2025 මේ මස 30 සහ ඔක්තෝම්බර් 01 වැනිදා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වීමට නියමිතය.
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය, කෘෂිකර්ම ඉඩම් වන සම්පත් සහ මහවැලි සංවර්ධන ඇමැති ලාල්කාන්ත, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නාමල් කරුණාරත්න ඇතුළු දෙස් විදෙස්හි සම්භාවනීය අමුත්තන් රාශියක් මෙම සම්මන්ත්‍රණයට එක්වනු ඇත.
ඒකාබද්ධ ජල කළමනාකරණය පිළිබඳ උගත් පාඩම් තුළින් ආහාර, ජලය සහ දේශගුණික සුරක්ෂිතතාවය සම්මන්ත්‍රණයේ තේමාව වේ. ඊට අමතරව ප්‍රධාන මාතෘකා හතක් යටතේ සම්මන්ත්‍රණය පැවැත්වෙන බව සංවිධායක මණ්ඩලය පවසයි.
දේශගුණ විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව සඳහා දේශගුණ විපර්යාස අනුහුරු වීම සඳහා වන ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතිය හෙවත් වැව්ගම් පුබුදුවෙහි අරමුණ වූයේ වියළි කලාපයේ කුඩා ඉඩම් හිමි ගොවීන්ට, එනම් විශේෂයෙන් කාන්තාවන්ගේ, දේශගුණික වෙනස්වීම්වලට සහ ඉන් ඇතිවන බලපෑම්වලට මුහුණදීමේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමයි.
හරිත දේශගුණික අරමුදලේ (GCF) මූල්‍ය දායකත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDB) තාක්ෂණික සහයෙන් වාරිමාර්ග අමාත්‍යාංශය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදි.
මල්වතුඔය, යාන්ඔය සහ මීඔය යන ගංගා ද්‍රෝණි තුනෙහි වැඩි දියුණු කළ ජල කළමනාකරණය තුළින් ආහාර, ජීවනෝපාය සහ ජල සුරක්ෂිතතාව ඉහළ මට්ටමකට ළඟා කර ගැනීම කෙරෙහි අවධානය යොමුකරන ලදි. මහජනතාවගේ සහභාගිත්වයක් සහිතව ඒකාබද්ධ ප්‍රවේශයක් ඔස්සේ ශ්‍රී ලංකාවේ ජල ශිෂ්ටාචාරයෙහි සුවිශේෂී ලක්ෂණයක් වූ ලෝක කෘෂිකාර්මික උරුමයක් වූ වැව් එල්ලංගා පද්ධති වැඩි දියුණු කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරිණි.
වසර 2017 ආරම්භ කළ ව්‍යාපෘතිය මේ වසරේදී අවසන් කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය මගින් පෙර කී ගංගා තුන ආශ්‍රිතව ජීවත්වන 780200ක ජනතාවට ඍජුවම ප්‍රතිලාභ ලැබෙන අතර වාරිමාර්ග, පානීය ජලය සහ ආපදා අවදානම් කළමනාකරණය සඳහා වන ආයෝජන හරහා දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ධාරිතා වර්ධන සහ පූර්ණ අනතුරු ඇඟවීම් පද්ධති භාවිතයෙන් තවත් 1158000ක ප්‍රජාවකට ප්‍රතිලාභ ලැබී ඇත.
මෙම ව්‍යාපෘතිය තුළින් සාම්ප්‍රදායික ජල පාරිසරික සම්පත් කළමනාකරණ ක්‍රමවේද හා නව්‍යමය තාක්ෂණය භාවිත කොට වඩාත් තිරසර එල්ලංගා පද්ධතියක් සකස් කිරීමට සමත් වී ඇත. එහිදී ස්ත්‍රි පුරුෂ සමාජභාවය කේන්ද්‍ර කොටගෙත් ආරක්ෂිත මානව සම්පතක් නිර්මාණය කිරීම ඒ සඳහා වැඩි වශයෙන් කාන්තාවන් සහ තරුණ තරුණියන් යොමු කර ගැනීම සිදු කොට ඇත.
මේ ඔස්සේ ශ්‍රී ලංකාවේ දුප්පත්කම, ජීවනෝපාය සංවර්ධනය, ඇති නැති පරතරය අඩු කිරීම, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම වැනි දේවල වඩාත් සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇත. ඒ පිළිබඳව සම්මන්ත්‍රණයේදී තවදුරටත් ගැඹුරින් කරුණු විමසා බැලේ.
දේශන, පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීම්, පොස්ටර් සැසි ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකා සම්මන්ත්‍රණයේදී ප්‍රධාන අංගයන් අතර වේ. සංවර්ධන නියෝජිතායතන, හවුල්කරුවන් සහ ශාස්ත්‍රාඥයන් රාශියක් සම්බන්ධ කර ගනිමින් පැවැත්වෙන මෙහිදී තෝරාගත් මාතෘකා පිළිබඳව සමාන්තර විද්වත් සංවාද මණ්ඩප ද පැවැත් වෙනු ඇත.
සම්මන්ත්‍රණයේදී කතිකා කෙරෙන ප්‍රධාන මාතෘකා හත මෙසේය.
දේශීය මට්ටමෙන් දේශගුණික විපර්යාස සඳහා අනුවර්තනය වීම, උගත් අභියෝග සහ පාඩම්, දේශගුණ ස්මාර්ට් කෘෂිකර්මාන්තය - අවස්ථා සහ අභියෝග, දේශගුණ විපර්යාසවලට අනුවර්තනය සඳහා පානීය ජල කළමනාකරණ විසඳුම්, දේශගුණික උපදේශන සහ පූර්ව අනතුරු ඇඟවීම් - මෑතකාලීන නවෝත්පාදනයන්, සාර්ථකත්වයන් සහ ප්‍රාදේශීය මට්ටමෙන් අනුගමනය කිරීමට ඇති සීමාවන්, ග්‍රාමීය වාරිමාර්ග පද්ධති පුනරුත්ථාපනය, වැඩි දියුණු කිරීම සහ නවීකරණය කිරීම, එල්ලංගා මට්ටමෙන් ජලය හා ආශ්‍රිත සම්පත් ඒකාබද්ධ කළමනාකරණය, ප්‍රතිපත්තිමය, මූල්‍ය, ආයතනික සහ නීතිමය ගැටලු - අවස්ථා සහ සීමාවන්
(සටහන | ජේ. මුණසිංහ)




