දෙමළ මාධ්‍යවේදියකුගේ ඝාතනය පිළිබද විමර්ශන වල අසාර්ථකත්වයන් පරීක්ෂා කරන නව වාර්තාවක් උතුරේදීත්, දකුණේදීත් එළි දක්වා තිබේ.
හරය, බීබීසී සහ වීරකේසරී ඇතුළු ආයතන වෙත දෙමළ, සිංහල දෙබසින්ම වාර්තා සැපයීමේ නිරතව සිටි මාධ්‍යවේදි නිමලරාජන් මයිල්වාගනම් 2000 ඔක්තෝබර් 19 රාත්‍රියේ යාපනයේ සිය නිවසේදී වෙඩි තබා මරා දමන ලද්දේ යුද පීඩිත ජනයා පිළිබඳව වීරකේසරී පුවත්පතට ලිපියක් ලියමින් සිටියදීය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේ සිදුකළ එම ඝාතනය සම්බන්ධයෙන් අදත් යුක්තිය ඉටුවී නැත.
අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් එම වාර්තාව භාෂා ත්‍රිත්වයෙන්ම සැප්තැම්බර් 8 වැනිදා කොළඹදී එළි දැක්වීමට කටයුතු කර තිබුනි.
දේශීය යාන්ත්‍රණ ඔස්සේ ශ්‍රී ලංකාවේ යුක්තිය ඉටු කළ හැකි බව විදේශ අමාත්‍ය විජිත හේරත් ජිනීවා මානව හිමිකම් සමුලුව අමතා තරයේ කියා සිටිමින් විදේශීය යුක්ති විනිශ්චය යාන්ත්‍රන ප්‍රතික්ෂේප කළේත් එදිනමය.
(ITJP) හා REDRESS එක්ව කර්තෘත්වය දරන ලද සහ ප්‍රකාශයට පත් කරන පිටු 64 කින් සමන්විත නව වාර්තාව බිබිසි හිටපු වාර්තාකරු නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිස් විමර්ශන පිළිබදව අධිකරණ විද්‍යාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කොට තිබේ.
එම වාර්තාව එළි දැක්වීමට සමගාමීව (ITJP) හා REDRESS ඒකාබද්ධව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් කියා සිටින්නේ ශ්‍රී ලංකාව ක්‍රමානුකූලව මාධ්‍යවේදීන්ගේ ඝාතකයන් ආරක්ෂා කිරීමට කටයුතු කර ඇති බව, 2000 ඔක්තෝබර් මාසයේ දී සිදු වූ බීබීසී යාපනය වාර්තාකරු නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයේ අසාර්ථකත්වය කෙරෙහි එම වාර්තාවේ අවධානය යොමු කර ඇති බවයි.
නිමලරාජන් මයිල්වාගනම්ගේ ඝාතනය මුලික කරගනිමින් සකස් කළ වාර්තා විත්‍රපටයක්ද නව වාර්තාව කොළඹදී එළි දැක්වීමට සමගාමීව ප්‍රදර්ශනය කෙරින.
මයිල්වාගනම් නිමලරාජන්ට සිය නිවස තුලදී අත් බෝම්බ ගසා වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුනු රජය සමග එක්ව සිටි ඊපීඩීපී අතුරු හමුදා කල්ලි සාමාජිකයන් 2003 දී වව්නියාවේ අධිකරණය විසින් නිදහස් කර යවන ලදී.
එම ඝාතනය සම්බන්ධයෙන් සෘජුවම සැකකෙරෙන ඊපීඩීපී ප්‍රබලයකු වන නැපෝලියන් යනුවෙන් ප්‍රකට සෙබස්තියන් පිල්ලේ රමේෂ් පොලිස් ප්‍රශ්න කිරීමකින් තොරවම රටින් පලාගොස් බ්‍රිතාන්‍යයේ රැකවරණ ලබා සිටින බව වාර්තා විය.
2017 දී ITJP සහ REDRESS විසින් යුධ අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ විමර්ශනය කරන ලන්ඩන් අග නාගරික පොලිසියේ ත්‍රස්ත විරෝධී විධානය යටතේ ඇති විශේෂඥ ඒකකයකට කරන ලද කරුණු දැක්වීමකින් පසුව එක්සත් රාජධානියේ විමර්ශනය සිදු විය. මෙම යොමු කිරීම නිසා 2001 දී යාපනයේ පැවති දේශපාලන රැලියක් අතරතුර සිදු කරන ලදැයි කියන අපරාධ සම්බන්ධයෙන් තවත් අත්අඩංගුවට ගැනීමක් 2023 දී සිදු විය.
මාධ්‍යවේදි නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය පිළිබද විමර්ශන වල අසාර්ථකත්වයන් පරීක්ෂා කරන වාර්තා කොළඹදී එළි දැක්වීමේ උත්සව සභාව අමතමින් අනිද්දා පුවත්පතේ කර්තෘ නීතිඥ කේ.ඩබ්ලිව් ජනරංජන හා වාර්තාවේ අන්තර්ගතය සම්බන්ධයෙන් මහාචාර්ය අර්ජුන පරාක්‍රම දැක්වු අදහස් වලට පහතින් සවන් දෙන්න.
සබැඳි පුවත් :




