The Leader News
BREAKING
ප්‍රවීණ ඡායාරූප මාධ්‍යවේදී තිලක් පෙරේරා දැයෙන් සමුගනී●විශ්‍රාමික වැටුප් අර්බුදය ගැන විපක්ෂ නායකගෙන් අනාවරණයක්●ඇත් ඝාතන නඩු සකසන දුර්වලතා ගැන මහාධිකරණයෙන් රතු එළියක්●විප්ලවය සහ පාලනය ගැන මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●හරිත විදුලි ලිපිගොනු හිරවෙද්දී ඩීසල් මාෆියාවෙන් බිල ඉහළට●චීන යුවාන් ගිණුම් පියවීම: ආර්ථික ස්වාධීනත්වයට නව අභියෝගයක්ද?●ජාතික විදුලිබල පද්ධතියේ බිඳවැටීම: තාක්ෂණික ගැටලුවක්ද, කළමනාකරණ දුර්වලතාවක්ද?●මහජන බැංකුවේ දැවැන්ත ලාභය යට සැඟවුණු අවදානම●වසර 20ක ආර්ථික දැක්මක්: එජාප ‘හරිත පත්‍රිකාව’ කරළියට●සංවිධානාත්මක අපරාධ පනත ගැන නාමල් සහ හර්ෂණ පාර්ලිමේන්තුවේදී මුහුණට මුහුණ●
Top Ad
පුවත්

වර්ජක ඉල්ලීම් දුන්නොත් වැට් බදු 20% - 21% කරන්න වෙයි !

T

The Leader Desk

July 8, 2024 • 4:46 PM

වර්ජක ඉල්ලීම් දුන්නොත් වැට් බදු 20% - 21% කරන්න වෙයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • % – 21%ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇති බවත්, මහජනතාව පීඩාවට පත් කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නොමැති බවත් මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන පැවසීය.
  • මහා භාණ්ඩාගාර ලේකම්වරයා මේ බව සඳහන් කර සිටියේ රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (08) පැවති සාකච්ඡාවට එක් වෙමිනි.
  • රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000ක වැටුප් වැඩිවිමක් ලබාදීමට නම් වාර්ෂිකව තවත් රුපියල් බිලියන 140ක් පමණ අවශ්‍යයි.
  • රුපියල් 20,000ක වැටුප් වැඩිවීමක් ලබාදීමට නම් වාර්ෂිකව තවත් රුපියල් බිලියන 280ක් පමණ අවශ්‍යයි.
අකුරු ප්‍රමාණය (Font Size):

20% – 21%ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇති බවත්, මහජනතාව පීඩාවට පත් කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නොමැති බවත් මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන පැවසීය.

මහා භාණ්ඩාගාර ලේකම්වරයා මේ බව සඳහන් කර සිටියේ රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (08) පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

මේ වන විට රාජ්‍ය සේවයට අදාළ වෘත්තීය සමිති කිහිපයක් විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්‍රියාත්මක කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ අතර වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සඳහා ලබාදිය හැකි සාධනීය විසඳුම් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.

 

* වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයින් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට නම් නැවත වැට් බදු වැඩි කිරීමට සිදු වෙනවා

* මහජනතාව පීඩාවට පත් කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නැහැ.

* රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000ක වැටුප් වැඩිවිමක් ලබාදීමට නම් වාර්ෂිකව තවත් රුපියල් බිලියන 140ක් පමණ අවශ්‍යයි.

* රුපියල් 20,000ක වැටුප් වැඩිවීමක් ලබාදීමට නම් වාර්ෂිකව තවත් රුපියල් බිලියන 280ක් පමණ අවශ්‍යයි.

* IMF එකඟතා අනුව මහබැංකුවට මුදල් මුද්‍රණය කිරීමට ද අවස්ථාවක් නැහැ.



මෙම වසරේදී වැටුප් වැඩිකිරීමක් ලබාදීමේ හැකියාවක් නොමැති නමුත්, රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතාවන් පිළිබඳව සොයාබැලීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව මගින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ සැලකිල්ලට ගනිමින් 2025 අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවද මෙහිදී සඳහන් කෙරිණි.

රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් වැඩි වීමක් ලබා දුනහොත් දැනට පවතින වියදමට අමතරව වාර්ෂිකව තවත් රුපියල් බිලියන 140ක් පමණ අවශ්‍ය වන බවත්, රුපියල් විසි දහසකින් වැටුප් වැඩි කළහොත් ඒ සඳහා තවත් රුපියල් බිලියන 280ක් අවශ්‍ය වන බවත් මහා භාණ්ඩාගාර ලේකම්වරයා පෙන්වා දුන්නේය.

මෙම ආදායම සොයාගැනීමට නම් දැනට තිබෙන ආදායම උපරිම ලෙස කළමනාකරණය කර ගත්තද, බදු වැඩිකිරීමට ද සිදු වන බව පෙන්වා දුන් ඒ මහතා රුපියල් දස දහසකින් වැටුප් වැඩි කිරීමට නම් 2% ක පමණ වැට් බදු වැඩි කිරීමක් සිදු කළ යුතු බවද සඳහන් කළේය.

එසේම වෘත්තිය සමිති ඉල්ලා සිටින වැටුප් වැඩි කිරීම සිදු කිරීමට නම් 3%කට වඩා වැට් බදු වැඩි කිරීමට සිදුවන බව පෙන්වා දුන් මහා භාණ්ඩාගාර ලේකම්වරයා, එය මෙම අවස්ථාවේ සිදු කළ නොහැක්කක් බවත් දැනටමත් වැට් බද්ද 18% ක් වැනි උපරිම මට්ටමක පවතින බවත් සඳහන් කළේය.


රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා රජය ගෙන ඇති පියවර සමඟ මීට පෙර මෙන් මහ බැංකුවට මුදල් මුද්‍රණය කිරීමේ අවස්ථාවක් ද නොමැති බව පෙන්වා දුන් මහා භාණ්ඩාගාර ලේකම්වරයා එසේ සිදු කළහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන සාර්ථක කර ගැනීමට අවස්ථාව නොලැබෙන බවද කියා සිටියේය.

 


''විශේෂඥ කමිටු නිර්දේශ සැලකිල්ලට ගෙන 2025 අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය සිදු කරනවා'' - ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක

ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග ද මෙහිදී අදහස් දැක්වු අතර මෙම වසරේදී රාජ්‍ය සේවකයන්ට නැවත වැටුප් වැඩි කිරීමක් සිදු කිරීම අසීරු කාර්යයක් වුවත් ලබන වසරේ අයවැයෙන් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපතිවරයා පැහැදිළිව ප්‍රකාශ කර තිබෙන බව ඔහු  සඳහන් කළේය.

වැටුප් සම්බන්ධයෙන් පවතින විෂමතා අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා වෙනම විශේෂඥ කමිටුවක් පත්කර ඇති බව ඔහු පැවසීය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

(ජේ.මුණසිංහ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...