The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

පසුගිය සමයේ අතුරුදන් වූවන් හොයන්න අනුමණ්ඩල 25ක් !

T

The Leader Desk

September 5, 2025 • 4:36 AM

පසුගිය සමයේ අතුරුදන් වූවන් හොයන්න අනුමණ්ඩල 25ක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනතේ විධිවිධාන යටතේ අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවා ඇත.
  • අතුරුදහන් වූ සහ දක්නට නොමැති තැනැත්තන් පිළිබඳව විමර්ශන සිදු කර ඔවුන්ගේ ඥාතීන්ට වාර්තා නිකුත් කිරීම සිදු කිරීම මෙම කාර්යාලය විසින් ඉටු කරනු ලබයි.
  • මේ දක්වා එකී කාර්යාලය වෙත ලැබී ඇති 16,966 ක් වූ පැමිණිලි අතරින් විමර්ශනය සඳහා තවදුරටත් පැමිණිලි 10,517ක් ඉතිරිව ඇතැයි රජය සඳහන් කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනතේ විධිවිධාන යටතේ අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවා ඇත. අතුරුදහන් වූ සහ දක්නට නොමැති තැනැත්තන් පිළිබඳව විමර්ශන සිදු කර ඔවුන්ගේ ඥාතීන්ට වාර්තා නිකුත් කිරීම සිදු කිරීම මෙම කාර්යාලය විසින් ඉටු කරනු ලබයි.

මේ දක්වා එකී කාර්යාලය වෙත ලැබී ඇති 16,966 ක් වූ පැමිණිලි අතරින් විමර්ශනය සඳහා තවදුරටත් පැමිණිලි 10,517ක් ඉතිරිව ඇතැයි රජය සඳහන් කළේ ය.

ඒ අනුව, අගතියට පත් පාර්ශ්වයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා 2027 වර්ෂය අවසන් වන විට පරීක්ෂණ සහ අදාළ රාජකාරි නිම කිරීම පිණිස විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, අදාළ කාර්යය සඳහා විශ්‍රාමික විනිසුරුවරුන්, ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරින්, නීතිඥයින් ඇතුළු සුදුසුකම් සහිත පුද්ගලයින් 75 දෙනෙකුගෙන් සමන්විත අනුමණ්ඩල 25ක් පත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...