ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය. 


එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති තීරණය කාන්තාවන්ගේ අයිතිවාසිකම්වලට මෙන්ම බුදුදහම ආරක්ෂා කිරීමට ද අභියෝගයක් එල්ල කරන ගැටළු සහගත තීරණයක් බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කථානායකවරයාගේ නිවේදන ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ රීති ප්‍රශ්නයක් මතු කරමින්  ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. 


worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්