The Leader News
BREAKING
Top Ad
පුවත්

හතලිස් එක වසරකට ඉහතදී මරා දැමු දෙමල 32ක් සැමරේ

T

The Leader Desk

December 5, 2025 • 3:39 AM

හතලිස් එක වසරකට ඉහතදී මරා දැමු දෙමල 32ක් සැමරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිරායුධ දෙමළ වැසියන් 32 ක් මුලතිව් ඔදියමලෙයි ග්‍රාමීය සංවර්ධන ශාලාවට කැඳවා රජයේ යුද හමුදාව විසින් වෙඩි තබා ඝාතනය කර ඇත්තේ 1984 දෙසැම්බර් 02 දිනයි.
  • ඝාතන භූමියට මුහුණලා ඉදිකර තිබෙන මරා දමනු ලැබුවන්ගේ ස්මාරකවලට ඔවුන්ගේ පවුලේ ඥාතීන් 2025 දෙසැම්බර් 2 අගහරුවාදා මලින් පහනින් හා සුවඳ දුමින් උපහාර දක්වා තිබේ.
  • මළවුන් සිහි කරමින් ග්‍රාමයේ පිහිටා තිබෙන ගනදෙවි කෝවිලේ පුජාවක් පැවැත්වීමටත් ඔවුන් ක්‍රියා කළ බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.
  • ඝාතන මාලාවක් ඔදියමලෙයි ජන සංහාරය 1984 දෙසැම්බර් මුල සිට දෙසතියක් තුල මුලතිව්-ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක මායිමේ පිහිටි දෙමළ ගම්මාන කිහිපයක් ගොදුරු කරගත් ඝාතන මාලාවකින් එකකි.
අකුරු ප්‍රමාණය (Font Size):


නිරායුධ දෙමළ වැසියන් 32 ක් මුලතිව් ඔදියමලෙයි ග්‍රාමීය සංවර්ධන ශාලාවට කැඳවා රජයේ යුද හමුදාව විසින්  වෙඩි තබා ඝාතනය කර ඇත්තේ 1984 දෙසැම්බර් 02 දිනයි.

ඝාතන භූමියට මුහුණලා ඉදිකර තිබෙන මරා දමනු ලැබුවන්ගේ  ස්මාරකවලට ඔවුන්ගේ පවුලේ ඥාතීන් 2025 දෙසැම්බර් 2 අගහරුවාදා  මලින් පහනින් හා සුවඳ දුමින් උපහාර දක්වා තිබේ.

මළවුන් සිහි කරමින් ග්‍රාමයේ පිහිටා තිබෙන ගනදෙවි කෝවිලේ පුජාවක් පැවැත්වීමටත් ඔවුන් ක්‍රියා කළ බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

 

1000840718

අනුස්මරණය සදහා වන්නි දිස්ත්‍රික් ඉලංකෙයි තමිල් අරසු කච්චි මන්ත්‍රී (ITAK) තුරෙයිරාසා රවිහරන් ද එක්ව තිබේ.

ඝාතන මාලාවක්

ඔදියමලෙයි ජන සංහාරය 1984 දෙසැම්බර් මුල සිට දෙසතියක් තුල මුලතිව්-ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක මායිමේ පිහිටි දෙමළ ගම්මාන කිහිපයක් ගොදුරු කරගත් ඝාතන මාලාවකින් එකකි.

කෝකිලායි, තෙන්නමරවාඩි, අමරවයල්, කොක්කුතුඩුවායි, අලම්පිල්, නයාරු, කුමුලමුනෙයි සහ මනලාරු ප්‍රහාරයට ලක්වූ අනික් දෙමළ ගම්මානයි.

මේ ජනඝාතන වල අරමුණ වූයේ සිංහල ජනාවාසකරණය බව එවක පාර්ලිමේන්තුවේ සිටි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

තම මුල් ගම්බ්ම් අත්හැර යාමට බල කෙරුනු දෙමළ වැසියන් ආපසු පදිංචි කරවීමට හෝ සිදුවූ ඝාතන හා දේපල හානිය සම්බන්ධයෙන් දශක හතරක් ගතවීත් යුක්තිය ඉටුවී නැති බව ඔදියමලෙයි අනුස්මරණය ට සහභාගි වූ ප්‍රජා නායකයෝ අවධාරණය කර තිබේ.

මේ සමූහ ඝාතන සමයේ ප්‍රදේශයේ සේනාංකාධිපති ලෙස අණ දුන්නේ පසුව මේජර් ජනරාල් පදවි ලද බ්‍රිගේඩියර් ජානක පෙරේරාය.

ප්‍රහාරයෙන් පසුව පිහිටුවන ලද එක් සිංහල ජනාවාසයක නම ජානකපුරයි.

උතුරු මැද මහ ඇමැති ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් 2008 ඔක්තෝබරයේ පළාත් සභා මැතිවරණයේ තරග වැදුණු මේජර් ජනරාල් ජානක පෙරේරා අනුරාධපුර පැවැති එක්සත් ජාතික පක්ෂ මැතිවරණ රැළියකදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මරුමුවට පත්විය. 

 tamil people 12

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...