The Leader News
BREAKING
Top Ad
පුවත්

ලෝකයේ තෙල් මිල 26%ක් බසිද්දී ලංකාවේ මිල වැඩි කළේ ‘සුද්දය’ හින්දා! - ගම්මන්පිල

T

The Leader Desk

June 1, 2026 • 10:37 AM

ලෝකයේ තෙල් මිල 26%ක් බසිද්දී ලංකාවේ මිල වැඩි කළේ ‘සුද්දය’ හින්දා! - ගම්මන්පිල

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද (ජූනි 1 වනදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අවධාරණය කළේය.
  • පසුගිය අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසය තුළ ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 114 සිට ඩොලර් 84 දක්වා 26%කින් (ඩොලර් 30කින්) අඩු වී ඇතත්, ලංකාවේ මිල සූත්‍රය අනුව තෙල් මිල වැඩි වී තිබීම හාස්‍යයට කරුණක් බව ඔහු පෙන්වා දුන්නේය.
  • ශ්‍රී ලංකාව මැදපෙරදිගින් නොව සිංගප්පූරුවෙන් තෙල් මිලදී ගන්නා බැවින් රතු මුහුදේ යුද අවදානම් රක්ෂණ ගාස්තු මෙරටට බලනොපාන බවත්, ලංකාව ලෝකයේ ඉහළම මිලට ඩීසල් මිලදී ගෙන ඇත්තේ දේශපාලකයන්ගේ දැවැන්ත ‘කොමිස් කුට්ටියක්’ (සුද්දයක්) නිසා බවත් ඔහු චෝදනා කළේය.
  • මෙම පාඩුව ජනතාව මත නොපටවා පැලවත්ත පක්ෂ අරමුදලෙන් පියවා ගත යුතු බවද ඔහු පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


අද (ජූනි 1 වනදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අවධාරණය කළේය.

පසුගිය අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසය තුළ ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 114 සිට ඩොලර් 84 දක්වා 26%කින් (ඩොලර් 30කින්) අඩු වී ඇතත්, ලංකාවේ මිල සූත්‍රය අනුව තෙල් මිල වැඩි වී තිබීම හාස්‍යයට කරුණක් බව ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව මැදපෙරදිගින් නොව සිංගප්පූරුවෙන් තෙල් මිලදී ගන්නා බැවින් රතු මුහුදේ යුද අවදානම් රක්ෂණ ගාස්තු මෙරටට බලනොපාන බවත්, ලංකාව ලෝකයේ ඉහළම මිලට ඩීසල් මිලදී ගෙන ඇත්තේ දේශපාලකයන්ගේ දැවැන්ත ‘කොමිස් කුට්ටියක්’ (සුද්දයක්) නිසා බවත් ඔහු චෝදනා කළේය. මෙම පාඩුව ජනතාව මත නොපටවා පැලවත්ත පක්ෂ අරමුදලෙන් පියවා ගත යුතු බවද ඔහු පැවසීය.

කලාශිල්පී සංගීත් විජේසූරිය කියන ‘අද්භූත මුදල් ඇමති’ කවුද?

එමෙන්ම, කලාශිල්පී සංගීත් විජේසූරිය මෙරටට රැගෙන ආ ඩොලර් මිලියන 23ක පරිත්‍යාගය, IMF ගිවිසුම පෙන්වමින් ප්‍රතික්ෂේප කළ බව කියන ‘අද්භූත මුදල් ඇමතිවරයා’ කවුදැයි සෙවීමට වහාම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කරන ලෙස ද උදය ගම්මන්පිල ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

දැනට මුදල් ඇමති ධූරය දරන්නේ ජනාධිපතිවරයාම වන පසුබිමක, වෙනත් පුද්ගලයෙකු මුදල් ඇමති ලෙස හඳුන්වා දීම බරපතල ගැටලුවක් බවද ඔහු කියා සිටියේය.

 විදේශ ආධාර තහනම් කරන කිසිදු කොන්දේසියක් IMF ගිවිසුමේ නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කරන බව කී ඒ ගම්මන්පිල, ආණ්ඩුව තමන්ගේ අසමත්කම් වසාගැනීමට IMF ගිවිසුම පලිහක් කරගන්නා බවත්, මෙවැනි පට්ටපල් බොරු තවමත් රටේ ජනතාවගෙන් 10%ක් විශ්වාස කිරීම කණගාටුවට කරුණක් බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලෝකයේ තෙල් මිල 26%ක් බසිද්දී ලංකාවේ මිල වැඩි කළේ ‘සුද්දය’ හින්දා! - ගම්මන්පිල | The Leader