'පීඩකයාගේ නොව, පීඩිතයාගේ තැන හිටගන්න – ජීවමාන සාක්ෂිකරුවෙකු වන්න.' එදින ඔබගේ සහභාගීත්වය අපට ගෞරවයක් වනු ඇත.
මෙම අවස්ථාවේ දී විශේෂ දේශනය පවත්වනු ලබන්නේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් (ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති) විසිනි.
ලාල් වික්‍රමතුංග (ලසන්ත වික්‍රමතුංගගේ සහෝදරයා), නීතිඥ අචලා සෙනෙවිරත්න (නාවික කප්පම් නඩුවේ වින්දිත පාර්ශවය වෙනුවෙන්), ජෙනිෆර් වීරසිංහ (කප්පම් සඳහා පැහැරගෙන ගොස් අතුරුදහන් කෙරුණු ඩිලන්ගේ මව), මයුරි ද සිල්වා ( සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් අතුරුදහන් කෙරුණු හරිෂ් මධුෂ්කද සිල්වාගේ බිරිඳ) සහ ෆයාස් ලතීෆ් (ඝාතනය වූ වසීම් තජුඩීන්ගේ මාමා) විශේෂ අදහස් දැක්වීට නියමිත ය.
සභාව මෙහෙය වීම සහ අදහස් දැක්වීම පීටර් ඩී අල්මේදා විසිනි.
මෙම අවස්ථාව සඳහා සහභාගි වන්නැයි කර්තෘ කසුන් පුස්සෙවෙල ආරාධනා කරයි...!





