The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ඖෂධ මාෆියාකාරයන්ගෙන් බිලියන 3ක වන්දි අයකර ගත යුතුව තිබියදී ආණ්ඩුව මුණිවත රකින්නේ ඇයි? සජිත් ප්‍රශ්න කරයි

T

The Leader Desk

September 30, 2025 • 10:29 AM

ඖෂධ මාෆියාකාරයන්ගෙන් බිලියන 3ක වන්දි අයකර ගත යුතුව තිබියදී ආණ්ඩුව මුණිවත රකින්නේ ඇයි? සජිත් ප්‍රශ්න කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රමයේ වෙනසක් ගැන කතා කළ වත්මන් රජය මේ බාල බෙහෙත් ජාවාරම්කරුවන් කළ මේ විනාශය වෙනුවෙන් ඒ අය ගෙවිය යුතු වන්දි ටික අය කර නොගන්නේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් මේ තරම් විශාල මුදලක් එකතු කර ගන්න තිබිය දී රජය එය නොකරන්නේ ඇයි ද කියා සැකයක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
  • දිවයින පුරා ග්‍රාම සේවා වසම් 14,021ක් කුඩා ගම්මාන 50,964ක් ඇතුළු සමස්ත රටම ආවරණය කරමින් සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මොරටුමුල්ලෙන් ආරම්භ විය.
  • විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය බල ප්‍රදේශයේ කටුපොත ගම්මානයේ පැවැති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් සදහා එක්වෙමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

ක්‍රමයේ වෙනසක් ගැන කතා කළ වත්මන් රජය මේ බාල බෙහෙත් ජාවාරම්කරුවන් කළ මේ විනාශය වෙනුවෙන් ඒ අය ගෙවිය යුතු වන්දි ටික අය කර නොගන්නේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් මේ තරම් විශාල මුදලක් එකතු කර ගන්න තිබිය දී රජය එය නොකරන්නේ ඇයි ද කියා සැකයක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය බල ප්‍රදේශයේ කටුපොත ගම්මානයේ පැවැති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් සදහා එක්වෙමිනි.

දුෂ්කර ගම්මානවල ජිවත් වන ජනතාවගේ දුක කදුල වේදනාව කුරුදුවත්තේ, කොල්ලුපිටියේ පාලකයන්ට නොතේරෙන බවත් ඒ අය හොඳින් සුවපහසු ජීවිතයක් ගත කරන්නේ මහපොළොවේ නොව කැටිවළාකුළුවල බවත් මේ ජනතාව වෙනුවෙන් යමක් කරන විට බෙදන් යනවා කියා චෝදනා කරන බවත් අද රටේ ඇති හැකි නැති බැරි පරතරයක් ඇති බවත් පාස්කු ඛේදවාචකය, කොරෝනා කෝවිඩ් වසංගතය සහ බංකොලොත්භාවය නිසා වර්ධනය වී ඇති බවත් දුප්පත්කම ගැන පර්යේෂණ කරන ආයතනවලට අනුව රටේ 50%ක් දුප්පත් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

ආණ්ඩුව පත්වෙලා වසරයි. බුද්ධිමතුන් වෘත්තීය වේදීන් තාමත් රට හැර යනවා

අප රටේ මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන විට ඒවා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ඉංජිනේරුවන් අවශ්‍ය වුවත් රටේ ඉංජිනේරුවරුන් නොමැති බවත් 1520ක් සිටිය යුතු වුවත් අද සිටින්නේ 670ක් බවත් ළගදි අලුතින් ඉංජිනේරුවන් 300ක් බඳවා ගන්නට නියමිත වුවත් මේ ඉංජිනේරුවන් ඇතුළු වෘත්තීයවේදීන් රට අතහැර යන බවත් මේ අයට රට සුබවාදී ආකල්පයක් ඇත් නම් මොවුන් රට අතහැර නොයන බවත් වසරක් වයසැති ජවිපේ ආණ්ඩුව හරිදේ කරනවා කියා හිතනවා නම් මොවුන් රට අතහැර යන්නේ ඇයිද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඉතිහාස විෂය ඉවත් කරන්න දෙන්න බැහැ

රජය සැලසුම් කර ඇති ආකාරයට ඉතිහාස විෂය අනිවාර්ය විෂයන්වලින් ඉවත් කරන බවත් අප රටේ අධ්‍යාපනය නූතනවාදී නවීකරණය විය යුතු වුවත් අපේ රටේ රටේ ඉතිහාසය ගැන නිවැරදි මනා දැනුමක් පුරවැසි පරපුරට ලැබිය යුතු බවත් එය ස්ථිර විෂයක් බවට එමනිසා පත්විය යුතු බවත් මේ තීරණයට විපක්ෂය තරයේ විරුද්ධ බවත් ඉංග්‍රීසි භාෂා දැනුම තොරතුරු තාක්ෂණ දැනුම මෙන්ම ඉතිහාස දැනුම නැති පුරවැසියා සුහුරු පුරවැසියෙක් නොවන බැවින් ඉතිහාස විෂයට ලබා දිය යුතු ප්‍රමුඛතාව ලබා දිය යුතු බවත් ඒ වෙනුවෙන් කළ හැකි උපරිම සටන සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දරුවන් සම්බන්ධයෙන් සම්මත කරන්න යන පනතේ ගැටලු රැසක් පවතිනවා

අලුත් නීති පද්ධතියක් හරහා වැඩිහිටියන් ගුරුවරුන් දරුවන් නිවැරදි මගට ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග තීරණය කිරිමට යන බවත් මේ සම්බන්ධයෙන් විවිදයක් ඇති බවත් ලිබරල් අදහස් දරන අය දරුවන්ට අතතියන්න හොඳ නෑ යැයි පවසන බවත් හිංසනය තලාපෙලා කටයුතු කිරිම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් යැයි පවසන බවත් තවත් සමහරෙක් දරුවන් වැරදි කරන විට නිවැරදි මාර්ගයට ගන්න ක්‍රමයක් ගැන කියන බවත් මෙහි පැතිකඩ දෙකක් ඇති බවත් දඩුවම, වදහිංසාව, අපහාසය හරහා ආත්මගරුත්වය නැති කර දරුවා විනයගරුක කිරීම ගැන ප්‍රශ්න ඇති මුත් දිගින් දිගටම පුනපුනාම දරුවා වැරදි මාර්ගයක යනවා නම් ගුරුවරයාගේ දෙමාපියන්ගේ වගකීම වන්නේ බලා සිටීම නොව පිරිසුදු චේචනාවෙන් කටයුතු කිරීම බවත් මේ ගැන විවාදයක් ඇති නිසා ආණ්ඩුව මේ පනත ගැන ඡන්දයක් නොතිබූ බවත් විපක්ෂ නායකවරයා පැවසිය.

මේ පනතේ දරුවන් ගැන පමණක් නොව දෙමාපිය ගුරුවරුන් ගැනත් සදහන් විය යුතුයි

අනපනත් පනවන විට දරුවාගේ පැත්තෙන් නිවැරදි දේ කළ යුතු බවත් සත්භාවයෙන් ගුරුවරුන් හා දෙමාපියන් කටයුතු කළ යුතු බවත් සත්භාවය කියා දරුවන්ට කෘරත්වය මිලේච්ඡත්වය එල්ල නොකළ යුතු බවත් මේ කරුණු කාරණා ගැන සිතා බලා අපේ යුතුකම වන්නේ දරුවා සුමගට ගෙන ඒම බවත් ශීලාචාර ශිෂ්ටසම්පන්න සුචරිතවාදී රටටම වැඩදායී ඵලදායි දරුවන් බවට ශක්තිමත් කිරීම මේ ක්‍රමවේදයේ අරමුණ විය යුතු බවත් මෙහි දී දරුවාගේ මානව අයිතිය ආරක්ෂා වනවා සේම ගරුවරුන්ට දෙමාපියන් යම්කිසි නිසි ක්‍රමවේදයකට දරුවා නියම ආකාරයට හසුරවන්න හොද නරක පහදා දී සුමගට යැවීමේ කාර්යභාරය ගැන ද මේ නීතිවල සදහන් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

දිවයින පුරා ග්‍රාම සේවා වසම් 14,021ක් කුඩා ගම්මාන 50,964ක් ඇතුළු සමස්ත රටම ආවරණය කරමින් සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මොරටුමුල්ලෙන් ආරම්භ විය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...