මෙයට සමගාමීව "පලස" 2025 සාහිත්‍ය තරගාවලියේ ජයග්‍රාහකයින්ට ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය ද සිදු කිරිමට නියමිත ය.
මෙම සුහද හමුව සහ “පලස” 2025 උත්සවය සංවිධානය කෙරෙන්නේ: කලා, සාහිත්‍යය සහ විද්‍යාත්මක විචාරය එකට නැඹුරු කරන, විශ්වවිද්‍යාලීය ජීවිතයේ සුසංයෝගයක් ලෙස ය. එමෙන් ම මෙය වාර්ෂික මහා සභාවක් පමණක් නොව, විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ වර්ධනය, සමාජ සබඳතාවය සහ නිර්මාණශීලීත්වය සමග ගැඹුරු සන්ධියක් ලෙස සැලකිය හැකි ය.
මෙදින මහා සභාවට සහ සුහද හමුවට කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබාගත් සියලු ම විද්‍යාර්ථීන්ට සහභාගිවී පැරණි මිත්‍ර සම්බන්ධකම් අලුත් කරගන්නා ලෙස සංවිධායක කමිටුව ආරාධනා කෙරයි.
“පලස” නිර්මාණ තරගාවලිය තුළින්, කාව්‍ය, නාට්‍යය සහ කෙටිකතා ක්ෂේත්‍රවල විශිෂ්ට නිර්මාණ සඳහා ත්‍යාග හා සම්මාන භ ප්‍රදානය සිදුකෙරෙන අතර, එම නිර්මාණ විනිශ්චය කරනු ලබන්නේ විශිෂ්ට විනිශ්චය මණ්ඩලයක් මගිනි.
“පලස” තරගාවලිය සඳහා විනිශ්චය මණ්ඩලය තෝරා ගැනීමේදී, පාසල් සහ අන්තර් විශ්වවිද්‍යාල තරග සඳහා කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබාගත්, නාට්‍ය, කෙටිකතා, පද්‍ය සහ අනෙකුත් කලා ක්ෂේත්‍රවල ප්‍රවීණත්වය උසුලන විද්වතුන් ද, ආදී විද්‍යාර්ථී අංශය සඳහා ලාංකීය කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ නිර්මාණකරුවන් ද වෙති. එමෙන් ම මෙම විනිශ්චය මණ්ඩලය සඳහා තේරී පත් වූ අය අතර මහාචාර්යවරුන්, කලාකරුවන්, සාහිත්‍යවේදීන්, සහ විශ්වවිද්‍යාලීය විද්වතුන් ඇතුළත් ය.
පූර්ණ විනිශ්චය මණ්ඩලය
පද්‍ය රචනා තරගය (පාසල්) - ධම්මික බණ්ඩාර, රජීව් වෙල්ගම සහ විදර්ශන කන්නන්ගර
කෙටිකතා තරගය (පාසල්) - මහාචාර්‍ය ප්‍රභාත් ජයසිංහ, සුමිත්‍රා රාහුබද්ද සහ ආචාර්ය ක්‍රිශාන්ත ෆෙඩ්‍රික්
නාට්‍ය පිටපත් තරගය (පාසල්) - සහන් රන්වල, සමන්පුෂ්ප ලියනගේ සහ කෞෂල්‍යා ප්‍රනාන්දු
පද්‍ය රචනා තරගය (අන්තර් විශ්වවිද්‍යාල) - තරංගා රණසිංහ, තිඹිරියාගම බණ්ඩාර සහ සුනන්දා රණසිංහ
කෙටිකතා තරගය (අන්තර් විශ්වවිද්‍යාල) - මහාචාර්ය සරත් විජේසූරිය, කීර්ති වැලිසරගේ සහ පියල් කාරියවසම්
කෙටි නාට්‍ය තරගය (අන්තර් විශ්වවිද්‍යාල) - රාජිත දිසානායක, උදයසිරි වික්‍රමරත්න සහ මහාචාර්ය චන්දන අලුත්ගේ
පද්‍ය රචනා තරගය (විද්‍යාර්ථී) - ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ, බුද්ධදාස ගලප්පත්ති සහ දිනිති උත්පලා රණසිංහ
නාට්‍ය පිටපත් තරගය (විද්‍යාර්ථී) - ලූෂන් බුලත්සිංහල, නිශ්ශංක දිද්දෙණිය සහ මහාචාර්ය සෞම්‍ය ලියනගේ
කෙටිකතා තරගය (විද්‍යාර්ථී) - නිශ්සංක විජේමාන්න, කමල් පෙරේරා සහ අනුරසිරි හෙට්ටිගේ
පද්‍ය රචනා තරගය (දමිළ) - Anusha Shiwalingam , Sadeesh Krishnapillai & Wasanthi Dayabaran
විද්‍යාර්ථීන්ගේ නිර්මාණශීලීත්වය, විචාරශීලීත්වය සහ සංස්කෘතික අවකාශය ගොඩනංවාලන මෙම හමුව සඳහා කොළඹ විශ්වවිද්‍යාලයෙන් බිහිවූ සියලු විද්‍යාර්ථීන්ගේ පැමිණීම අපේක්ෂා කෙරේ.




