The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

පළමු ප්‍රහාරය සැලසුම් කර තිබෙන්නේ අගෝස්තු 31 - සුජිත් කුරුවිට

T

The Leader Desk

September 5, 2025 • 5:07 PM

පළමු ප්‍රහාරය සැලසුම් කර තිබෙන්නේ අගෝස්තු 31 - සුජිත් කුරුවිට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට පැවසී ය.
  • අපිට ආරංචි විදිහට මේගොල්ලො 31 වෙනිදත් මෙවැනි ප්‍රහාරයකට සූදානමින් ඉඳලා එදා කාර්‍යාලයේ වැඩි පිරිසක් රැඳී හිටපු නිසා පසුව ඒ සැලසුම හකුළගෙන තියනවා.
  • ඊට අමතරව අශෝක රංවල, මහින්ද ජයසිංහ, ස්ටෙෆනි ෆ්‍රනෑන්ඩෝ ඇතුළු ජවිපේ දේශපානලන ක්‍රියාකාරීන් විශාල ප්‍රමාණයක් මැර කණ්ඩායම් එක්ක ආවා.
  • මේ දෙන්න 71 ඉඳලා ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් කැපවුණු සහෝදරවරු දෙන්නෙක්.
අකුරු ප්‍රමාණය (Font Size):

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ සැප්තැම්බර් 02වන දා පෙරටුගාමී සමාජවාදී පක්ෂ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන කාර්‍යාලයට ආණ්ඩුවේ මැර පිරිසක් මැර ප්‍රහාරයක් එල්ල කරමින් එම කාර්‍යාලය බලහත්කාරයෙන් අත්පත් කරගත් අවස්ථාවේ කාර්‍යාලයේ රැඳී සිටි පිරිස අද (05 ) නුගේගොඩදී  පැවැත්වූ විශේෂ මාධ්‍යය හමුවට සහභාගි වෙමිනි.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ සුජිත් කුරුවිට...

ව්‍යර්ථ වූ පළමු සැලසුම

''යක්කල සිදුවීම ආන්දෝලනාත්මක සිද්ධියක් විදිහට මේ දවස්වල දේශපානලන වේදිකාවේ සාකාච්ඡා වෙනවා. මේ සිදුවීම වෙන්න පෙර අපි බොහොම සාමකාමීව යක්කල කාර්‍යාලයේ රැඳී සිටියා. අපිට ආරංචි විදිහට මේගොල්ලො 31 වෙනිදත් මෙවැනි ප්‍රහාරයකට සූදානමින් ඉඳලා එදා කාර්‍යාලයේ වැඩි පිරිසක් රැඳී හිටපු නිසා පසුව ඒ සැලසුම හකුළගෙන තියනවා.

ඊටපස්සෙ තමයි ජවිපෙ තීරණය කරළ තියෙන්නේ වැඩි පිරිසක් කාර්‍යාලයේ නැති දවසක පහරදීලා කාර්‍යාලයේ හිටපු අයව කොහෙට හරි ගෙනිහින් දාලා මේ කටයුත්ත  අවසන් කරන්න. නමුත් ඔවුන්ගේ ඒ සැලැස්ම ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න වුණේ නෑ ඒ මොහොතේ කාර්‍යාලයේ හිටපු අපි ඔවුන්ට යටත් වුණේ නැති නිසා.

ගුරුවරයකුගේ විකෘති මානසිකත්වය

මේ ප්‍රහාරය මෙහෙයවන්න මැදිහත් වුණේ චන්දික අධිකාරී කියන පුද්ගලයා. ඔහු තමයි ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකයා විදිහට කටයුතු කරන්නේ. ඊට අමතරව අශෝක රංවල, මහින්ද ජයසිංහ, ස්ටෙෆනි ෆ්‍රනෑන්ඩෝ ඇතුළු ජවිපේ දේශපානලන ක්‍රියාකාරීන් විශාල ප්‍රමාණයක් මැර කණ්ඩායම් එක්ක ආවා. අපි එක්ක ඒ මොහොතේ කාර්‍යාලයේ හිටිය ඉන්ද්‍රාණි සහෝදරියයි වින්සන් අප්පුහාමි සහෝදරයයි බොහොම වයෝවෘද්ධ අසනීපවලට ප්‍රතිකාර ලබාගන්න අය.

මේ දෙන්න 71 ඉඳලා ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් කැපවුණු සහෝදරවරු දෙන්නෙක්. නමුත් ඒ කිසිවක් නොසලකා ඉතාම මෙලෙච්ඡ විදිහට තමයි ඔවුන්ට සලකුවේ. අපි එක්ක ඒ වෙලාවේ උසස්පෙළ සඳහා පාඩම් කරන ශිෂ්‍යයන් දෙදෙනෙක් හිටියා. ඔවුන්ටත් මෙලෙච්ඡ විදිහට පහර දුන්නා. පාඩම් කරන පොත්පත් පවා ගන්න දුන්නේ නෑ.

ඒ මොහොතේ ඒ සිදුවීම අපි වීඩියෝ කරන්න උත්සහා කළා. නමුත් ඒ වීඩියෝ පවා අපිට පහරදීලා බලහත්කාරයෙන් මැකුවා. ඒකට සම්පූර්ණ මැදිහත් වුණේ මහින්ද ජයසිංහ. අපිට හිතාගන්න බැහැ ගුරුවරයෙක් මෙහෙම විකෘති මානසිකත්වයෙන් හැසිරුණේ කොහොමද කියලා.

විරුද්ධවාදීන්ට සලකන ක්‍රමය

අපි ඒ ප්‍රදේශයේ මිනිස්සු එක්ක හිටියේ බොහොම සුහඳශීලීව. අපේ කාර්‍යාලේ පුස්තකාලෙන් පොත් ගන්න ගමේ ළමයි ආවා. අපේ කාර්‍යාලෙට අල්ලපු ඉඩමේ අයිතිකරුවන් අපිට දිලා තිබුණේ වගා කටයුතු කරගන්න. ඒ අස්වැන්න පවා අපි තනියම භුක්ති වින්දෙ නෑ. අවට අය එක්ක ඒවා බෙදාගත්තා. අපේ කාර්‍යාලේ ඉඩම මැදින් ගමේ මිනිස්සු එහා මෙහා ගියා. එහෙම තැනකට තමයි ආණ්ඩුව මේ මැර ප්‍රහාරය එල්ල කළේ.

ආණ්ඩුවට ඇත්තට ම මේ කාර්‍යාලයෙන් ඇති වැඩක් නෑ. ඇත්තටම මේකෙන් ඔවුන් අපිට දෙන්නේ පණිවුඩයක්. ඒ පණිවුඩය තමයි උඹලා අපිට විරුද්ධ වෙන්න එපා එහෙම විරුද්ධ වුණොත් මෙහෙම තමයි අපි උඹලව මර්දනය කරන්නේ කියන පණිවුඩය තමයි මේ දුන්නේ.  අධිකරණ බලතල පොලිස් බලතල මේ සියල්ල දැන් ටිල්වින් සිල්වා භාවිතා කරන්න පටන් අරගෙන. ජනතා විමුක්ති පෙරමුණ මේ පාරේ නම් ඉස්සරහට යන්නේ ඒක ඉතාම බරපතළ තත්වයක්.

තීන්දුව ගත්තේ ජවිපෙ මධ්‍යම කාරක සභාව

අපි දන්නවා ඡන්දෙ දීපු ජනතාවගේ අභිලාෂයන්ට විරුද්ධව තමයි ආණ්ඩුව මේ වෙද්දි ක්‍රියාත්මක වෙමින් ඉන්නේ. IMF එකේ විනාශකාරී ආර්ථික කොන්දේසි ඉටු කරන්න, ඉන්දියාවට ලංකාවේ ඉඩම් ටික දෙන්න රාජ්‍ය ආයතන කොටස්කරලා විකුණන්න මේවා තමයි රජයේ අරමුණු වෙලා තියෙන්නේ. ඒවා ක්‍රියාත්මක කරන්න බැහැ ජනතාවගේ විරෝධය එක්ක. අන්න ඒ මහජන විරෝධය මේගොල්ලො යටපත් කරන්න උත්සහ කරන්නේ මර්දනය සහ මැර බලය පාවිච්චි කරල. නමුත් අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට රටේ ජනතාව එක්ක මේ මර්දනයට විරුද්ධව අනිවාරෙන් සටන් කරනවා. මොකද දේශපානලනය කිරීමේ අයිතිය අපි හැමෝටම තියනවා.

ආණ්ඩුවේ මැර තර්ජනවලට බය වෙලා මේ විනාශකාරී ප්‍රතිපත්ති දිහා ඇස් කන් පියාගෙන බලාගෙන ඉන්න අපි සූදානම් නෑ. මොකද මේ ප්‍රහාරයට අදාළ තීන්දුව පැහැදිලිව ගත්තේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව. ඒ මධ්‍යම කාරක සභාවෙ ටිල්වින් සිල්වා, අනුර දිසානායක, විජිත හේරත්, බිමල් රත්නායක වාඩි වෙනවා. මේ මධ්‍යම කාරක සභාව තමයි රටේ අනාගතය ගැන දේශපානලන තීන්දු ගන්නෙත්. අන්න ඒ නිසා තමයි අපි ජනතාවට කියන්නේ මේ නින්දිත හැසිරීමට එරෙහිව එකතුවෙමු කියලා."

(සටහන - ජයසිරි අලවත්ත)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...