The Leader News
BREAKING
සාෆ් කුසලාන පාපන්දු: ශ්‍රී ලංකා - භූතාන තරගය ගෝල 2 -2කින් සමව අවසන් වෙයි●පුනරුද පොරොන්දුව සහ කොළඹ කානු: සජිත්ගෙන් ප්‍රශ්න කිරීමක්●අපනයනකරුවන්ට බදු සහන: බිම් මට්ටමේ ගැටලුවලට උත්තර කෝ?●වසර 33ක බලාපොරොත්තුව: ඩිජිටල් වෙළෙඳ දොරටුව විවෘත වෙයි●මිලියන 104ක සංචාරක අනුග්‍රහයේ විනිවිදභාවය ගැන ප්‍රශ්නයක්●කොළඹ ජලයෙන් යටවීම: වැස්සට එහා ගිය නඩත්තු අර්බුදයක්●ඉන්ධන සහන පිටුපස බදු බර: නාමල්ගෙන් ප්‍රශ්නාවලියක්●පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර භාවිතයට නොගෙන කාමර තුළ●මැදිවාර තීන්දුවෙන් ධන බලය පරදා ජන බලය නැගිටියි | ඉම්තියාස් බාකීර් මාකාර්●සජිත්ගේ දේශපාලන සතිය | ආණ්ඩුවට නොතේරෙන ප්‍රජාතන්ත්‍රවාදය●
Top Ad
පුවත්

මම කිසිදු පක්ෂයකට සහයෝගය දක්වන්නේ නැහැ - චන්ද්‍රිකා කුමාරතුංග

T

The Leader Desk

April 28, 2025 • 5:40 AM

මම කිසිදු පක්ෂයකට සහයෝගය දක්වන්නේ නැහැ - චන්ද්‍රිකා කුමාරතුංග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් වන අන්දමට 2022 “ජනතා අරගලයේ” සැබෑ පණිවිඩය වටහා ගැනීමට මෙරට පක්ෂ-විපක්ෂ බහුතරයක් සමත් වී නොමැත.
  • මෙරට සමස්ත රාජ්‍ය තන්ත්‍රය ම වසාගෙන සිටි දූෂණය සහ භීෂණය වෙනුවට “අරගලය” හරහා මෙරට සමස්ත පුරවැසියා ඉල්ලා සිටියේ අදූෂිත, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් සඳහා වන රැඩිකල් ක්‍රම වෙනසක් යැයි ඇය සඳහන් කරන්නී ය.
  • නමුදු එම බලවත් ජනතා අපේක්ෂාවන් වටහාගෙන, ඒ අනුව ක්‍රියාකරනු වෙනුවට ජනතාව ප්‍රතික්‍ෂේප කරන ලද දේශපාලඥයින් ම යළිත් වරක් විවිධාකාරයට මෙවර මැතිවරණයට ඉදිරිපත් වී ඇති බව ඇය අවධාරණය කරන්නී ය.
  • එබැවින් එය අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම අවංක ජනතා අපේක්‍ෂාවන්ට සිදු කරන නිග්‍රහයක් බව ඇගේ හැඟීම යැයි ඇය සදහන් කරන්නි ය.
අකුරු ප්‍රමාණය (Font Size):


හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් වන අන්දමට 2022 “ජනතා අරගලයේ” සැබෑ පණිවිඩය වටහා ගැනීමට මෙරට පක්ෂ-විපක්ෂ බහුතරයක් සමත් වී නොමැත.

මෙරට සමස්ත රාජ්‍ය තන්ත්‍රය ම වසාගෙන සිටි දූෂණය සහ භීෂණය වෙනුවට “අරගලය” හරහා මෙරට සමස්ත පුරවැසියා ඉල්ලා සිටියේ අදූෂිත, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් සඳහා වන රැඩිකල් ක්‍රම වෙනසක් යැයි ඇය සඳහන් කරන්නී ය.

නමුදු එම බලවත් ජනතා අපේක්ෂාවන් වටහාගෙන, ඒ අනුව ක්‍රියාකරනු වෙනුවට ජනතාව ප්‍රතික්‍ෂේප කරන ලද දේශපාලඥයින් ම යළිත් වරක් විවිධාකාරයට මෙවර මැතිවරණයට ඉදිරිපත් වී ඇති බව ඇය අවධාරණය කරන්නී ය.

එබැවින් එය අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම අවංක ජනතා අපේක්‍ෂාවන්ට සිදු කරන නිග්‍රහයක් බව ඇගේ හැඟීම යැයි ඇය සදහන් කරන්නි ය.

මතු පළ වන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම සම්පුර්ණ නිවේදනය යි.

මාධ්‍ය නිවේදනයයි

2024 වසරේ පැවති මැතිවරණ දෙකෙහිදී මෙන් ම මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ද, මම කිසිදු දේශපාලන පක්ෂයකට සහයෝගය නොදක්වන බව අවධාරණය කරමි.

2022 “ජනතා අරගලයේ” සැබෑ පණිවිඩය වටහා ගැනීමට මෙරට පක්ෂ-විපක්ෂ බහුතරයක් සමත් වී නොමැත. මෙරට සමස්ත රාජ්‍ය තන්ත්‍රය ම වසාගෙන සිටි දූෂණය සහ භීෂණය වෙනුවට “අරගලය” හරහා මෙරට සමස්ත පුරවැසියා ඉල්ලා සිටියේ අදූෂිත, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් සඳහා වන රැඩිකල් ක්‍රම වෙනසකි. එම බලවත් ජනතා අපේක්ෂාවන් වටහාගෙන, ඒ අනුව ක්‍රියාකරනු වෙනුවට ජනතාව ප්‍රතික්‍ෂේප කරන ලද දේශපාලඥයින් ම යළිත් වරක් විවිධාකාරයට මෙවර මැතිවරණයට ඉදිරිපත් වී ඇත. එය අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම අවංක ජනතා අපේක්‍ෂාවන්ට සිදු කරන නිග්‍රහයක් බව මාගේ හැඟීමයි.

මෙම පළාත් පාලන මැතිවරණය සඳහා අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සහ තවත් සමහර පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් වන ඇතැම් අපේක්‍ෂකයින් ඔවුන්ට මාගේ සහයෝගය ලැබෙන බවට ව්‍යාජ ප්‍රකාශ කරන බවට දැනගන්නට ලැබී ඇත. අත්තනගල්ල, ගම්පහ ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක අපේක්‍ෂකයින් ස්වල්ප දෙනෙකුට හැර මාගේ සහයෝගය පොදුවේ වෙනත් කිසිදු පාර්ශ්වයකට ලබා නොදෙන බව අවධාරණය කරමි. ඒ සහයෝගය ලබා දෙන්නේ ද අවංක, ආචාරධාර්මික, ජනතා හිතෛශී දේශපාලඥයින් කිහිප දෙනෙකුට පමණි.

අපි අපේක්‍ෂා කරන රැඩිකල් ක්‍රම වෙනස වෙනුවෙන් අධ්‍යාපනික, සමාජීය, සංස්කෘතික විවිධ ව්‍යාපෘති හරහා මාගේ දායකත්වය හැකි උපරිමයෙන් ලබා දෙමි.

මෙවර මැතිවරණයේ දී දූෂණයෙන් සහ භීෂණයෙන් තොර මට පෙර රට ගැන සිතන වැදගත් පිරිසක් වෙනුවෙන් ඔබගේ ඡන්දය ලබා දෙන ලෙස මම ඉතා ඕනෑකමින් මෙරට පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමි.

( චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...