේ වැඩසටහන සහ ජන හමුවකට එක්වෙමිනි.
එම ජනහමුවේ දී වැඩි දුරටත් අදහස් පළ කළ විපක්ෂ නායකයා...
කන්ටේනර් 323නෙහි තිබු දේවල් ද හෙළි කරන්න
''මේ වන විට මත්ද්‍රව්‍ය ඇල්ලීම ගැන ලොකු ප්‍රචාරයක් දියත් කරනවා. මත්ද්‍රව්‍ය ජාවාරම නිසා ජන සමාජය ම, රට ම විනාශ වන නිසා එය නැති කිරීම හොඳ වුනත් මත්ද්‍රව්‍ය අල්ලනවා සේම කන්ටේනර් 323 නිදහස් වූ ආකාරය සහ එහි තිබු දේවල් නිදහස් කරන්න අවසර දුන් අය කවුද කියා රජය අනාවරණය කළ යුතු යි. මේ කන්ටේනර්වල මත්ද්‍රව්‍ය, මත්කුඩු, අනවසර භාණ්ඩ, නීතිවිරෝධී භාණ්ඩ තිබුණේ ද කියා හෙළිදරව් කළ යුතු යි. කුඩුකාරයෝ අල්ලනවා සේ ම කන්ටේනර් 323 තිබු දේවල් ද හෙළි කළ යුතු යි. රට ම මේ ප්‍රශ්නයට උත්තර අපේක්ෂාවෙන් සිටිනවා.
වසරක් රටට බොරු කළ මෙ රජයට ජනතා තීන්දුව දෙන කාලය එළැඹ තිබෙනවා. පළාත් සභා මැතිවරණයේ දී: බොරුව, වංචාව, මංමුළාව සහ රැවටිල්ල පරාජය කරන්න කියල අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.''




