පසුගිය දා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්සගේ ප්රධානත්වයෙන් ජනමාධ්ය අමාත්යංශයේ දී සිදුකෙරිණ.
මෙහිදී සම්මානලාභී ලේඛකයකු, විචාරකයකු සහ මාධ්යවේදියකු වන ප්රියාන් ආර් විජේබණ්ඩාර ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස පත්විම ලද අතර ආචාර්ය අනුෂ්කා කහඳගමගේ, ශ්රේෂ්ඨාධිකරණ නීතිඥ, මාධ්යවේදිනි මහීෂා මුදුගමුව සහ මාධ්යවේදී දේවදාසන් සෙන්දිල්වේලවර් යන අය ද අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස පත්වීම් ලැබූහ.
ප්රියාන් ආර් විජේබණ්ඩාර
ශ්රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපතිධූරයට පත් ප්රියාන් ආර් විජේබණ්ඩාර කැලණිය විශ්වවිද්යාලයේ දේශපාලන විද්යා අධ්යයන අංශයේ විශේෂවේදී උපාධිධරයෙකු වන අතර, කොළඹ විශ්වවිද්යාලයෙන් ජනමාධ්ය අධ්යයනයට අදාළව ශාස්ත්රපති උපාධිය ලබා ඇත. කොළඹ විශ්වවිද්යාලයේ ඉංග්රීසි උසස් ඩිප්ලෝමාව ද (Diploma In Advanced English For Administration And Academic Purposes (DAE) හදාරා ඇති අතර, ජාතික චිත්රපට සංස්ථාවේ සිනමාකරණය පිළිබඳ ඩිප්ලෝමාව හදරමින් සිටියි. හෙතෙම: කොළඹ, සබරගමුව සහ පේරදෙණිය යන විශ්වවිද්යාලවල බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද කටයුතු කරයි. ලෝක බැංකු ආධාර යටතේ ක්රියාත්මක වූ ව්යාපෘති කිහිපයක සන්නිවේදන විශේෂඥවරයෙකු සහ පර්යේෂකයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු වසර 25 කට ආසන්න කාලයක් මුද්රිත සහ නව මාධ්ය ක්ෂේත්රයේ අත්දැකීම් ඇත්තෙකි.
අනුෂ්කා කහඳගමගේ
අධ්යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙස පත්වීම් ලැබූ ආචාර්ය අනුෂ්කා කහඳගමගේ සමාජ විද්යාඥවරියක වන අතර, ඔටාගෝ විශ්වවිද්යාලයේ සමාජයීය විද්යා අධ්යයන අංශයෙන් තම ආචාර්ය උපාධිය සම්පූර්ණ කර ඇත. එමෙන්ම ඇය නවදිල්ලියෙහි දකුණු ආසියානු විශ්වවිද්යාලයෙන් සමාජ විද්යාව පිළිබඳ දර්ශන ශුරී උපාධියක් සහ කොළඹ විශ්වවිද්යාලයෙන් සමාජ විද්යාව පිළිබඳ ශාස්ත්රපති උපාධියක් ලබාගෙන ඇත. ඇය: ශ්රී ලංකාවේ සංහිඳියා යාන්ත්රණ පිළිබඳ උපදේශන කාර්ය සාධක බලකාය, නීතිය සහ සමාජ භාරය, සහ කාන්තා අධ්යයන සඳහා වූ මධ්යස්ථානයේ පර්යේෂකවරියක් ලෙස ද, ශ්රී ලංකා පදනම් ආයතනයේ සහ විවෘත විශ්වවිද්යාලයේ බාහිර කථිකාචාර්යවරියක් ලෙස ද සේවය කර ඇත.
මහීෂා මුදුගමුව
මාධ්ය ක්ෂේත්රය තුළ දශකයට වැඩි අත්දැකීම් ඇති ශ්රේෂ්ඨාධිකරණයේ නීතිඥ මහීෂා මුදුගමුව වර්තමානයේ The Sunday Morning පුවත්පතේ ප්රවෘත්ති කර්තෘවරිය ලෙස කටයුතු කරන්නී ය. ගවේෂණාත්මක මාධ්යකරණය පිළිබඳව මෙන් ම ප්රවෘත්ති වාර්තාකරණය පිළිබදව ද අධීක්ෂණය කරනු ලබයි. මීට පෙර The Island පුවත්පතේ මාධ්යවේදිනියක් ලෙස ද කටයුතු කර ඇත. 2024 දී නීතිඥ මහීෂා මුදුගමුව මාධ්යවේදීන් සදහා වූ ඇමරිකා එක්සත් ජනපදයේ International Visitor Leadership Program (IVLP) on the Edward R. Murrow Program for Journalists: Research and Investigation වැඩසටහනට ශ්රී ලංකාවෙන් නම් කෙරුණි. ඇය: ශ්රී ලංකාව, ඉන්දියාව, සිංගප්පූරුව, තායිලන්තය සහ ජපානය යන රටවල පුහුණු වැඩසටහන් සඳහා ද සහභාගී වී ඇත. තව ද ඇයගේ ජාත්යන්තර අත්දැකීම් අතරට: ජපානයේ යොකොහාමා නගර මාධ්යවේදී සහයෝගිතා වැඩසටහන (ADB, ජපානය, 2017) සහ ආසියානු මාධ්යවේදීයින් සඳහා වූ විදේශ මාධ්ය මධ්යස්ථානයේ (FPCJ) ශිෂ්යත්වය (2015) සඳහා ශ්රී ලංකාව නියෝජනය කිරීම ද ඇතුළත් වේ. මෙම ශිෂ්යත්ව ඇයට ගෝලීය පාලනය සහ ආපදා කළමනාකරණය පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දුන්නේ ය. එසේම ඇය බණ්ඩාරනායක ජාත්යන්තර අධ්යයන මධ්යස්ථානයෙන් (BCIS) ජාත්යන්තර සබඳතා පිළිබඳ ඩිප්ලෝමාව ලබා ඇත.
දේවදාසන් සෙන්දිල්වේලවර්
මාධ්ය ක්ෂේත්රයේ දශක තුනකට වැඩි අත්දැකීම් ඇති දේවදාසන් සෙන්දිල්වේලවර් ලේක්හවුස් හි තිනකරන් දිනපතා සහ තිනකරන් වරමන්ජරි සතිපතා පුවත්පත්වල ප්රධාන කර්තෘ ලෙස කටයුතු කරයි. පේරාදෙණිය විශ්ව විද්යාලයේ ශාස්ත්ර පීඨයෙන් බාහිර උපාධිය හැදෑරූ ඔහු ඇමරිකාව, ජර්මනිය, හොංකොං, ඉන්දියාව සහ මැලේසියාව යන රටවල පත්රකලාවේදය පිළිබඳ පුහුණුව ලබා ඇත. ඔහු සමස්ත ලංකා දෙමළ මාධ්යවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇතඅ; හෙතෙමලේඛකයකු සහ පරිවර්තකයෙකි.
(සටහන | දීප්ති විජේතුංග)




