රැකියාවක් ලබාගත නොහැකි උපාධිධාරීන් බිහි කිරීම විහිළුවක් බැවින් තොරතුරු තාක්ෂණ හා ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය

ප්‍රචලිත කළ යුතු බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබේ.

කලා උපාධිධාරීන්ට ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් පවා රැකියා ලබා දීමට ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් ඇති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ.

දරු පරපුරට ලබා දිය හැකි ඉහළම තෑග්ග වන්නේ ගුණාත්මක භාවයෙන් ඉහළ නූතනවාදී අධ්‍යාපනය බවත් අපේ අධ්‍යාපන ක්‍රමය ක්‍රමවත් නූතනවාදී ප්‍රායෝගික විය යුතු බවත් ගිරා පෝතක අධ්‍යාපන ක්‍රමයෙන් නම් රටටත් දරුවන්ටත් වැඩක් නොමැති බව ද ඔහු පේනවා දෙයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ (ජුනි 17) කොළඹ මහරගම කොට්ටාව උතුරු ධර්මපාල විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 244 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරිම සඳහා පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් පාසල් සංවර්ධන ගිණුමට පරිත්‍යාග කළේය.

අධ්‍යාපන ක්‍රමයේ ඇති ගැටලු නිසා අපේ රටේ දරුවන් කොපමණ ඉගෙන ගත්තත් විරැකියා පෝළිමට යාමට සිදුව ඇති බවත් මේ නිසා රට තුළ රැකියා විරහිත උපාධිධාරින් 40000ක් 50000ක් පමණ ප්‍රමාණයක් සිටින බව හෙතෙම පවසයි.

ඒ අතර කලා උපාධිධාරීන් වැඩි බවත් ඔවුන්ට පෞද්ගලික අංශයේ පවා රැකියා නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේය.

(චතුරංග මේදිස්)

 

iodoisf452

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්