The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

මහින්ද මෛත්‍රි ගෝඨා රුපියල් කෝටි 300ක බාල තෙල් ජාවාරමක් හංගලා ! - සිළුමිණ

T

The Leader Desk

September 13, 2025 • 4:26 AM

 මහින්ද මෛත්‍රි ගෝඨා රුපියල් කෝටි 300ක බාල තෙල් ජාවාරමක් හංගලා ! - සිළුමිණ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ බාල තෙල් මිල දී ගැනීමට එරෙහිව වරාය අධිකාරිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර තිබෙන්නේ සිදු වීමෙන් වසර දහයක්ද ඉක්ම ගොස් තිබියදී, පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේදී බවද කෝප් කමිටුවේදී තහවුරු විය.
  • ඒ අනුව මෙම පැමිණිල්ල කර තිබෙන්නේ 2024 අගෝස්තු මාසයේදීය.
  • මේ තෙල් මිල දී ගැනීම සඳහා අදාළ සමාගමට මුදල් සපයාගෙන තිබෙන්නේ වරාය අධිකාරියේ සංස්ථාපිත ඇපකරයකට පෞද්ගලික බැංකුවක් මගින් ලබා දුන් ණය මුදලකින් බවටද එහිදී කරුණු ඉදිරිපත් විය.
  • ඉදිරිපත් වූ තොරතුරු අනුව අදාළ සමාගම එම ණය මුදලෙන් ඩොලර් මිලියන 18.4ක් මෙතෙක් ගෙවා නැත.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ බාල තෙල් මිල දී ගැනීමට එරෙහිව වරාය අධිකාරිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර තිබෙන්නේ සිදු වීමෙන් වසර දහයක්ද ඉක්ම ගොස් තිබියදී, පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේදී බවද කෝප් කමිටුවේදී තහවුරු විය.

ඒ අනුව මෙම පැමිණිල්ල කර තිබෙන්නේ 2024 අගෝස්තු මාසයේදීය.

මේ තෙල් මිල දී ගැනීම සඳහා අදාළ සමාගමට මුදල් සපයාගෙන තිබෙන්නේ වරාය අධිකාරියේ සංස්ථාපිත ඇපකරයකට පෞද්ගලික බැංකුවක් මගින් ලබා දුන් ණය මුදලකින් බවටද එහිදී කරුණු ඉදිරිපත් විය.

ඉදිරිපත් වූ තොරතුරු අනුව අදාළ සමාගම එම ණය මුදලෙන් ඩොලර් මිලියන 18.4ක් මෙතෙක් ගෙවා නැත. ඒ සම්බන්ධයෙන් අදාළ බැංකුව මාගම්පුර වරාය කළමනාකරණ සමාගමට සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියට එරෙහිව 2019 දී නඩු පවරා ඇති බවද කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර පැවසීය.

එලෙස මාගම්පුර වරාය කළමනාකරණ සමාගම ගත් ණය මුදල ද නොගෙවා තිබියදී ඒ පිළිබඳ නොසලකා හරිමින් 2022 ජූනි 1 දින සමාගම ඈවර කිරීම සඳහා ඈවරකරුවකුද පත් කර ඇති බව කෝප් කමිටුවේදී හෙළි විය.

කෝප් කමිටුවේදී ඉදිරිපත් වූ තොරතුරු අනුව මෙම සමාගම 2013 ජූලි 5 දින ස්ථාපිත කර ඇත්තේ හම්බන්තොට වරාය කළමනාකරණ කටයුතු භාරව වන අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලබාගත් බලපත්‍රයක් මඟින් හම්බන්තොට වරායේ ඉන්ධන සැපයුම්කරුවකු ලෙස මෙහෙයුම් ආරම්භ කර ඇත.

මේ බාල තෙල් මිල දී ගැනීම් සිදු කර තිබෙන්නේ එම බලපත්‍රය භාවිත කරමිනි.


(silumina | මුදිතා දයානන්ද)


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මහින්ද මෛත්‍රි ගෝඨා රුපියල් කෝටි 300ක බාල තෙල් ජාවාරමක් හංගලා ! - සිළුමිණ | The Leader