The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

මැතිනිය දැයෙන් සමුගෙන වසර 25 ක් සපිරුණ දා චන්ද්‍රිකා තැබූ සංවේදී සටහන

T

The Leader Desk

October 10, 2025 • 4:10 AM

 මැතිනිය දැයෙන් සමුගෙන වසර 25 ක් සපිරුණ දා චන්ද්‍රිකා තැබූ සංවේදී සටහන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අප්‍රේල් 17 දින ජන්මය ලද සිරිමාවෝ රත්වත්ත ඩයස් බණ්ඩාරනායක (මැතිනිය ලෙස සාමාන්‍යයෙන් හඳුන්වයි) අභාවප්‍රාප්ත වුයේ, 2000 ඔක්තෝම්බර් 10 දාය.
  • ඒ 1960 - 1965, 1970 - 1977 සහ 1994 - 2000 යන කාල වකවානු වලදීය.
  • මැතිණියගේ අභාවයෙන් වසර 15 ක් සපිරුණ අද (10) දිනයේ ඇය ගැන සිහිපත් කරමින් ඇගේ දියනියකවන සහ මෙරට ප්‍රථම විධායක ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය ෆේස්බුක් ගිණුමෙහි සංවේදී සටහනක් තබා ඇත.
  • ඇය ඒ ඒ එක් එක් භාණ්ඩයේ වටිනාකම සාකච්ජා කරමින් පසුවූවා ය.
අකුරු ප්‍රමාණය (Font Size):

1916 අප්‍රේල් 17 දින ජන්මය ලද සිරිමාවෝ රත්වත්ත ඩයස් බණ්ඩාරනායක (මැතිනිය ලෙස සාමාන්‍යයෙන් හඳුන්වයි) අභාවප්‍රාප්ත වුයේ, 2000 ඔක්තෝම්බර් 10 දාය.

නවීන ලෝකයේ ආණ්ඩුවක ප්‍රධානියාවූ ප්‍රථම කාන්තාව ඇය, ශ්‍රි ලංකාවේ තෙවරක් අග්‍රාමාත්‍ය පදවියට පත්වුවාය. ඒ 1960 - 1965, 1970 - 1977 සහ 1994 - 2000 යන කාල වකවානු වලදීය.

වැඩිදුරටත් විස්තර සඳහා විකිපීඩියා පිටුව බලන්න

දියණිය චන්ද්‍රකාගෙන් සංවේදී සටහනක් ...


560066736 1409686270519692 4645481793238521126 n
මැතිණියගේ අභාවයෙන් වසර 15 ක් සපිරුණ අද (10) දිනයේ ඇය ගැන සිහිපත් කරමින් ඇගේ දියනියකවන සහ මෙරට ප්‍රථම විධායක ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය ෆේස්බුක් ගිණුමෙහි සංවේදී සටහනක් තබා ඇත.

මතු පළ වන්නේ එම සටහන යි.

අසූව දශකයේ මැද භාගයේ එක් දිනක් මගේ මව හමුවීමට මගේ සහෝදරිය සමග මවගේ නිවසට ගියවිට, ඇයගේ පරම්පරාවෙන් ඇයට උරුම වූ රිදී භාණ්ඩ කීපයක් දෙස බලමින් සිටිනු මගේ මතකයේ රැඳී තිබේ. ඇය ඒ ඒ එක් එක් භාණ්ඩයේ වටිනාකම සාකච්ජා කරමින් පසුවූවා ය.

 පවුලේ උරුමයෙන් ලත් එම භාණ්ඩ අලෙවි කිරීමට ඈ කැමති වීම පිළිබද විමතියට පත් මම, ඇයට එසේ කිරීමට උවමනා වී ඇත්තේ ඇයිදැයි විමසා සිටියෙමි. එවිට ඇය මට පැහැදිලි කර සිටියේ විදේශයක දී තමාට සිදු කිරීමට නියමිත උකුල් අස්ථියේ ශල්‍ය කර්මය සඳහා මුදල් අවශ්‍යව ඇති බවයි. මේ වනාහි වසර දොළහක් රටෙහි අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ තැනැත්තිය යි.

 

ඇගේ මූල්‍ය තත්වය දැකීමෙන් මම මහත් කම්පාවට පත්වීමි. නමුදු මම ඒ සමගම මගේ මව පිළිබඳව අභිමානයට පත්වීමි.

එවන් නායිකාවක් දැයෙන් සමුගෙන අදට වසර 25 කි.

ඔබට නිවන් සුව අම්මේ!

Screenshot 2025 10 10 at 9.27.00 AM

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මැතිනිය දැයෙන් සමුගෙන වසර 25 ක් සපිරුණ දා චන්ද්‍රිකා තැබූ සංවේදී සටහන | The Leader