The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

අල සහ ලූනු අලුත් බද්දට කලින් ටොන් 27ක් ගෙනත්, කෝටි 100ක අයුතු ලාබයක් !

T

The Leader Desk

September 2, 2025 • 8:52 AM

අල සහ ලූනු අලුත් බද්දට කලින් ටොන් 27ක් ගෙනත්, කෝටි 100ක අයුතු ලාබයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.
  • සාමාන්‍යයෙන් මෙරට මාසික ලූනු අවශ්‍යතාව මෙට්‍රක් ටොන් 20,000 ක් පමණය.
  • එම ලූනු නව බද්ද නොගෙවා ආනයනය කර ඇති නමුත් අලෙවි කරන්නේ බදු සහිතව වැඩි මිලට බව වාර්තා වෙයි.
  • මෙයින් ලුනු ආනයනකරුවන් රුපියල් කෝටි 100 කට අධික විශාල ලාබයක් ලබන බව තොග වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.

සාමාන්‍යයෙන් මෙරට මාසික ලූනු අවශ්‍යතාව මෙට්‍රක් ටොන් 20,000 ක් පමණය.

එම ලූනු නව බද්ද නොගෙවා ආනයනය කර ඇති නමුත් අලෙවි කරන්නේ බදු සහිතව වැඩි මිලට බව වාර්තා වෙයි.

මෙයින් ලුනු ආනයනකරුවන් රුපියල් කෝටි 100 කට අධික විශාල ලාබයක් ලබන බව තොග වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කරයි.

අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් කුමාර සිය තනතුරෙන් ඉල්ලා අස්වේ

මේ අතර, ආනයනික ද්‍රව්‍ය සඳහා බදු පැනවීමේ ප්‍රතිපත්තියට පටහැණිව අල සහ ලූනු සඳහා බදු ඉහළ දමන ලෙසට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙත් ලැබුණු නියෝගයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කළ මුදල් අමාත්‍යංශයේ වෙළෙඳ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන‍්තුවේ අධ්‍යක්ෂවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

 

අස්වනු නෙලන කාලයට ආනයනික අල ලූනු සඳහා මුදල් අමාත්‍යවරයා විසින් බදු පැනවීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. එහෙත් එම බදු පැනවීමට කැබිනට් අනුමැතිය ලබාගත යුතු බව අදාළ නීතියේ සඳහන්ය. එසේ වුවද මෙවර බදු පැනවීම සඳහා කැබිනට් අනුමැතියකින් තොරව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර ඇතැයි වාර්තා වෙයි.

 

එම නියෝගය නීතියට පටහැණි බව කියමින් බදු පැනවීමේ ගැසට්ටුව නිකුත් කළ නොහැකි බව වෙළෙඳ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දී තිබේ.

නමුත් අමාත්‍යංශ ලේකම්වරයා කෙසේහෝ මෙම කටයුත්ත සිදු විය යුතු බවට නැවත නියෝග කළ බැවින් එම නීතිවිරෝධී නියෝගය ඉටුකළ නොහැකි බව පවසමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බව වැඩිදුරටත් වාර්තා වේ.

athta 679
සබැඳි පුවතක් :

අල ලූනු බදු අර්බුදයක්: අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි!

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...